- පානදුර මුහුදේ දිය නෑමට ගිය තරුණයින් 13 දෙනෙකු සැඩ පහරට හසු වෙයි
- ඉන්දීය අගමැති නිල සංචාරයක් සදහා ඇමෙරිකාවට
- පෙබරවාරි මාසයට නියමිත අස් වැසුම දීමනා හෙට
- නීති විරෝධී මත් පැන් නිශ්පාදනය සිදු කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
- ජනපති ලෝක රාජ්‍ය සමුළුව අමතයි
- දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්‍රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
Author: VNews
දුරුතු පුර පසළොස්වක පොහොය අදයි. බුද්ධ ශාසනයේ සුවිශේෂ සිදුවීම් රැසක් අද වැනි පොහොය දිනෙක සිදුව තිබෙනවා. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වන්නේ ද දුරුතු පුර පසලොස්වක පොහෝ දිනයේදීයි. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් අතර පැවති ගැටුම සමනය කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා. එමෙන්ම බුදුන් වහන්සේ තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දහම් මඟට හරවා ගැනීම දුරුතු පුර පසළොස්වක පොහොය දින සිදු වූ තවත් විශේෂ සිදුවීමකි. එමෙන්ම බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම ආරාම පූජාව වන බිමිබිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේ ද අද වැනි දුරුතු පුර පසළොස්වක පොහොය දිනේකයි.…
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් අවශ්‍ය වාර්තා කඩිනමින් ගෙන්වාගෙන විමර්ශන සිදුකරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කලා. ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය ව්‍යාජ බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසත් ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් පැමිණිල්ලක් ඉසිරිපත් කර තිබුනා. එම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා එම නියෝගය නිකුත් කර තිබෙනවා. අදාළ තානාපති කාර්යාල වාර්තාව ලැබීමෙන් පසුව එම නඩුවට අදාළ නියෝග නිකුත් කිරීමට අධිකරණයට පහසු වන බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ. එතෙක් අදාළ තැනැත්තිය අත්අඩංගුවට ගෙන අධිකරණයට…
දෙමළ ජනතාව මුහුණ දෙන ගැටළු සඳහා විසඳුම් ලබාදීමට කඩිනමින් පියවර ගත යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් .සම්බනධන් මහතා ප්‍රකාශ කර තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පවතී සාකච්චාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්. අදාළ ගැටළු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ රජය සමඟ සාකච්ඡා කර කඩිනමින් විසඳුමකට පැමිණිමට බලාපොරොත්තු වන බවයි මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ.
X’B’B’නමැති කොවිඩ් උපප්‍රභේදය ඊසානදිග ඇමරිකාවේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරින් පවසන්නේ, මෙම උපප්‍රභේදය දැනට අනාවරණය කරගෙන ඇති වඩාත් ම සම්ප්‍රේෂණය කළ හැකි එකක් බව යි. කෙසේ වෙතත් මෙම උපප්‍රභේදයේ ස්වභාවය හා බරපතළකම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයට තවමත් දත්ත නොමැති බව ද සඳහන්.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ ද සම්පූර්ණ කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ අද සිට ලබන 23වනදා මධ්‍යම රාත්‍රී 12ට පෙර එම අයදුම්පත් භාර ගන්නා බවයි. එම දිනය නැවත කිසිසේත් දීර්ඝ නොකරන බවද ඔහු පැවසුවා. ඡන්දය දීමට ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේදී ඒ සඳහා වූ තොරතුරු ඔවුන් විසින් 2022 පළාත් පාලන ආයතන ඡන්දය හිමි නාමලේඛනයෙන් නිවැරදිව ලබා ගත යුතු වනවා. සහතික කිරීමේ නිලධාරීන් විසින් තැපැල් ඡන්ද අයදුම්පත් පෞද්ගලිකව පරීක්ෂාකර ඉල්ලුම්කරුගේ අනන්‍යතාවය පිළිබඳ නිසැකව සහතික කළ යුතු බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ. සහතික…
නිවාඩුවක් ගතකිරීම සඳහා ඩුබායි රාජ්‍යයට ගොස් සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද යළි දිවයිනට පැමිණ තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා පසුගිය දෙසැම්බර් 26 වැනිදා සිය බිරිඳ සමග ඩුබායි රාජ්‍යය කරා පිටව ගොස් තිබිණා. එම සංචාරයෙන් පසුවයි ඔහු මෙලෙස යළි දිවයිනට පැමිණ ඇත්තේ.
නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය මේ වන විට ආරම්භ කර තිබෙනවා . අද දින පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ බදු පදනම මත ලබාදී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබාගැනීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදුකෙරෙනු ඇති . මේ අතර වැඩිවන විදුලි ගාස්තු සහ ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්ද අද පාර්ලිමේන්තුවේදී අවධානය යොමුකිරීමට නියමිතයි . මේ අතර අද දිනයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සහ උසස් නිලතල පිළිබඳ කාරක සභාව ද රැස්වීමට නියමිතව තිබෙනවා . මේ පාර්ලිමේන්තුව ආරම්භයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දැක්වූ අදහස් . මෙහි දී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී .දොලේවත්ත මහතා…
කොළඹ ප්‍රදේශ රැසකට ලබන සෙනසුරාදා සිට ඉරිදා දක්වා පැය 18 ක කාලයක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි. ඒ, කොළඹ 1, 2, 3, 4, 7, 9, 10 සහ 11 යන ප්‍රදේශවලටයි. ඒ අනුව ලබන සෙනසුරාදා රාත්‍රී 10 යේ සිට ඉරිදා පස්වරු 04 දක්වා ජල කප්පාදුව සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. මාළිඟාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජල නළ පද්ධතියට අදාළ ව්‍යාපෘති මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් මෙම ජල කප්පාදුවට හේතුව බව සදහන් .
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට පියවර ගෙන තිබෙනවා . ඒ අනුව 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 201කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4409ක් . මේ අතර කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් මිල පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1770ක් ලෙසයි . එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 822ක් ලෙසද සටහන් වනවා . මේ ඒ පිලිබදව අදහස් පළකළ ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරිස් මහතා . මේ වැඩි දුරටත් අදහස් පළකල ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති වරයා…
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ යි ඔහු ව තවමත් බන්ධනාගාරගත කර ඇත්තේ. දින 150කට ආසන්න කාලයක් පුරාවට ඔහු ව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔහුට එක ම චෝදනා යටතේ ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ හා සිවිල් නීතිය යටතේ ද චෝදනා ගොනු කර ඇති අතර, එය නීතිය අවභාවිත කිරීමක් බව යි අප කළ විමසීමක දී නීතීඥ නුවන් බෝපගේ මහතා ප්‍රකාශ කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222