Author: VNews

උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ලබන 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වන දින ආරම්භ කීරීමට නියමිත බවයි. විභාගය ආරම්භ කිරීමට දින 05කට පෙර ඊට අදාළ උපකාර පංති, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම තහනම් කළයුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නියෝග කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

තව කියවන්​න

හැටන් මාර්ගය ඔස්සේ සිරිපා කරුණා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණෙමින් සිටිනවා. අප වාර්තාකරු සඳහන් කලේ අද දුරුතු පොහෝ දිනයත් සමග දින තුනක සති අන්ත නිවාඩුවට එම පිරිස් දුම්රිය ආසන වෙන්කරවාගෙන පැමිණෙන බවයි. හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණෙන වන්දනාකරුවන් ට නල්ලතන්නිය දක්වා ප්‍රවාහන පහසුකම් සැපයීමට දුම්රිය – ලංගම ඒකාබද්ධ බස් රථ රථ සේවයක් ක්රිතයාත්මකයි. වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේදි පරික්ෂා කිරිමට හැටන් පොලිසියේ නිලධාරින් පියවර ගෙන තිබෙනවා. (රංජිත් රාජපක්ෂ – හැටන්)

තව කියවන්​න

ooth Relicඅත්අඩංගුවට ගැනුණු සේපාල් අමරසිංහ නැමැත්තා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සැකකරු ලබන 10වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ. දළදා වහන්සේට අපහාසාත්මක වන ප්‍රකාශයක් සිදු කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රියේදී බෙල්ලන්විල ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබුනා.

තව කියවන්​න

ගෘහස්ථ ගෑස් මිල පහළ දැමීමට ලාෆ්ස් ගෑස් සමාගම ද තීරණය කර තිබෙනවා. ඒ අනුව කොළඹ දිස්ත‍්‍රික්කය තුළ කිලෝ ග‍්‍රෑම් 12. 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල්  5,080ක් බවයි එම සමාගම නිවේදනය කළේ. කිලෝ ග‍්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් කොළඹ දිස්ත්‍රික්කයේ අලෙවි කළ හැක්කේ රුපියල්  2,032 කටයි. සෙසු දිස්ත්‍රික්ක සදහා ප‍්‍රවාහන ගාස්තු යනාදිය එක් කිරීමෙන්  පසු සංශෝධන  මිල ගණන් දැන ගැනීම සදහා 1345 අමතන ලෙසද ලාෆ් ගෑස් සමාගම වැඩිදුරටත් දැනුම් දෙනවා. කිලෝග‍්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල  රුපියල් 201කින් පහළ දැමීමටයි ලිට්‍රෝ සමගම පියවර ගනු ලැබුවේ. ඒ අනුව එහි නව මිල රුපියල් 4,409 ක්. කිලෝ ග‍්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක රුපියල් 1,770 කටත් කිලෝග‍්‍රෑම්…

තව කියවන්​න

දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මතභේදාත්මක ප්‍රකාශ නිකුත් කළ සේපාල් අමරසිංහ නැමැත්තා ට එරෙහිව ලබා දිය හැකි උපරිම දඬුවම් ක්‍රියාත්මක කරන ලෙස මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේ විහාරාධිකාරී, පුජ්‍ය අම්බුළුවාවේ සුමංගල හිමියන් රජයෙන් ඉල්ලා සිටිනවා. අධිකරණ අමාත්‍ය, අචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ මෙම සිද්ධියට අදාලව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි. ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාද ඒ පිළිබඳ ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් පල කර සිටියා. රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියද මෙහිදී අදහස් පල කළා. මේ ඊට පිළිතුරු පල කල අධිකරණ අමාත්‍ය, අචාර්ය විජේදාස රාජපක්ෂ මහතා. දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ…

තව කියවන්​න

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මත හතරක් නොදරමින් එක මතයකට පැමිණ කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සිව්දෙනාට දැනුම් දී තිබෙනවා. මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සිව්දෙනා ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, නීතිපති සංජය රාජරත්නම්, අතිරේක සොලිස්ටර් ජනරාල් නෙරිල් පුල්ලේ, මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඇතුළු කොමිසමේ සාමාජිකයින් සිව් දෙනෙකු සහභාගී වුණා. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මත හතරක් දැරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසූයේ කොමිසමේ නිදහස කොමිසමට බාර දී ඇති අතර බහුතර ඒකමතික මතයකට පැමිණ තීරණයක් ගන්නා ලෙසයි.…

තව කියවන්​න

පළාත් පාලන ආයතන 20 ක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් භාර ගැනීම ආරම්භ වු පෙරේදා දිනය තුළදීම බණ්ඩාරවෙල මහ නගර සභාව සඳහා ස්වාධීන කණ්ඩායමක් විසින් ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ඡන්දය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ දිනයේදී ආරම්භ කළේ කළුතර දිස්ත්‍රික්කයෙන්. තවත් දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වන විට පළාත් පාලන ආයතන 20 ක් සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර සිටියා. බදුල්ල, කළුතර සහ මහනුවර යන දිස්ත්‍රික්ක සඳහා…

තව කියවන්​න

ඉන්දියාව සමග පැවැත්වෙන දෙවන විස්සයි 20 තරගය ලකුණු 16 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පිල සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල සිය පන්දු වාර 20 අවසානයේදී කඩුලු 06 ක් දැවී ලකුණු 206 ක් රැස් කර ගත්තා. නායක දසුන් ශානක පන්දු 22 ක් තුලදී නොදැවී ලකුණු 56 ක් රැස් කළ අතර ඊට හයේ පහරවල් 06 ක් සහ හතරේ පහරවල් දෙකක් ඇතුලත් වුණා. එමෙන්ම දසුන් ශානක පන්දු 20 කදී රැස් කළ මෙම අර්ධ ශතකය වාර්තා පොත් අතරට එක්වුයේ විස්සයි 20 තරගයකදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු රැස් කළ වේගවත්ම අර්ධ ශතකය ලෙසයි. මීට අමතරව ශ්‍රී ලංකා ඉණිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු…

තව කියවන්​න

යුක්රේනයට පැය 36 ක සටන් විරාමයක් පනවන ලෙස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය ආරක්ෂක අමාත්‍යවරයාට නියෝග කර තිබෙනවා. ඒ රුසියානු ඕතඩොක්ස් නත්තල වෙනුවෙන්. පසුගිය පෙබරවාරි 24 වැනිදා, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීමෙන් පසු රුසියාව පූර්ණ සටන් විරාමයක් ආරම්භ කළ පළමු අවස්ථාව මෙයයි. සටන් විරාමයකට රුසියන් ජනාධිපති පුටින් කැමැත්ත පළ කළේ රුසියාවේ ඕතඩොක්ස් ආගමික නායක 76 හැවිරිදි ප්‍රැටියාෂ් කිරිල් කළ ඉල්ලීමට ගරු කරමින් බවයි ක්‍රෙම්ලීන පාලනය නිවේදනය කලේ.

තව කියවන්​න

තේ සඳහා ප්‍රමිතියෙන් යුතු පොහොර වර්ග 4 ක් යළි වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. කොමර්ෂල් පෙහොර සමාගමේ සභාපති අචාර්ය ජගත් පෙරේරා මහතා ප්‍රකාශ කළේ, තේ වගාවේ පොහොර හිඟය මග හැරවීම මෙහි අරමුණ බවයි. වෙළඳපොල පවතින මිලට අඩුවෙන් එම පෙහොර නිකුත් කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

තව කියවන්​න