Author: VNews

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අයත් ”සුරක්ෂා” නිවසෙහි රඳවා තබා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 07 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබේනවා. ඔවුන් කටුනායක ගුවන්තොටුපොළේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් බාරගෙන තිබෙන බව සදහන් . ඕමානයේ ”සුරක්ෂා” නිවසෙහි රඳවා තබා සිටින ගෘහ සේවිකාවන් 118 දෙනා අතරින් 11 දෙනෙකු ශ්‍රී ලංකාවට එවීම සඳහා මස්කට් නුවර ගුවන් තොටුපළ වෙත බාරදී තිබෙනවා. එහිදී ගෘහ සේවිකාවන් 04 දෙනෙකුගේ ලේඛන පිළිබඳව ඇති වූ ගැටලු මත ඔවුන්ට පැමිණීමට අවස්ථාව ලැබී නැහැ

තව කියවන්​න

රටවල් රැසක ව්‍යාප්තවන කොවිඩ් නව ප්‍රභේදය පිළිබඳ සමාජ මාධ්‍යයේ ව්‍යාජ තොරතුරු සංසරණය වන බව අයි ඩී එච් රෝහලේ කායික රෝග විෂේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා. කොවිඩ් රෝග ලක්ෂණ වෙනස් වී ඇති බවට ප්‍රකාශ කර තිබුණද එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. උන, කැස්ස, ඇඟපත වේදනාව එක රෝගියාගෙන් රෝගියාට වෙනස් ලෙස අඩු වැඩි වශයෙන් පවතින බවද වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සදහන් කළා . මෙම රෝගලක්ෂණ වලින් අනතුරුව ඇතැම් රෝගීන්ට සංකුලතා මතුවිය හැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. එමෙන්ම කොරෝනා නව ප්‍රභේදය පහසුවෙන් පැතිරෙන බවයි අයි ඩී එච් රෝහලේ කායික රෝග විෂේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පෙන්වා දෙන්නේ. කොවිඩ්…

තව කියවන්​න

මහනුවර – මහියංගනය 18 වංගුව මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ 14 සහ 15 වංගු අතර ප්‍රදේශයේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන්. මේ වනවිටත් එක් මංතීරුවක් අවහිර වී ඇති අතර, එහි පස් ඉවත්කරමින් පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. තවදුරටත් පස් කඳු කඩාවැටීමේ අවදානමක් පවතින බැවින් සැළකිළිමත්ව රිය ධාවනය කරන ලෙසයි එම රියදුරන්ට දැනුම් දෙන්නේ.

තව කියවන්​න

යාපනයේ, ප්‍රදේශයේ ධීවරයෙකු ඉස්සන් අල්ලමින් සිටියදී “ජෙලි ෆිෂ් “මාලුවෙකුගේ ප්‍රහාරයකින් ඊයේ මිය ගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ යාපනය කුරුනගර් ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක්. මියගිය ධීවරයාගේ මළ සිරුර සම්බන්ධයෙන් යාපනය ශීක්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී විෂ ද්‍රව්‍යයක් ශරීර ගත වීම හේතුවෙන් මෙම මරණය සිදු වූ බව වාර්තා වනවා . “ජෙලි ෆිෂ්“ වර්ගයේ මසුන් ධීවරයින්ගේ සම හා ස්පර්ෂ වූ විට මත්ස්‍යයාගෙන් නිකුත් වන තද බල විෂ රසායන ද්‍රව්‍යක් නිසා ධීවරයින් මෙලෙස මියයන බවයි සඳහන් වන්නේ. කෙසේ වෙතත් පසුගිය වසර දෙක ඇතුළතදී උතුරේ ධීවරයින් හතර දෙනෙකුම “ජෙලිෆිෂ් “ප්‍රහාර වලට ලක් වී මිය ගොස් තිබෙනවා.

තව කියවන්​න

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය මගින් අද සිට යළි විදුලි උත්පාදනය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ගල්අඟුරු තොග ප්‍රමාණවත් නොවීම සහ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් පසුගිය මස 23 වනදා අක්‍රිය කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබුණා. මේ වනවිට ප්‍රමාණවත් පරිදි ගල් අඟුරු තොග ලැබෙමින් පවතින බැවින් එම ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබී ඇති බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ. මේවන විට ගල් අඟුරු මෙට්‍රික්ටොන් 60,000 බැගින් වූ නෞකා දෙකක් දිවයිනට පැමිණ ඇති අතර ඉන් එක් නෞකාවක ගල්අඟුරු තොග ගොඩ බෑමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන දුම්රිය අද දිනයේ සිට, කොළඹ සිට අනුරාධපුරය දක්වා සීමාකර තිබෙනවා. උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. එමෙන්ම දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු සඳහා මාස 05ක පමණ කාලයක් ගත වන බවට ඇස්තමේන්තු කර ඇති බව ද වාර්තා වනවා .

තව කියවන්​න

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සංකල්පයකට අනුව ප්‍රථම වතාවට ”වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත්” සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම මස 12 සහ 13 පැවැත්වෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා. එක් අරමුණක් වෙනුවෙන් එක් හඬක් තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වෙන බවයි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේ. මෙමගින් ගෝලීය දකුණේ රටවල් එක් ස්ථානයකට ගෙන ඒමට හැකි වන බවත් එමගින් එම රටවල ප්‍රමුඛතා සහ ඉදිරි දර්ශන ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන බවත් එම නිවේදනයේ සඳහන්. ජී20 සමුළුවේ සභාපතීත්වය දරන ඉන්දියාව මෙම සමුළුව මගින් දකුණේ රටවලට විශේෂ අවස්ථාවක් ලබා දී ඇති බවත් ”වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත්” සමුළුවට…

තව කියවන්​න

උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසිවාර කීපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විිය හැකි අතර ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව සඳහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

තව කියවන්​න

උසස් පෙළ පෙළ විභාගයට අදාල උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු මෙම මස 17 වැනිදා සිට තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2022 අ.පො.ස උසස් පෙළ විභාගය මෙම මස 23 වැනිදා ආරම්භ වීමට නියමිත බවත්, ඊට දින 05 කට පෙර උපකාරක පන්ති ඇතුළු සියලුම ක්‍රියාකාරකම් අත්හිටුවීමට තීරණය කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර 2022 වසරට අදාළව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් විභාගය පවත්වන දින සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නොමැති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පෙන්වා දෙන්නේ. විභාගය පැවැත්වීම සඳහා…

තව කියවන්​න

ඇමෙරිකා එක්සත් ජනපදය ඇමෙරිකා ඩොලර් බිලියන 3 ක යුද ආධාර යුක්‍රේනයට ලබාදීමට පියවර ගෙන තිබෙනවා. මෙතෙක් රුසියා යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු යුක්‍රේනයට ලබා දුන් වැඩිම ආධාර පැකේජය මෙය බවයි ධවල මන්දිරය සඳහන් කළේ. කෙසේ වෙතත් ලබා දෙන යුද ආධාර පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණ කර නැහැ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ පාබල හමුදා සඳහා ඉතා නවීනතම අවිආයුධ රැසක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය සූදානම් බවයි. ඒ අතර ඒ.එම්.එක්ස් 10 වර්ගයේ සැහැල්ලු කාලතුවක්කු තොගයක් ද තිබෙනවා.

තව කියවන්​න