Author: VNews

චීනයෙන් පරිත්‍යාග කරන ඩීසල් ලීටර් මිලියන 6.98ක ප්‍රමාණය අද සිට ගොවීන්ට බෙදා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව චීන රජය විසින් ඩීසල් ලීටර මිලියන 10.06ක් මෙරට කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තයේ යෙදී සිටින ජනතාව වෙනුවෙන් ලබාදුන් අතර ඒ අනුව කෘෂිකර්මාන්තය සදහා ඩීසල් ලීටර මිලියන 6.98ක තොගය ලබාදීම අද ආරම්භවනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය නිර්මාණය කළ නව යෙදවුමක් මගින් එම ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන කෙරෙනු ඇති. එමඟින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් වලින් එම ඩීසල් ලබාගැනීමට හැකියාව පවතිනවා. අස්වනු නෙලීම මේ මස අවසානයේදී ආරම්භවීමට නියමිතයි . ඒ සඳහායි මෙලෙස ඩීසල් ගොවීන් වෙත ලබාදෙන්නේ. හෙක්ටයාරයක ප්‍රමාණයක වගා කරන ගොවීන්ට…

තව කියවන්​න

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කර මිනිස් ජාවාරම්වලට හසුවීමෙන් වළකින්නැයි නාවික හමුදාව ජනතාවට දැනුම් දෙනවා. පසුගිය කාලය පුරා ද නීති විරෝධී ආකාරයෙන් මුහුදු මාර්ගයෙන් සංක්‍රමණය වීමට උත්සාහ දරූ කණ්ඩායම් කිහිපයක්ම ආරක්ෂක අංශ භාරයට ගැනුණා. ඒ හේතුවන් මෙම දැනුම්දීම සිදු කරන බවයි නාවික හමුදාව පවසන්නේ .

තව කියවන්​න

2022 වසරේදී රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය සියයට 39 කින් ඉහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා. ඊට අමතරව රබර් අමුද්‍රව්‍ය ආනයන ප්‍රමාණය සියයට 93 කින් පහළ ගොස් ඇති බවයි මාත්‍යවරයා කියා සිටියේ. මේ අතර 2021 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 1,050 ක් වූ රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය පසුගිය වසරේදී ඩොලර් මිලියන 1,463 ක් දක්වා වර්ධනය කරගැනීමට හැකි වී තිබෙනවා.

තව කියවන්​න

ජාතික ජුඩෝ ශුරතාවලිය නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රිඩාංගණයේදි මේ වන විට පැවැත්වෙනවා . 59 වන වරටත් සංවිධානය කල ජාතික ජුඩෝ ශුරතාවලිය ඊයේ ආරම්භ වූ අතර අද පස්වරුවේ මෙහි අවසන් මහා තරගය පැවැත්වෙනු ඇති . මෙම ශුරතාවලිය පිරිමි තරගකරුවන් සඳහා කිලෝග්‍රෑම් 45 සිට කිලෝග්‍රෑම් 100 ට වැඩි බර පන්තිය දක්වාත් කාන්තා තරඟකාරිනියන් සදහා‘ කිලෝග්‍රෑම් 44 සිට කිලෝ ග්‍රෑම් 78 බර පන්ති දක්වාත් ක්‍රියාත්මක වනවා . සියලුම බර පන්තිය යටතේ‘ දිවයින පුරා විසිරී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 450කට අධික පිරිසක් මෙම තරඟාවලියේ සඳහා සහභාගී වී සිටිනවා .

තව කියවන්​න

පේරු රාජ්‍යයේ විරෝධතාකරුවන් පිරිසක් සහ එරට පොලිසිය අතර ගැටුම් ඇති වී තිබෙනවා. පසුගිය මාසයේ දි පේරු ජනාධිපතිවරිය ලෙස තේරී පත් වු ඩිනා බොලුරේට්ට ඉවත් වන ලෙසට ඉල්ලමින් මෙම විරෝධතා ආරම්භ වී තිබෙනවා. හිටපු ජනාධිපති කැස්ටිලෝ ඉවත් කිරීම සහ අත්අඩංගුවට ගැනීම නීත්‍යානුකූල නොවන බවයි විරෝධතාකරුවන් පවසන්නේ. මේ අතර විරෝධතකරුවන් පිරිසක් එරට ගුවන්තොටුපළ වෙත ද ඇතුලු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. විරෝධතාකරුවන් විසුරුවා හැරීම සදහා පොලිසිය පූනෝ නගරයේදි කදුළු ගෑස් ප්‍රහාර එල්ල කල ඇති බව සදහන්. පසුගිය දෙසැම්බර් මාසයේ සිට පැවැත්වෙන මෙම විරෝධතාවලින් මේ වන විට පුද්ගලයින් 22 දෙදෙනෙකු ජිවිත්ෂයට පත්ව තිබෙනවා.

තව කියවන්​න

ආණ්ඩුව අසීමිත ලෙස ඉන්ධනවලින් ලාභ ලබන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා . ඔහු සදහන් කලේ මේ වන ඩිසල් ලීටරයක් රුපියල් 60කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 110 කින් අඩු කල හැකි බවයි . අද පැවති මාධ්‍ය හමුවකදී ආනන්ද පාලිත මහතා මේ බව ප්‍රකාශ කළා . මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ සභාපති අංජන ප්‍රියන්ජිත් මහතා සදහන් කලේ තවත් රුපියල් 30 කින් ඩිසල් ලීටරය පහල දම්මෙන් නම් බස් ගාස්තුවද අඩු කල හැකි බවයි. එමෙන්ම බස් ගාස්තු සංශෝදනය සමබන්ධයෙන් හෙට සකච්ච්වක් පවත්වන බවද ඔහු සදහන් කළා .

තව කියවන්​න

කුරුණෑගල, පොතුහැර – වදාකඩ ප්‍රදේශයේ ඉදිකර තිබූ ව්‍යාජ දළඳා මාලිගාවේ පත්තිරිප්පු කොටස මේ වන විට කඩා ඉවත් කරමින් තිබෙන බව වාර්තා වනවා. මෙම ව්‍යාජ දළදා මාළිගාව සම්බන්ධයෙන් දැඩි මතබේදාත්මක තත්වයක් උද්ගතව ඇති අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන්නැයි මහනායක හිමිවරුන් ද රජයෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් එම ප්‍රදේශයට ඊයේ පිටත්ව ගිය අතර, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ පුරාවිද්‍යා පනත අනුව මේ සම්බන්ධයෙන් කටයුතු කරන බවයි. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මරවින් සිල්වා මහතාද ඊයේ දිනයේදී එම ස්ථානය නැරඹීම සඳහා පැමිණ තිබුනා. එහිදී එම ස්ථානය භාර පුද්ගලයට හිටපු මන්ත්‍රීවරයා විසින් දැනුම් දී තිබුනේ දළඳා මාලිගාවේ…

තව කියවන්​න

ආණ්ඩුවට සම්බන්ධ සියලු පාර්ශ්ව සමග එක්ව ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණදීමට සුදානම් බව, එක්සත් ජාතික පක්ෂය පවසනවා. පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ ,ඒ පිළිබඳව සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධානීන් සමග අද පැවැත්විමට නියමිතව ඇති බවයි . මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයේදි උතුරු පළාතේ ඇතැම් පළාත් පාලන ආයතන සඳහා ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත්, ඊලම් ජනතා ප්‍රජාතන්තවාදි පක්ෂයේ විණාව ලකුණින් තරග කිරීමට දැනට සැලසුම් කර ඇතැයි වාර්තා වනවා. දකුණේ සියලු දිස්ත්‍රික්ක වලට පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වීමට දැනට සැලසුම් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව, ඉදිරිපත් වන ලකුණ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා…

තව කියවන්​න

සිය පක්ෂය මේ වන විට රටේ පවතින විශාලම බලවේගය බවට පත්ව අවසන් බව ජාතික ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ එය දරාගත නොහැකි පිරිස් මේ වන විට විවිද මත පල කරමින් සිටින බවයි. අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අනුර කුමාර දිසනයක මහතා මෙම අදහස් පල කළා.

තව කියවන්​න

අධික ශබ්දයකින් යුත් නලා සහ විවිධ වර්ගවල ලාම්පු සවිකර මාර්ගයේ ධාවනය කරන වාහන අත්අඩංගුවට ගැනීමේ ගැනීමට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා. ඒ සදහා සතියක් ප්‍රකාශයට පත් කිරීමටයි පොලිස්පතිවරයා කටයුතු කර තිබෙන්නේ . එවැනි වාහන අත්අඩංගුවට ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබේනවා. ජනතාවට සිදුවන අපහසුත්වන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි පොලිස්පතිවරයා සදහන් කරන්නේ

තව කියවන්​න