- අදත් විදුලි කප්පාදුවක්
- ජනපති අද දිවයිනට
- USAID අත්හිටුවීමෙන් රටවල් 50කට බලපෑම්
- පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හෙට පාර්ලිමේන්තුවට
- රජයේ වී ගබඩා තවමත් හිස්
- නාමල්ට එරෙහි නඩුවකට නීතිපති උපදෙස් විමසයි
- යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් සීරුවෙන්
- අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල්ගි ගිණුම්වලට
Author: VNews
රට තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය දැඩි ලෙස පවතින පසුබිමක් තුළ චීනය අද සංචාරකයින් සඳහා සිය දේශසීමා විවෘත කර තිබෙනවා. කොරෝනා වසංගතයේ ආරම්භය හමුවේ චීනය විදෙස් සංචාරකයින් සඳහා සිය දේශසීමා වසා දැමුවේ 2020 වසරේ මාර්තු මාසයේදීයි. ඒ අනුව අද සිට විදේශීය සංචාරකයින් සඳහා නිරෝධායනයට යොමුවීමෙන් තොරව චීනයට ඇතුළු විය හැකි වනවා. කෙසේ වෙතත් චීනයේ බීජිං ඇතුළු නගර රැසක පිහිටි ගුවන් තොටුපළවල දිගු පෝළිම් දැකිය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
බිත්තර ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීම අද දිනයේ ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. ඒ අනුව බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවීම, ආනයනය කරනු ලබන බිත්තර සංඛ්‍යාව තීරණය කිරීම සහ සුදුසු ආනයනකරුවන් තෝරාගැනීමේ කටයුතු මෙම සතිය තුළ සිදුකර අවසන් කිරීමට කටයුතු කරන බවයි එම සංස්ථාව ප්‍රකාශ කළේ. පවතින තත්ත්වය හමුවේ වෙළෙඳපොළට අවශ්‍ය වන බිත්තර ප්‍රමාණය රජය විසින් තීරණය කර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත දැනුම්දීමට නියමිතයි. ඊට අදාළව මෙරටට අවශ්‍ය බිත්තර සංඛ්‍යාව මෙම සතිය තුළ ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්. මේ අතර දිවයිනේ පළාත් 03ක් කේන්ද්‍ර කරගනිමින් අද දිනයේ රුපියල් 53කට බිත්තර අලෙවි කිරීමේ කටයුතු සිදුකරන…
මධ්‍යම සෙනගාලයේ, කැෆ්රීන් නගරය ආසන්නයේදි බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් පුද්ගලයින් 38 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත් වු අතර තවත් පුද්ගලයින් 87 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. තුවාල ලැබුවන් සියලු දෙනා රෝහල් ගත කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. අනතුර සිදුවන අවස්ථාවේදි එම බස් රථ දෙකෙහිම පුද්ගලයින් 125 දෙනෙකු සිට තිබෙනවා. සෙනගාලයේ මාර්ග අනතුරු නිරන්තරයෙන් වාර්තා වන අතර මෙම අනතුර ඉතා දරුණු අනතුරක් බවයි සෙනගාල බලධාරීන් සඳහන් කරන්නේ.
මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය නඟාසිටුවීමට ඉන්දීය රජයෙන් ලැබෙන සහයෝගය ඉතාමත් ප්‍රශංසනීය බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්ත දක්වා කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් මැදවච්චිය දුම්රිය ස්ථාන පරිශ්‍රයේ පැවති සමාරම්භක උත්සවයට එක්වෙමින් . මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගයේ සිදු කරන මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ උදෙසා සිදුකෙරෙන ආයෝජනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 91යි දශම 27ක් . මෙහිදී අනුරාධපුර සිට වව්නියාව දක්වා කි. මී.48ක කොටසක් ප්‍රතිසංස්කරණය කෙරෙන අතර මීළඟ අදියර ලෙස වව්නියාව සිට ඕමන්ත දක්වා කි. මී.13ක…
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා සඳහා සහභාගී වීමට තායිලන්ත රජයේ නියෝජිත කණ්ඩයම ඊයේ දිවයිනට පැමිණියා . තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායම නියෝජිතයන් 26 දෙනකුගෙන් සමන්විතයි . ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා අද සහ හෙට කොළඹදී පැවැත්වෙනවා. මේ අතර භාණ්ඩ වෙළඳාම, සේවා වෙළඳාම, ආයෝජන, රේගු සහයෝගීතාව හා වෙළඳාම් පහසුකරණය සහ ආර්ථික සහයෝගීතාව යන ක්ෂේත්‍ර පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමු කෙරෙනු ඇති. 2021 වර්ෂයේ දී ශ්‍රී ලංකාවෙන් තායිලන්තයට සිදු කළ අපනයන ඩොලර් මිලියන 59 ක් වන අතර තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට සිදු…
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇති වූ පුරප්පාඩු සඳහා විශ්‍රාමිකයන් යළි සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් හෙට රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. දුම්රිය බලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ඇති ගැටලු නිරාකරණය කර ගැනීම පිළිබඳ සාකච්ඡා සිදුකරනු ඇති.
උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේ අද දිනයේ මිලිමීටර් 75 ට වැඩි වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල ,මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට සවස් කාලයේ දි හෝ රාත්‍රී කාලයේදි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. සබරගමුව පළාතේත්, කලුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 75ක තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවලට තාවකාලිකව තද සුළං ඇති වන අතර අකුණු මගින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා. ඇතැම් මුහුදු…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක තුනකට අද ඇප මුදල් තැම්පත් කරන බව එම පක්ෂය පවසනවා. කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට අද පෙරවරුවේ ද, පුත්තලම දිස්ත්‍රික්කයට අද පස්වරුවේ ද, ඇප මුදල් තැම්පත් කරන බව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කළා. මේ අතර දමිල ප්‍රගතිශිලි සන්ධානය සමගි ජනබලවේගය සමග සන්ධානගත වි පළාත් පාලන මැතිවරණයට තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසනවා . එම මැතිවරණයෙන් සමගි ජනබලවේගය විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නා බව ද ඔහු සදහන් කළා . එමෙන්ම පළාත් සභා මැතිවරණය නොව මහා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බව පුජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන් පවසනවා. මාධ්‍ය වෙත අදහස් පල…
ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක්, අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම කොමිසමේ පැවසුවේ,පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව කොමිසමේ කාර්යභාරය සහ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් එම රැස්වීම පැවැත්වෙන බවයි. මේ අතර ජාතික මැතිවරණ කොමිසම සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අතර හමුවක් අනිද්දා පැවැත් වීමට නියමිතයි . පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව නිරීක්ෂණ සංවිධාන සහ කොමිසම අතර පැවැත්වෙන පළමු හමුව එය වන බවයි . එහිදී මැතිවරණ නීතිය, මැතිවරණ පවත්වන ආකාරය පිළිබඳව සහ ගැසට් නිවේදන පිළිබඳව සාකච්ජා කෙරෙනු ඇති. මේ අතර පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ඉදිරි දින කිහිපය ඇතුළත අධිකරණ ක්‍රියාමාර්ග වලට අවතීර්ණ…
බස් ගාස්තු සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විශේෂ සාකච්ඡාවක් සඳහා බස් සංගම් කැඳවා තිබෙනවා. ඒ සඳහා සියලු බස් සංගම් සහභාගී විමට නියමිතයි. අද පැවැත්වෙන මෙම සාකච්ඡාවේදි ඩීසල් මිල අඩු කිරීම හමුවේ බස් ගාස්තු සංශෝධන පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදි බස් ගාස්තු අඩු කිරීම පිළිබඳ එකඟවන්නේ නොමැති බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සංගමය පවසන්නේ. ඩීසල් ලීටරයක් රුපියල් 15කින් පහළ දැමීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා පියවර ගත්තා. මෙම අඩු කිරීම හමුවේ බස් ගාස්තු මිල අඩු කරන බවට අපේක්ෂා කළ ද බස් සංගම් ප්‍රකාශ කලේ මෙම අඩු කිරීම ප්‍රමාණවත් නැති බැවින්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222