- දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
- දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක්
- රසාරා විජේසූරියගෙන් නව වාර්තාවක්
- වෝන් – මුරලි කුසලානයේ ජය ඔස්ට්‍රේලියාව හිමි කර ගනී
- පොල් ගෙඩියක මිල 88%කින් ඉහළට
- ඉදිරියේදී රාජ්‍ය සේවයේ වැටුප් වැඩීවීමක් – අගමැතිනියගෙන් ප්‍රකාශයක්
- පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක්
- වීසා නීති ලිහිල් කිරිමට නවසීලන්තයෙන් සැලසුම්
Author: VNews
පවතින අධික වර්ෂාවත් සමග කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබෙනවා. ඒ අනුව එමගින් තත්පරයට ඝන මීටර දෙසියක පමණ ජල දාරිතාවක් කුඩා ගඟට මුදා හැරෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර කුඩා ගඟ පිටාර ගැලීමේන් තවදුරටත් බුලත්සිංහල අවට ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති රණවිරුවන් පාවාදෙන “සත්‍ය සෙවීමේ කොමිසම පනත් කෙටුම්පත” හෙවත් “ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පනත් කෙටුම්පත” වහා හකුළා ගන්නා ලෙසට ආණ්ඩුවට බල කරමින් සර්වජන බලය දේශපාලන එකමුතුව අද(21) පාර්ලිමේන්තු වටරවුම අසල දී විරෝධතාවක නිරත විය. මෙම විරෝධතාවට සර්වජන බලය විධායක සභිකයෝ වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, යුතුකම සංවාද කවය ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු සර්වජන බලය නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධානවල ක්‍රියාකාරීහු පිරිසක් එක්ව සිටියහ. මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ සර්වජන බලය විධායක සභිකයෝ පෙන්වා…
අමෙරිකානු ඩිමොක්‍රොටික් පක්ෂ ජාතික සම්මේලනය චිකාගෝ හිදී ඊයේ (19) ආරම්භ විය. ඒ, අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස්, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, හිටපු අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් රමුඛ ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගේ ප්‍රධානත්වයෙනි. පක්ෂ සම්මේලනය ඇමතූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක කමලා හැරිස් එහිදී ජනාධිපති ජෝ බයිඩන්ට කෘතගුණ දක්වීම කාගේත් අවධානය දිනාගත් කරුණක් විය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. දකුණ සහ වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
කොළඹ ජාතික රෝහලේ ස්කෑන් යන්ත්‍ර 02ක් සහ MRI යන්ත්‍ර 02ක් කාර්මික දෝෂවලට ලක්වී මාස දෙකකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ මෙතෙක් එම යන්ත්‍ර අලුත්වැඩියා කර නොමැති බවයි.
ළමුන් අතර හතිය වැනි රෝගී තත්ත්වයන් මේ දින වල වාර්තා වීම ඉහළ ගොස් ඇති බව කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ පසුගිය මාස කිහිපය තුළ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් ද වාර්තා වී තිබෙන බවයි.
2024 ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා ඡන්ද හිමියන් වෙත බෙදාහැරීම ලබන මාසයේ මුල ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. ඒ. එම්. එල්. රත්නායක පවසනවා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය ආයතනවලට ලබාදීම එළඹෙන 26 වනදා ආරම්භ කරන බවයි.
2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දදායකයින් 736,589ක් තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම්කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි. එසේ ඉල්ලුම්කර ඇති ප්‍රමාණයෙන් 24,268ක් ප්‍රතික්ෂේප වී ඇති බවද වාර්තා විය. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඒ බව හෙළිකළේය.
වඳුරු උණ හෙවත් ‘මන්කිපොක්ස්’ වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 548 දක්වා ඉහළ ගොස් තිබේ. අප්‍රිකානු රටවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මෙම වෛරස් රෝගී තත්ත්වය පුද්ගලයින් 16,000ක් පමණ මේ වන විට ගොඳුරු වී ඇති බව වාර්තා වේ.
කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල, පාලින්දනුවර, මිල්ලනිය සහ බුලත්සිංහල යන ප්‍රදේශවල මාර්ග කිහිපයක් තවදුරටත් ජලයෙන් යට වී පවතින බව වාර්තා වෙයි. එමෙන්ම කුකුළේ ගඟ සහ දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු තවදුරටත් විවෘත කර ඇති බව ද සඳහන් ය. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල තවදුරටත් ජල ගැලීම් තත්ත්වයක් පවතින බවද වාරිමාර්ග අධ්‍යක්ෂ එස්. පි. සී. සුගීෂ්වර මහතා පැවසීය.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222