Author: VNews

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුට සම්බාධක පනවමින් කැනඩාව ගත් පියවර අනෙකුත් රජයන් අනුගමනය කළ යුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා මීනාක්ෂි ගංගුලි මහත්මිය පවසනවා. කැනේඩියානු රජය පසුගිය දා හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් දෙදෙනාට මෙන්ම හිටපු හමුදා සෙබළෙකුට ද සම්බාධක පැනවීමට කටයුතු කළා. අදාළ තීරණය මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා යම් කිසි රටක් විසින් ගනු ලැබූ බලගතු තීරණයක් ලෙසයි ඇය සඳහන් කර ඇත්තේ. ඒ අනුව ලොව අනෙකුත් ප්‍රධාන පෙලේ රටවල් ද එවැනි ක්‍රියාමාර්ග ගත යුතු බවටයි ඇය වැඩි දුරටත් අවධාරණය කර සිටියේ. මෙම වාරණය පනවමින් කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍ය මෙලනි…

තව කියවන්​න

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පත් වූ සභාපති ශ්‍රී රංගා ඇතු`ඵ නව නිලධාරී මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම හෙට දින තෙක් අත්හිටුවන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ නිලවරණය නීතිවිරෝධී යැයි සඳහන් කරමින් එහි හිටපු සභාපති ජස්වර් උමර් මහතා ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේ. එහි වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා සහ එම සම්මේලනයට තේරි පත් වූ නව නිලධාරී මණ්ඩලය ඇතු`ඵ පිරිසක් ද නම් කර තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ක් විසින් බි්‍රතාන්‍ය රූපවාහිනි නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී ඇය විසින් පවසන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශකයක් සම්බන්ධයෙන් චීන රජය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් කර ඇත්තේ අදාළ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා චීනය විසින් බලපෑම් සිදු කරන බවටයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගයද පමා වන්නේ චීනය විසින් සිදු කරන ලද යම් කිසි බලපැමක් මත බවටයි බි්‍රතාන්‍ය රූපවාහිනි නාලිකාවකදී අමෙරිකානු තානාපතිවරිය චීනයට චෝදනා නගා ඇත්තේ. මෙම සිය`ඵ චෝදනා සිය රජය ප්‍රතික්ෂේප කරමිනුයි අදාළ නිවේදනය චීන රජය විසින් නිකුත් කරනු ලැබුවේ. එමෙන්ම ඇමෙරිකානු තානාපතිවරියගේ පදනම් විරහිත චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවටයි චීනය විසින් නිකුත් කරන ලද නිවේදනයේ…

තව කියවන්​න

ආරච්චිකට්ටුව සමූපකාරයේ ඡන්ද විමසීමේ අවස්ථාවට කාරක සභික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඉන් පරාජයට පත්ව තිබෙනවා. ඔහු ආරච්චිකට්ටුව සමූපකාරයේ ඡන්දය සඳහා අංක 9 යටතේ ඉදිරිපත්ව ඇති අතර එම ප්‍රාදේශීකයන් තෝරාගනු ලබන කාරක සභිකයන් ප්‍රමාණය නව දෙනෙකු වනවා. එම නව දෙනාගෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන සභිකයන් හය දෙනෙකු ජයග්‍රහණය කර ඇත්තේ ජාතික ජනබලවේගය ඉදිරිපත් කරන ලද අපේක්ෂකයින් බව සඳහන්. අනෙකුත් තිදෙනා තේරි පත් වී ඇත්තේ පොහොට්ටු පක්ෂයෙන් වන අතර එම තිදෙනා අතරට ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා තේරී පත් වී නොමැති බවයි අප වාර්තාකරු පැවසුවේ. අදාළ අපේක්ෂකයින් 19 දෙනා අතරින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට…

තව කියවන්​න

නවතම ICC  ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීමේ සිවුවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති එක්දින තරඟාවලියේදී දැක්වූ දක්ෂතා ඊට හේතු වී ඇති අතර මේ වන විට කෝලිට හිමි වී ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 750 ක්. තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියේදී ශතක දෙකක් සමඟින් ලකුණු 283ක් රැස් කිරීමට විරාත් කෝලි සමත් වුණා. එක් දින පිතිකරු ශ්‍රේණිගත කිරීමේදී තවදුරටත් පෙරමුණේ පසුවන්නේ පාක්ස්ථාන ක්‍රීඩක බාබර් අසාම් වන අතර ඔහුට හිමි ව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 887ක්.

තව කියවන්​න

ගාල්ල අහංගම ප්‍රදේශයේදී විදේශීය දුම්වැටි පැකට් 120 ක්, දුම්කොළ කුඩු කිලෝග්‍රෑම් 5ක් සහ දුම්කොළ කුඩු පානය කිරීම සඳහා භාවිතා කරනු ලබන ෆිල්ටර් 2400 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගාල්ල සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය එක්ව සිදු කල සෝදිසි මෙහෙයුමකදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් බව සඳහන්. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ භාණ්ඩ තොගය ඉදිරි නිතීමය කටයුතු සඳහා ගාල්ල සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදී තිබෙනවා.

තව කියවන්​න

කොටහේන 6වන පටුමග ප්‍රදේශයේදී අද දහවල් වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. වෙඩි වැදීම හේතුවෙන් තුවාළ ලැබූ පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෝටර් රථයකින් ගමන්කරමින් සිටි අයෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බව සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

තව කියවන්​න

යුක්‍රේනයේ කියෙවු අගනුවර සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළ අනතුර හේතුවෙන් 16 දෙනෙකු පමණ මියගොස් ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ. කියෙවු අගනුවර ආසන්නයේ පෙරපාසලක් සහ නිවාස සංකීර්ණයක් අසල දී මෙම අනතුර සිදුව තිබෙනවා.

තව කියවන්​න

නිදහසේ 75 වන සමරුවට තමා සෙසු ආදිවාසී නායකයන්ද සමඟ සහභාගී වෙන බව වැදි නායක ඌරුවරිගයේ වන්නියලැත්තෝ පවසනවා. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීමක් අනුව ඔවුන් එම උත්සවයට සහභාගීවීමට තීරණය කර තිබෙනවා. ඌරුවරිගේ වන්නියලැ ඇත්තැන් සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අද පාර්ලිමේන්තුවේදී සිදුවුනා. උත්සවයට සහභාගී වන වැදි නායකයන් වෙනුවෙන් සියලු පහසුකම් සපයන බවයි අගමැතිවරයා මෙහිදී වැදි නායකයාට දැනුම් දී ඇත්තේ.

තව කියවන්​න

ඉන්දුනීසියාවේ මලුකු දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. රිච්ටර් මපකයේ 7.2ක ප්‍රබලතාවයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. භූ කම්පනයත් සමග පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ ඒකකය සුනාමි අවදානමක් සම්බන්ධයෙන් නිවේදන නිකුත් කළ ද පසුව එය ඉවත් කර තිබෙනවා. අද දිනයේ ඉන්දුනීසියාවේ හටගත් දෙවන භූ කම්පන තත්ත්වය මෙයයි. අද උදෑසන කාලයේදී රිච්ටර් මාපකයේ ඒකක 6.1ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් ද හට ගැනුනා. කෙසේවෙතත් අදාළ භූ කම්පනයන් හේතුවෙන් සිදුව ඇති හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

තව කියවන්​න