Author: VNews

නිසි ආකාරව සිතමින් කටයුතු කරන තරුණයන් පිරිසක් බවට පත්වන ලෙස ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා . ඇසු පමණින් සියල්ලම විශ්වාස නොකරන ලෙසයි ඒ මහතා තරුණයන්ගෙන් ඉල්ලා සිටියේ . වොයිස් කට් -නාමල් රාජපක්ෂ

තව කියවන්​න

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 836ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 409 ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 403 ක් ලැබී ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ. ඉන් පැමිණිලි 812 ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලැබී තිබෙනවා. මේ අතර මැතිවරණ කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නයක මහතා පැවසුවේ බොහෝ පක්ෂ පවසන සමීක්ෂණ වාර්තා පිළිබදව අවධානය යොමුකොට පලක් නොවන බවයි.

තව කියවන්​න

ඓතිහාසික බෙල්ලන්විල ඇසළ මහ පෙරහර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි. මේ හේතුවෙන් අද බොරලැස්ගමුව අවට විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළා. ඒ අනුව පොලිසිය දැනුම් දෙන්නේ අද පස්වරු 06 සිට බොරලැස්ගමුව – බෙල්ලන්තොට මාර්ගය භාවිත කරන ජනතාව සහ රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි. මේ අතර නවගමුව පුරාණ පත්තිනි දේවාලයේ පෙරහැර මංගල්‍ය හේතුවෙන් අද විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වනවා. පොලිසිය පැවසුවේ අද රාත්‍රි 08 සිට හෙට අලුයම 02 දක්වා අවිස්සාවේල්ල පරණ පාරේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි.

තව කියවන්​න

ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ දෙහිවල , කවුඩාන ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. එමෙන්ම අදාළ ඝාතනයට පැමිණි වෙඩික්කරුවන් බස් රථයකින් කතරගම දක්වා රැගෙන යාම සහ අතුරුගිරිය ප්‍රදේශයේ කුලී නිවසක් ලබා ගෙන ඊට අනුබල ලබා දීමේ චෝදනා මත තවත් තරුණයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් සිදුකළ මෙහෙයුමකදීයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

තව කියවන්​න

මන්ත්‍රීවරුන් මුදලට විකිණෙන දූෂිත දේශපාලන සංස්කෘතිය අවසන් කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජාතික භික්ෂු පෙරමුණේ සමුළුව අමතමින්. ජාතික ජන බලවේගයට අනුබද්ධ ජාතික භික්ෂු පෙරමුණේ සමුළුව ”ජාතික පුනරුදයකට පෙර මග කියක සඟරුවනේ මහ පෙලහර” නමින් මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

තව කියවන්​න

සියලු රාජ්‍ය සේවකයින්ගේ දීමනා සහිත අවම වැටුප රුපියල් 57,500 දක්වා දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සමගි ජන සන්ධානය වරකාපොළදී සංවිධාන කළ ජන රැළියකට එක්වෙමින්.

තව කියවන්​න

කොවිඩ් සමයේ මළසිරුරු ආදාහනය අනිවාර්ය කිරීම හේතුවෙන් අගතියට පත් පාර්ශ්වවලට වන්දි ගෙවීම සඳහා කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මඩකලපුව එරාවුර් නගරයේ පැවැති ජන රැළියකට එක්වෙමින්. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සහභාගීත්වයෙන් මඩකලපුව එරාවුර් නගර සභා ක්‍රීඩාංගනයේදී ජන රැළියක් පැවැත්වුණා.

තව කියවන්​න

ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. එම කොමිෂන් සභාව නිවේදනය කළේ ගෙවුණු පැය 24ක කාලය තුළ පමණක් මැතිවරණ පැමිණිලි 65ක් වාර්තා වී ඇති බවයි. ඒ අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධවයි. එමෙන්ම පසුගිය ජූලි 31 වැනිදා සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි 836ක් වාර්තා වන බව ද මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළා.

තව කියවන්​න

ජර්මනියේ සොලින්ජන් නගරයේ උත්සවයකදී තියුණු ආයුදකින් පහරදී පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තිබෙනවා. මෙම සිද්ධියෙන් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු තුවලා ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අදාළ පහරදීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා. සොලිජන් නගරය ස්ථාපනය කර වසර 630ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබු උත්සවකදීයි මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ.

තව කියවන්​න

සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුදග්ලයින් 3400ක් පමණ ගෙවුණු මාස 05 තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. දිවයිනම ආවරණය වන පරිදි සිදුකළ මෙම මෙහෙයුම් සදහා විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් එක්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ අත්අඩංගුවටගත් සැකකරුවන් සම්බන්ධයෙන් අවශ්‍ය නිතිමය කටයුතු මේ වන විට සිදුකර ඇති බවයි.

තව කියවන්​න