Author: VNews

78 වැනි බ්‍රැඩ්බි පළිහ පළමු අදියරේ ජය කොළඹ රාජකීය විද්‍යාලය පරාජය කරමින් මහනුවර ත්‍රිත්ව විදුහල විසින් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. ඔවුන් ජය ගනු ලැබුවේ ලකුණු 17-16ක් ලෙසයි. කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර බ්‍රැඩ්බි පළිහ වාර්ෂික රග්බි තරගාවලිය ඊයේ කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රිඩා සංකීර්ණයේදී ආරම්භ වුණා. මෙම තරගාවලියේ දෙවන අදියර සැප්තැම්බර් මස 07 වනදා පල්ලැකැලේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙම බ්‍රැඩ්බි පළිහ තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 78 වැනි වරටයි. මෙතෙක් පැවැති තරගාවලි අතරින් තරග 39ක ජය හිමිකර ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය විසින් හිමිකරගෙන තිබෙනවා.

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය කඩුළු 05කින් ජය ගැනීමට එංගලන්තය සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 236ක් රැස් කර ගැනීමට සමත් වූ අතර, එංගලන්තය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 358ක් රැස් කළා. අනතුරුව දෙවෙනි ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 326 රැස් කිරීමට සමත් වූ අතර, ඒ අනුව දෙවෙනි ඉනිම සඳහා එංගලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 205ක්. එම ඉලක්කය හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 57යි පන්දු 02ක් අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 205ක් ලබා ගනිමින් පළමු ටෙස්ට් තරගයේ ජය වාර්තා කිරීමට…

තව කියවන්​න

ප්‍රතිකාර සදහා භාවිත කළ ඖෂධ 156ක් තහනම් කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා. ඒ අදාළ ඖෂධ මගින් මිනිස් සිරුරට ඇතිවිය හැකි අහිතකර අවදානමක් හේතුවෙන්. සෙම්ප්‍රතිශ්‍යාව , උණ සහ ප්‍රතිජීවක ලෙස භාවිත කරන ඖෂධ වර්ග කිහිපයක් මිනිස් සිරුරට අහිතකර බවට පර්යේෂණයක් මගින් අනාවරණ කර තිබෙනවා.

තව කියවන්​න

කෘතිම රා සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ කෘතිම රා තුළ නාහිකර රසායනික ද්‍රව්‍ය අඩංගු බවට වාර්තා වන බවයි. ඒ අනුව විධිමත් අධ්‍යයනයක් සිදුකිරීමට මේ වන විටත් කටයුතු කර ඇති බවයි උපුල් රෝහණ මහතා සදහන් කළේ.

තව කියවන්​න

බෙදුණු සහ කඩා වැටුණු රට ගොඩනැගීමේ හැකියාව තම කණ්ඩායම සතුව ඇති බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු කියා සිටියේ රට ගොඩනැගීමේ වගකීම තමන් සහ තමන්ගේ කණ්ඩායම භාර ගන්නා බවයි.

තව කියවන්​න

අගෝස්තු මාසයේ ගත වූ කාලසීමාව තුළ 2400කට අධික ඩෙංගු රොගීන් පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසීය. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය අනෝමා දීප්ති මහත්මිය පවසා සිටියේ, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි.

තව කියවන්​න

නැගෙනහිර සහ ඌව පළාත්වල හෙට  සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත්, මහනුවර, සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය හැකියි. එමෙන්ම උතුර, උතුරුමැද සහ වයඹ පළත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 40 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

තව කියවන්​න

ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වූ අවස්ථාවේ රට භාරගෙන කටයුතු කිරීමට නොහැකිව පලාගිය නායකයින්ට මෙවර මැතිවරණයට තරග කිරීමට කිසිදු සුදුසුකමක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා . ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ජනරැලියක අමතමින් . වොයිස් කට් – රනිල්

තව කියවන්​න

පසුගිය දිනවලට සාපේක්ෂව මේ දිනවක එළවළු මිල තරමක ඉහළ අගයක ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. එළවළු ව්‍යාපාරිකයින් පෙන්වා දෙන්නේ මිලදී ගැනීමට පැමිණෙන ජනතාවගේ අඩුවක් දක්නට ලැබීම නිසා වෙළෙදුන්ගේ ආදායම පහත වැටී ඇති බවයි.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි සඳහන් . උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30ත් 40 ත් පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද වර්තවනවා . මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .

තව කියවන්​න