Author: VNews

මැතිවරණය ඉලක්ක කර ගනිමින් නීතිවිරෝධීව ප්‍රචාරය කරනු ලබන දැන්වීම් ඉවත් කිරීම සඳහා දිවයිනේ පොලිස් ස්ථාන වෙත කම්කරුවන් 1500කට අධික ප්‍රමාණයක් බඳවා ගැනීමට සිදුව තිබෙනවා. මේ බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර සඳහන් කළා.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ කතෝලික රදගුරු සම්මේලනය අතර හමුවක් පවත්වා තිබෙනවා. එහිදී රදගුරු සම්මේලනයේ සභාපති රදගුරු හැරල්ඩ් ඇන්තනි පෙරේරා පියතුමන් ඇතුලු කොළඹ සහායක රදගුරු සහ කතෝලික රදගුරු සම්මේලනයේ සාමාජිකයින් එම හමුවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

තව කියවන්​න

සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු හෙට (26)  සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට බෙදීමේ උත්සාහයක නිරත වන බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා චෝදනා කරනවා . පෝලිම් යුගය අවසන් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබාදුන්නාට රට බෙදීමට සහය ලබා දිය නොහැකි බවයි ඒ මහතා ජනරැලියක් අමතමින් කියා සිටියේ . වොයිස් කට් -තිස්ස කුට්ටිආරච්චි මේ අතර ජනරැලියක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නොහැකියාව පසුගිය ආණ්ඩු කාලයේදී හොදින් දැක ගැනීමට හැකිවූ බවයි . වොයිස් කට් -දයාසිරි ජයසේකර ජනාධිපතිවරණය විජයක් ග්‍රහණයක් කරා ගෙනයාමට කටයුතු කිරීමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා . වොයිස් කට් -දුමින්ද දිසානායක පවතින…

තව කියවන්​න

වත්මන් තත්ත්වය අවබෝධ කර ගනිමින්, මෙතෙක් ලබා ඇති ප්‍රගතියට සහය දෙන ලෙස කොළඹ සිටින විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන්ගෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ඉල්ලීමක් කර තිබෙනවා. විෂයභාර අමාත්‍ය අලි සබ්රි විසින් එම අමාත්‍යාංශයේදී රාජ්‍යතාන්ත්‍රිකයන් දැනුවත් කිරීමේ හමුවක් කැඳවා තිබූ අතර, ආර්ථික ප්‍රකෘතිය, නීති ප්‍රතිසංස්කරණ සහ සංහිඳියාව වැනි කරුණු ගණනාවක් එහිදී පැහැදිලි කෙරුණා. ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳ දළ විශ්ලේෂණයක් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් සපයා තිබෙනවා.

තව කියවන්​න

ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වූ ඉන්ධන ප්‍රවාහන දුම්රියක් අද (25) අලුයම මරදාන දුම්රිය ස්ථානයේදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා. එමෙන්ම දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ කියා සිටියේ මෙම පීලිපැනීමත් සමඟ මරදාන දුම්රිය ස්ථානයේ තුන්වන සහ හතරවන වේදිකාවලට හානි සිදුව ඇති බවයි.

තව කියවන්​න

නැගෙනහිර සහ ඌව පළාත්වල අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත්, මහනුවර, සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය හැකියි. එමෙන්ම උතුර, උතුරුමැද සහ වයඹ පළත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 40 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .

තව කියවන්​න

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කප්පලඩි වෙරළ ප්‍රදේශයේ අද දින (2024 අගෝස්තු 24) සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හත්සිය හැත්තෑ හයක (776) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි. මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි. ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් අද දින (2024 අගෝස්තු 24) කල්පිටිය කප්පලඩි වෙරළ ප්‍රදේශයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ තිබූ සැකකටයුතු පාර්සල් විසි හතරක් (24) නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට…

තව කියවන්​න

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය අද පැවැත්වීමට නියමිතයි. ඒ පක්ෂ නායක , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවැත්වෙන මෙම සම්මේලනය පස්වරු 02 ට ආරම්භ කිරීමට නියමිතයි. රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ යෝජනාවට අනුමැතිය ලබා ගැනීමද මෙහිදී සිදුකෙරෙනු ඇති. ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට පැමිණි මන්ත්‍රිවරුන්ද විශේෂ ආරාධිතයින් ලෙස මෙම සම්මේලනයට එක්වීමට නියමිතයි.

තව කියවන්​න

ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 900 ඉක්මවා ගොස් තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ පසුගිය ජුලි 31 වනදා සිට මේ දක්වා ඊට අදාළ පැමිණිලි 901ක් ලැබී ඇති බවයි. ඒ අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංගනය කිරීම් සම්බන්ධවයි. ඊයේ දිනය තුළ ද මැතිවරණයට අදාළව පැමිණිලි 65ක් ලැබී තිබෙනවා.

තව කියවන්​න