- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
Author: VNews
හිටපු අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසි මහතාට වසර 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (27) නියෝග කළේය. ඒ. එච්. එම් ෆවුසි මහතා වරද පිළිගැනීමෙන් අනතුරුව ඔහුව එම චෝදනාවට වරදකරු කරමින් අධිකරණය එම නියෝගය ලබාදුන්නේය.
ගාල්ල, දඩල්ල උඩුවත ප්‍රදේශයේ සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙක්ගේ මළසිරුරක් ඊයේ (26) උදෑසන ගාල්ල පොලිසිය සොයාගෙන තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 62ක් වූ මහදුරගෙවත්ත, දඩල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම මරණය සිදු වූ ආකාරය සම්බන්ධ නිසි තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වෙන්නේ.
2025 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා විදේශීය සිසුන් ප්‍රමාණය තවත් අඩු කිරීමට එරට රජය කටයුතු කර තිබේ. ඒ අනුව ලබන වසරේදී එරට විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා විදේශීය සිසුන් ගණන 270,000කට සීමා කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් ය.
සෑම අතින්ම රට පොහොසත් රාජ්‍යයක් බවට පත්කිරීම ජාතික ජන බලවේගයේ අරමුණ බව එහි නායක ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු කියා සිටියේ ආර්ථික වශයෙන් මෙන්ම නීතිය, රාජ්‍ය සේවය ඇතුළු සෑම අංශයකින්ම දියුණු රටක් බවට පත්කිරීමට සිය පක්ෂය සතුව වැඩපිළිවෙළක් තිබෙන බවයි.
2024 සැප්තැම්බර 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව ලැබෙන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඊයේ (25) පස්වරු 4.30 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 127ක් ලැබී ඇති බවයි.
හිස්බුල්ලා සංවිධානයේ මහා පරිමාණ රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා දකුණු ලෙබනනය පුරා පූර්ව ප්‍රහාර රැල්ලක් ක්‍රියාත්මක කළ බව ඊශ්‍රායලය ප්‍රකාශ කළා. ඒ අනුව ඉරිදා උදෑසන ප්‍රහාරක ජෙට් යානා ඉරානයේ පිටුබලය ලබන හිස්බුල්ලා රොකට් විදින යන්ත්‍ර දහස් ගණනක් විනාශ කර තිබෙනවා.
බංග්ලාදේශයට බලපා ඇති අධික වැසි තත්වය හමුවේ ඇතිවූ ගංවතුර සහ ආපදාවලින් පුද්ගලයන් 20 ක් මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිලියන 5 කට වැඩි පිරිසක් මේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින බවය. එරට මාර්ග අවහිරවීම් හේතුවෙන් ගළවාගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා.
තේ වගාව සඳහා ආරම්භ කළ පොහොර සහනාධාර වැඩසටහන මේ වනවිට ක්‍රියාත්මක බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා. ඒ යටතේ රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන ලද පොහොර වර්ග 05ක මිල ගණන් අඩු කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.
මෙවර ජනාධිපතිවරණයේ නිළ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත මළු බෙදාහැරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අද දිනය පුරා එම බෙදාහැරීම් කටයුතු මධ්‍යස්ථාන 25 ක් වෙත සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ. සහතික කළ තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත මළු හෙට සිට අදාළ රාජ්‍ය ආයතන වෙත ලැබෙනු ඇති.
බදු පිළිබඳ සියලු තොරතුරු හෙට (26) දිනයේදී හෙළිදරව් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පවසන්නේ මෙම වකවානුව තුළ හිඟ බදු අය කරගනිමින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට කටයුතු කළ බවය.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222












