- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: VNews
අත්අඩංගුවට ගත් මෙරට මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැළකෙන ශිරාන් බාසික් ගේ පුත්‍රයාවන නදීන් බාසික්ට විදේශ ගමන් තහනමක් පැනවීමෙන් පසු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දී තිබෙනවා. ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අවස්ථාවේදියි ඔහුව අත්අඩංගුවට ගත්තේ
මහ බැංකුව විසින් අද (28) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 295.8172ක් ලෙසයි සටහන්ව ඇත්තේ. එමෙන්ම එහි විකුණුම් මිල රු. 305.0549ක් ලෙස වාර්තා වී තිබෙනවා.
වැඩබලන පොලිස්පතිවරයා පත්කිරීමට අපොහොසත්වීම සහ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් නොකිරීම පදනම් කරගෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුසුදුස්සකු බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා පෙත්සම්කරුවෙකු විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු ගාස්තු වශයෙන් රුපියල් 50,000 ක් ගෙවන ලෙසද පෙත්සම්කරුවාට නියෝග කර තිබෙනවා.
රටේ සංස්කෘතියට හානියක් වන කිසිම දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කරන්න ඉඩ තියන්නේ නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.ඔහු මේ බව පැවසුවේ 2024 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් කුරුණෑගල, මාවතගම සතිපොළ ක්‍රීඩාංගණයේ දී පස්වරුවේ පැවැති ජනහමුවට එක්වෙමින්.
ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු දින 90ක් තවදුරටත් රඳවා ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා අවසර දුන් බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අද කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවේ දැනුම් දී තිබෙනවා. මේ අතර පසුගිය 23 වැනිදා දෙහිවල පොලිස් වසමේ කවුඩාන ප්‍රදේශයේදී ක්ලබ් වසන්ත ඝාතනනයේ එක් වෙඩික්කරුවකු අත්අඩංගුවට ගැණුනා. මෙලෙස අත්අඩංගුවට පත් වූයේ 31 හැවිරිදි පැටී අරඹගේ හෙවත් අජිත් රෝහණ නම් අයෙක්.
දියුණු රටක් ගොඩනැගීම සඳහා තමන් සමග එක්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා . ඒ මහතා මේ බව කියාසිටියේ ජනරැලියක් අමතමින් . වොයිස් කට් -නාමල් රාජපක්ෂ
කන්නයේ සිට වී වගාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීමට ලබා දෙන සහනාධාර මුදල රුපියල් 25,000ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මේ බව සඳහන් කළා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමිපාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා. ඒ, නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත අද පැමිණෙමින්.
2025 නව වසර සඳහා මුද්‍රණය කිරීමට නියමිත පෙළපොත් වර්ග 317න් පෙළපොත් වර්ග 71ක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් මුද්‍රණය කරවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. නව වසරේදී පාසල් දරුවන් වෙත නොමිලේ බෙදා හැරීමට අවශ්‍ය ඉතිරි පාසල් පෙළපොත් වර්ග 246 මුද්‍රණය කරවා ගැනීම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවා ඇතැයි පැවසේ.
2024 පැරා ඔලිම්පික් උළෙල හෙට (28) ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ ප්‍රංශයේ පැරිස් නුවරදීයි. එම උළෙලට ක්‍රීඩා ඉසව් 22ක් ඇතුළත් වන අතර රටවල් 189කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,400කට අධික සංඛ්‍යාවක් සහභාගී වන බවයි වාර්තා වන්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222