Author: VNews

රුපියල් එක් කෝටි පනස් අට ලක්ෂ විසි දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි , විස්කි සහ චන්ද්‍රිකා රූපවාහිනී සම්ප්‍රේෂණ උපකරණ තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ ගුවන් මගීන් 05 දෙනෙකු සමග කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් 08/28 දින අත් අඩංගුවට ගෙන තිබේ . මෙම භාණ්ඩ තොගය චීන ජාතිකයන් දෙදෙනෙකු , ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සහ ඉන්දීය ජාතිකයෙකු විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ තිබුණි .  මෙම අත් අඩංගුවට ගැනීම කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ පද්මිණී කුමාරිහාමි මහත්මියගේ උපදෙස් සහ අධීක්ෂණය මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ධනුෂ්ක පෙරේරා , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ රුචිර කරුණාතිලක , සහකාර රේගු අධිකාරීවරුන් වන කේ.ඒ.පී.ජී.වීරසිංහ , පී…

තව කියවන්​න

මිනීමැරුම් , කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ වරෙන්තු ලබා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 33 හැවිරිදි  විතානගේ දොන් ගීත්මාල් බිනෝයි දිල්ෂාන් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ නිලධාරීන් පිරිසක්  ඩුබායි වෙත ගොස් අත් අඩංගුවට ගෙන 08/29 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි . මොහු මතුගම ශාන් නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකගේ ප්‍රධානතම ගෝලයා බව සදහන් වේ .  මොහු 08/29 දින අලුයම 05.05 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබූණි . කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් මෙම ගුවන් යානය වෙත ගොස් මෙම…

තව කියවන්​න

උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිතව වායුගෝලයේ අඩු පීඩන තත්ත්වයක් අද වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝ මීටර් 70 ත් 80ත් දක්වා වැඩි විය හැකි බව කාලගුණ නිවේදනයේ සදහන්. එමෙන්ම මුහුදු ප්‍රදේශ ඉතා රළු ස්භාවයක් ගත හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ හේතුවෙන් උතුරු බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයට ගමන් කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම නම් කර තිබෙනවා. පළමු ටෙස්ට් තරගයේ දී පාදයක ආබාධයකට ලක් වූ මාර්ක් වුඩ්ට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති බැවින් ඔහු වෙනුවට කණ්ඩායමට ආදේශ කර ඇත්තේ ඔලී ස්ටෝන්. 2019 වසරේ දී ටෙස්ට් වරම් දිනූ 30 හැවිරිදි ස්ටෝන් මේ දක්වා එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 3 ක් පමණයි. එහිදී ඔහු කඩුලු 10 ක් දවා ගැනීමට සමත් වුණා. ඔලී ස්ටෝන් කණ්ඩායමට ආදේශ කිරීම හැරුණු විට වෙනත් කිසිදු වෙනසක් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් දෙවැනි ටෙස්ට් තරගය සදහා සිදු කර නැහැ. දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තය කඩුලු පහක…

තව කියවන්​න

අමෙරිකාව ඇතුළු බටහිර රටවල් විසින් යුක්රේනයට සහය දැක්වීම හරහා ඉදිරියේදී තුන්වන ලෝක යුද්ධය පවා ඇතිවිමට ඉඩ ඇති බවට රුසියාව අනතුරු අගවනවා. එරට විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් කියා සිටියේ තවදුරටත් යුක්රේනයට බටහිර රටවල් සහය දක්වන්නේ නම් තම රට සතු න්‍යෂ්ටික යුද ශක්තිය උරගා බැලීමට වුවද සූදානම් බවයි. කෙසේ වෙතත් රුසියාව ප්‍රකාශ කරන ආකාරයට ඔවුන් සතුව මෙවැනි බලයක් නොමැති බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා.

තව කියවන්​න

දිනකට නව විදෙස් ගමන් බලපත්‍ර දහසක් නිකුත් කිරීමට පියවර ගන්නා බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා. විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සදහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ දිනයක් වෙන් කර ගැනීමේ ක්‍රියාවලිය අත්හිටුවීමෙන් පසුවයි මෙම ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත්තේ. මේ අතර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට අදත් විශාල පිරිසක් බත්තමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ සිටියා. එමෙන්ම අද දිනයේදී විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණි පිරිස් වෙත පොලිසිය විසින් ටෝකන් පතක් නිකුත් කරනු ලැබුවා.

තව කියවන්​න

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නියෝජිත කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබෙනවා. යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින්ගේ පළමු කණ්ඩායමයි මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ. තවත් නිරීක්ෂකයින් පිරිසක් ඉදිරි සතියේදී දිවයිනට පැමිණිමට නියමිතයි. මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයින් පිරිසක් ද ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සදහා දිවයිට පැමිණ තිබෙනවා. එමෙන්ම ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නියෝජිතයින් ඉදිරි සති කිහිපය තුළ දිවයිනට පැමිණීමට නියමිතයි.

තව කියවන්​න

දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. නිට්ටඹුවේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. නව තාක්ෂණය තුළින් ධීවර කර්මාන්තය ඇතුළු කේෂ්ත්‍ර ගණනාවක් දියුණු කිරීමට පියවර ගන්නා බව ද අනුර කුමාර දිසානායක මහතා සදහන් කළා.

තව කියවන්​න

ගොවියා මෙන්ම පාරිභෝගිකයාද ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින්. සිය රජයක් යටතේ ගොවි ජනතාව ලබාගත් වගා ණය සම්පුර්ණයෙන්ම කපා හරින බව ද සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළා.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික වායු බලාගාරය ලෙස කෙරවලපිටිය සොබාධනවි බලාගරය අද විවෘත කෙරුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. සොබාධනවි බලාගාරය මගින් මෙරට ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 350ක විදුලි ධාරිතාවක් එක්කර ගැනීමට නියමිතයි. මෙම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ 2025 වන විට දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ ඉලක්ක සපුරා ගත යුතු බවයි.

තව කියවන්​න