- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
Author: VNews
පළාත් පාලන ආයතන කිහිපයක් විසුරුවා හැරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව වාර්තවනවා. පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ද සාකච්ඡා කර ඇති බවයි. ඒ අනුව වංචා හා දූෂණ ක්‍රියාවන්ට සම්බන්ධ පළාත් පාලන ආයතන නීති උපදෙස් ලබාගනිමින් විසුරුවා හැරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. පළාත් පාලන ආයතනවල දේපළ මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් අදහස් පල කල අමාත්‍යවරයා කියා සිටියේ මැතිවරණයට අගතියක් වන කිසිදු ක්‍රියාවක් සිදුනොකරන ලෙසට තමන් පළාත් පාලන මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇති බවයි. පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 09 වැනි දා පැවැත්වෙන බව…
විදෙස් ජාතික නැවියන් දෙදෙනෙක් හදිසියේ මියයෑමේ සිදුවීමක් පිළිබඳ ගාල්ල වරාය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 41 සහ 53වන වියේ පසුවන යුක්‍රේන ජාතිකයින් දෙදෙනෙක්. ඊජිප්තුවේ සිට ඉන්දියාව බලා භාණ්ඩ ප්‍රවාහනය කරන නෞකාවක සේවයේ යෙදී සිටි නැවියන් දෙදෙනෙක් ජාත්‍යන්තර මුහුදු තීරයේ දී මියගොස් ඇතැයි ඊයේ ලද පැමිණිල්ලක් මත අදාළ විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්. මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමට නියමිතයි.
උසස් පෙළ විභාගය අවසන් වන මේ මස 17 වනදා දක්වා කිසිදු ආකාරයක විදුලි කප්පාදුවකට අවසර ලබාදී නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එය නොතකා සිදුකරන විදුලි කප්පාදුවක් අනවසර සහ අනීතික ක්‍රියාවක් බවද ඔහු සඳහන් කළා. කෙසේ වෙතත් විදුලිය උත්පාදනය සඳහා අතිරික්ත ජලය නිකුත් කිරීමට ජල කළමණාකරණ ලේකම් කාර්යාලය එකඟ වීමත් සමඟ පසුගිය 30 සහ 31 යන දින දෙකෙහි විදුලි කප්පාදුවක් සිදු කෙරුණේ නැහැ. එහෙත් එම කාර්යාලය ඊයේ ප්‍රකාශ කළේ විදුලි උත්පාදනය සදහා තවදුරටත් අතිරික්ත ජලය නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බවයි. ඒ අනුව ඊයේ සිට යලි පැය 2යි විනාඩි 20 කාලයක් විදුලිය කප්පාදු කෙරුණා. අද දිනයේද එය ක්‍රියාත්මක බවයි…
ලබන 24 වනදා සිය රටෙහි නගර කිහිපයකට රුසියාව ප්‍රහාර එල්ල කිරීමට සැළසුම් කර ඇති බව යුක්රේනයේ ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකෝ පවසනවා. ඔමෙන්ම යුක්රේන ආක්‍රමණය ආරම්භ කර වසරක් සම්පූර්ණ වීම සනිටුහන් කරමින් මෙම ප්‍රහාරය එල්ල කිරීමට සැරසෙන බවට ද ආරක්ෂක අමාත්‍යවරයා චෝදනා කර තිබෙනවා. කෙසේ වෙතත් රුසියාව එම ප්‍රහාරය සඳහා හමුදා භටයින් ලක්ෂ 5ක් පමණ කැඳවා ඇති බවයි විදෙස් වාර්තා වල දැක්වෙන්නේ.
ලෝක තෙත්බිම් දිනය අදට යෙදී තිබෙනවා. ”තෙත්බිම් ප්‍රතිෂ්ඨාපනය කිරීමට කාලය යි” යන්න මෙවර තෙත්බිම් දිනයේ තේමාව බව සඳහන්. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිත ප්‍රදේශ කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල අමරරත්න මහතා සඳහන් කළේ මෙවර තෙත්බිම් දිනයට සමගාමීව දිවයින පුරා වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවයි.
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනට ඇතුළු වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බර ව පවතින අතර උතුර, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්. කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා…
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව සඳහන්. ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ හෙට පස්වරු 2.00ට මෙම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි. කෙසේ වෙතත් වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව ලබන 08 වැනිදා උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිත අතර ඒ පිළිබඳව ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුකිරීමට නියමිත බව වාර්තා වනවා.
එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක සෑම් කරන්ට දඩ මුදලක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව තරග ගාස්තුවෙන් 15% ක් ගෙවන ලෙසයි සෑම් කරන්ට දන්වා ඇත්තේ. දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී අයි.සී.සී ක්‍රීඩක විනය නීති සංග්‍රහයේ 2.5 වගන්තිය උල්ලංඝනය කරමින් පළමු මට්ටමේ වරදක් සිදු කිරීම හේතුවෙන් ඔහුට මෙලෙස දඩ නියම වුනා. එම තරගයේ දී ටෙම්බා බවුමාගේ කඩුල්ල දවා ගැනීමෙන් අනතුරුව විනය විරෝධී ලෙස එය සැමරූ බවටයි සෑම් කරන්ට චෝදනා එල්ල වූයේ. දඩ මුදලට අමතරව සෑම් කරන්ගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් ද නියම කිරීමට අයි.සී.සී ය කටයුතු කර තිබෙනවා. සිදු කළ වරද හා ලබා දුන්…
දකුණු ඇමෙරිකාවට බලපා ඇති හිම කුණාටු හේතුවෙන් මිලියන 40ට ආසන්න සංඛ්‍යාවකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. දකුණු ඇමෙරිකාවේ ටෙනිසීස් සිට ටෙක්සාස් දක්වා හිම කුණාටු තත්ත්වයක් ඇතිව තිබෙනවා. නිවාස 30,000ට පමණ විදුලිය නොමැති බවයි වාර්තා වන්නේ. ටෙක්සාස් ප්‍රාන්තයේ පාසල් රැසක් වසාදැමීමට පියවර ගෙන ඇති අතර ගුවන් ගමන් වාර 2,000ට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
කෙටි ආහාර අලෙවි ස්ථාන සඳහා මත්වතුර බලපත්‍ර ලබාදීමේ සුදානමක් ඇති බව සමගි ජන බලවේගය පවසනවා. පාර්ලිමේන්තු මන්තිු බුද්ධික පතිරණ මහතා සඳහන් කරන්නේ ආණ්ඩුව ඉතා අධික මුදලකට මෙම බලපත්‍ර අහෝසි කිරීමට සුදානම් බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















