- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: VNews
ජපානය විසින් මේ වන විට ශ්‍රි ලාංකිකයින්ට ලබා දී ඇති රැකියා ක්ෂේත්‍රවලට අමතරව, තවත් ක්ෂේත්‍ර රැසක රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට විවෘත කිරීමට ජපානය එකග වී තිබේ. පසුගියදා ජපානයේ IM Japan ආයතනයේ සභාපති හිසයෝෂි කිමුරා (Hisayoshi Kimura) හා අධ්‍යක්ෂක මසනෝබි කොමියා (Masanoby Komiya) යන මහත්වරුන්, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩ බලන අධ්‍යක්ෂක ජෙෆ් ගුණවර්ධන හා සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක යන මහත්වරුන් කාර්යාංශයේදී හමුවූ අතර, එහිදී ලාංකිකයින්ට ජපානයේ රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී. මේ වන විට IM Japan ආයතන මගින් ශ්‍රි ලාංකිකයින්ට ජපානයේ ඉදිකිරීම්, සාත්තු සේවා, නිශ්පාදන, මෝටර් රථ කාර්මික ශිල්පී හා ඇසුරුම් සේවා වැනි ක්ෂේත්‍රවල රැකියා අවස්ථා ලබාදෙන අතර, ඊට අමතරව කෘෂිකාර්මික,…
මෙරට සෞඛ්‍ය සේවාවේ ඖෂධ තත්ත්වය පිළිබද විශේෂ මාධ්‍ය හමුවක් අද (30) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි. මෙම විශේෂ මාධ්‍ය සාකච්ඡාව සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා, ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සාමාන්‍යාධිකාරි දිනූෂ දසනායක මහතා, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා ඇතුලු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.
ශ්‍රී ලංකා නාවික හමුදාව; ත්‍රීකුණාමලය නිලාවේලි වෙරළ ප්‍රදේශයේ අද දින (2024 අගෝස්තු 30) සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස වාණිජ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන මසුන් කිලෝග්‍රෑම් එක්දහස් අටසිය හැට පහක (1865) පමණ තොගයක් අලෙවි කිරීමට සූදානම් කරමින් සිටි පුද්ගලයෙකු (01) සමඟ එම මසුන් තොගය නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, අද දින (2024 අගෝස්තු 30) නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනය මඟින් ත්‍රීකුණාමලය නිලාවේලි වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, සැකසහිත මසුන් එක්රැස්…
ඩුබායි රාජ්‍යයේ කර්මාන්ත ශාලාවල රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 50ට අධික මුදලක් වංචාකළ පුද්ගලයෙකු රුවන්වැල්ල ප්‍රදේශයේදී 2024.08.28 දින අත්අඩංගුවට ගෙන තිබේ. රුවන්වැල්ල නගරයේ “ආරාධනා” නමින් නිතිවිරෝධි විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින්, විදේශ රැකියා ඩුබායි රාජ්‍යයේ ලබාදීම සඳහා කාන්තා පිරිමි දෙපාර්ශවයෙන්ම සැකකරු මුදල් ලබාගෙන ඇති අතර, ඔහුට එරෙහිව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි 15ට අධික ප්‍රමාණයක් ලැබී තිබුණි. මීට පෙර මෙම විදේශ රැකියා ආයතනය මිනුවන්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් ඇති අතර, එහි වංචාවන් පිළිබඳව අනාවරණය වීමෙන් පසු, කාර්යාංශයේ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් නයන්ත බුද්ධික බණ්ඩාරනායක නම් අදාළ ආයතනයේ හිමිකරු අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කර…
ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් සිදුව තිබෙනවා. රික්ටර් මාපකයේ ඒකක 5.7ක ප්‍රබලත්වයෙන් යුතුවයි එම භූ කම්පනය සිදුව ඇත්තේ. මෙම භූ කම්පනය කිලෝමීටර් 255ක් ගැඹුරින් හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි සංඛ්‍යාව 1300 ඉක්මවා තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මේ දක්වා ඊට අදාළ පැමිණිලි 1347ක් ලැබී ඇති බවයි. ඊයේ දිනය තුළදී පමණක් ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 118ක් ලැබී තිබෙනවා.
නව තාක්ෂණය ඔස්සේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අම්පාරේ පැවති ජන රැළියකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා.
එංගලන්ත කණ්ඩායමට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රි ලංකාවට හිමිව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. තරගය පැවැත්වෙන්නේ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රිඩාංගනයේදීයි.
මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම පොලිසියේ රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකුයි. මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට හදුනාගත් නිවසක් තුළ සැකකටයුතු ලෙස රැදී සිටියදී වැලිපැන්න පොලිසිය විසින් මොවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්වසන සෞඛ්‍ය පිළිබද ගෝලීය පරීක්ෂණ ඒකකයේ (NIHR) වාර්ෂික විද්‍යාත්මක රැස්වීම – 2024 සමාරම්භක උත්සවය ඊයේ (27) සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ලේක්සයිඩ් හොටලයේ දී පැවැත්විනි. ශ්වසන සෞඛ්‍යය පිළිබඳ NIHR ගෝලීය සෞඛ්‍ය පර්යේෂණ ඒකකයේ (RESPIRE-ස්වසන) වාර්ෂික විද්‍යාත්මක රැස්වීම 2024 අගෝස්තු 27 සිට 29 දක්වා තෙදිනක් පුරා පැවැත්වෙන අතර, පර්යේෂණ ඒකකය 2016 වසරේ ආරම්භයේ සිට තවදුරටත් ආයෝජනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් මෙරට තුළ සමුළුවක් කැඳවන පළමු අවස්ථාව මෙය වේ. ගෝලීය වශයෙන් සිදුවන මරණ පහෙන් එකකට ශ්වසන තත්වයන් වගකිව යුතු වන අතර, මේ සතියේ, ලොව පුරා සිටින ශ්වසන සෞඛ්‍ය විශේෂඥයින් කොළඹට රැස්වී රට හරහා සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට සහ ආසියානු කලාපයේ ශ්වසන රෝග බර…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222