- ඊශ්‍රායල අගමැති ජනපති ට්‍රම්ප් හමුවෙයි
- ගම් – නගර එකට සංවර්ධනය කරන්න ව්‍යාපෘතියක්
- ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 ම ක්‍රියාත්මකයි
- අමාත්‍ය විජිත අධිකරණයට එයි
- අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත් වෙයි
- ලංකාවේ තාවිට ඉහළ තැනක්
- ෙශ්‍රී ලංකා රජය හා ජපානය අතර සංශෝධන ගිවිසුමට කැබිනට් අනුමැතිය
- පොල් මද ආශ්රිත නිෂ්පාදන ආනයනයට කැබිනට් අනුමැතිය
Author: VNews
භූ කම්පනයෙන් විනාශ වූ ගොඩනැගිලිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට තුර්කි බලධාරීන් තීරණය කර තිබෙනවා. එරට අධිකරණ අමාත්‍යංශය පවසන්නේ ගොඩනැගිලි කඩාවැටුණු ප්‍රදේශවල බහුතර ගොඩනැගිලිවලට කම්පනයෙන් හානි සිදුව නොමැති බවයි. කෙසේ වෙතත් ගොඩනැගිලි 6500ක් පමණ විනාශ වී තිබෙනවා. නිවාස අහිමි වුවන්ට වසරක් ඇතුලත නව නිවාස ඉදි කර දෙන බව තුර්කි ජනාධිපතිවරයා පොරොන්දු වී තිබෙනවා. තුර්කියේ සහ උතුරු සිරියාවේ අවම වශයෙන් පුද්ගලයින් 12,000 ක් පමණ මියගොස් ඇති බව මේ වන විට තහවුරු කර තිබෙනවා. තුවාල ලබා ඇති ගණන 49 දහසක්.
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සිදුව ඇත්තේ සයනයිඩ් ශරීරගත වීමෙන් බව කොළඹ අලුත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිව තිබෙනවා.. එමෙන්ම ගෙල සිරවීමෙන් ඇති වූ තුවාල මරණීය තුවාල නොවන බවත් ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්. ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ කොළඹ අලුත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයේදී අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේදී කරුණු දැක්වීම සිදුකලා.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස නීතිඥ අසේල බී රැකව මහතා පත්කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය මත නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසිනුයි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ. අසේල බී රැකව මහතා ශ්‍රී ලංකා පරාමාණු බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී ගිනිබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ යකඩ නියමිත බදු ගෙවීමකින් තොරව කපා ඉවත් කිරීමට කිසිසේත් ම ඉඩ නොතබන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම නෞකාවේ යකඩ කපා ඉවත් කර ගන්නේ නම් ඒ සඳහා ආනයන අපනයන බලපත්‍රයක් ද ලබා ගත යුතු බවයි. යකඩ මෙට්‍රික් ටොන් 48,000ක් පමණ එම නෞකාවට අයත් වනවා.
පළාත් පාලන මැතිවරණයට ඇත්තේ තවත් මාසයක කාලයක්. මාර්තු 09 වනදා ඡන්ද විමසීම පැවැත්වීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනතාව තුල පවතින්නේ යම් අවිනිශ්චිතතාවක්. ඇතැම් පක්ෂ නියෝජිතයන්ද පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙනු ඇති බවට අදහස් ප්‍රකාශ කරමින් සිටිනවා. කෙසේ වෙතත් මැතිවරණය ඉලක්කර කර සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මැතිවරණ ව්‍යාපාර ක්‍රියාත්මක කරමින් සිටින අයුරු දැකගන්නට පුළුවන්. පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයින් 80,720 දෙනෙකු ඉදිරිපත්වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා. ඊට ලියාපදිංචි දේශපාලන පක්ෂ 80ක් සහ ස්වාධීන කණ්ඩායම් 329ක් ඇතුළත්. පොදුජන පෙරමුණ , එක්සත් ජාතික පක්ෂය සමග සමග සන්ධානගතව මෙවර තරග කරන අතර සමගි ජනබල වේගය, ජාතික…
පෞද්ගලික ව්‍යාපාර සහ අනෙකුත් පිරිස් වලට රාජ්‍ය බැංකු මගින් 15% ක පොලියට ණය ලබාදී, විදුලි බල මණ්ඩලයට 34% ක පොලියකට ණය ලබාදීම සාධාරණ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙනවා. මහජන උපයෝගීතා කොමිසම විසින් පවත්වන ලද ‘යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන උපදේශනය‘ විද්වත් සාකච්ජාවට එක්වෙමින් පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ භාණ්ඩාගාරය, විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ප්‍රධාන බැංකු දෙක එක්ව මෙම ප්‍රශ්නය විසඳාගත යුතුබවයි. අඩු ආදායම් ලබන ලක්ෂ 34ක ජනතාවට සමෘද්ධි සහනාධාරය ලබාදුන්නද – පවතින ක්‍රමවේදය හමුවේ එම ජනතාව සූරාකන තත්වයක් ක්‍රියාත්මක බව පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කලා.
අරගලකරුවන් ජනාධිපති මන්දිරයෙන් සොයා ගත් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මුදා හරින ලෙස කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා. අපරාධ නඩු විධාන සංග්‍රහ පනේ 431 වගන්තිය අනුව එම මුදල් සම්බන්ධයෙන් නියෝගයක් කිරීමට පෙර විමසීමක් කිරීම අධිකරණයේ වගකීමක් බවයි මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අවධාරණය කර ඇත්තේ. මෙය – මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත මෙන්ම අල්ලස් පනත යටතේ විමර්ශනය කිරීමේ හැකියාවක් ඇති බවද අධිකරණය සඳහන් කලා. එමෙන්ම මෙම මුදල් සම්බන්ධයෙන් වන විමර්ශන අවසන්ව නොමැති අතර, අදාළ මුදල පිළිබද වෙනත් අයකු හිමිකමක් නොකීවද එය මුදා හැරීමේ හැකියාවක් නොමැති බවයි මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ. අපරාධ නඩු විධාන සංග්‍රහ පනත…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වනවා. 09 වැනි පාර්ලිමේන්තුවේ හතරවැනි සභාවාරය ඊයේ ආරම්භ කෙරුණේ ජනාධිපතිවරයාගේ රාජාසන කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමගයි. ඒ අනුව රාජාසන කතාව මගින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද සහ හෙට විවාදයට ගැනීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කළේ. අද පෙරවරු 09යි 30ටයි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. සුබසාධන පනත යටතේ වන නියෝග සහ රජයේ ව්‍යවස්ථාපිත ආයතනවල වාර්ෂික වාර්තාවලට අදාළව පසුගිය සභාවාරයේදී ඉදිරිපත් කර තිබු යෝජනා 51ක් පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී ඉදිරිපත් කෙරෙනු ඇති. ඉන් පසුවයි ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද විවාදය ආරම්භ වීමට නියමිතව ඇත්තේ. සමගි…
අද ජාතික විරෝධතා දිනයක් ක්‍රියාත්මක වනවා. සෞඛ්‍ය සේවක උද්ඝෝෂණ මාලාව කොළඹ ජාතික රෝහල – දකුණු කොළඹ ශික්ෂණ රෝහල – රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහල – කළුතර නාගොඩ මහ රෝහල – පානදුර මූලික රෝහල මෙන්ම මාතර – මොණරාගල – අම්පාර – නුවරඑළිය සහ කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහල් ආශ්‍රිතව පැවැත්වීමටයි කටයුතු සංවිධාන කර ඇත්තේ. ඒ ඖෂධ හා සේවක හිගය මෙන්ම ප්‍රවාහන හා උද්ධමන දීමනා ඇතුළු ඉල්ලීම් මුල්කරගනිමින්. ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පුජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ඒ සම්බන්ධයෙන් කරුණු දක්වා සිටියා. වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන රැසකදී විරෝධතා සංවිධාන කර තිබෙනවා. ටෙලිකොම් මූලස්ථානය – කම්කරු දෙපාර්තමේන්තුව -…
ගිණිකොණ දිග තුර්කියේ සිරියානු දේශසීමාව ආසන්නයේ සිදුවූ භූ කම්පනයෙන් බලපෑමට ලක්වූ මිලියන 4කට අධික පිරිසකට මානුෂීය ආධාර අවශ්‍ය බව ජාත්‍යන්තර සංවිධාන පවසනවා. එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර සම්බන්ධීකරණ කාර්යාලය සඳහන් කර ඇත්තේ දැනටමත් රටවල් 30 කින් පමණ සහන කණ්ඩායම් තුර්කිය සහ සිරියාව වෙත ළගා වී ඇති බවයි. තුර්කියේ සහ සිරියාවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 11 000 දක්වා ඉහළ ගොස් ඇති අතර, තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව ද මේ වනවිට 30,000 ඉක්මවා ඇති බව සඳහන්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222