- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
Author: VNews
තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 15 000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. තුර්කියට බලපෑ භූ කම්පන තත්ත්වයෙන් ජනතාව මුදා ගැනීමේදී යම් කිසි දුර්වලතාවයක් සිදු වූ බව තමන් පිළිගන්නා බවයි එරට ජනාධිපති ටායිප් එඩෝගන් ප්‍රකාශ කර ඇත්තේ. භූ කම්පාවෙන් විනාශයට පත් වූ ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා විදෙස් මාධ්‍ය වෙත මෙම අදහස් පළ කර ඇත්තේ. තුර්කියේ විපක්ෂය පවසන්නේ අදාළ ව්‍යසනයේ වගකීම ජනාධිපතිවරයා විසින් භාරගතයුතු බවයි. අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති ටායිප් එඩෝගන් පවසන්නේ ඇතැමුන් පවතින තත්ත්වය හමුවේ දේශපාලන වාසි ලබා ගැනීමට විවිධ ප්‍රකාශ සිදු කළද ඒවාට මුලා නොවන ලෙසයි.
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසනවා. ඒ අනුව මෙවර ඡන්ද පත්‍රිකා එක් කෝටි හැත්තෑදහසක් පමණ මුද්‍රණය කිරීමට අපේක්ෂිත බවයි වාර්තා වන්නේ. පළාත් පාලන ආයතන 339කට අදාළව මෙවර ඡන්ද විමසීම එළඹෙන මාර්තු 09 වන දා පැවැත්වීමට නියමිතව ඇති අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සහ කල්මුණේ නගරසභාව සඳහා මෙවර ඡන්ද විමසීම සිදු නොවනු ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. මේ අතර රජයේ මුද්‍රණාලය සඳහන් කළේ පළාත් පාලන ආයතන 339කට අදාළව පළාත් පාලන ආයතන සඳහා තරඟ කරන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නාමලේඛන සියල්ල මේ වන විට ලැබී ඇති බවයි. එමෙන්ම පළාත් පාලන ඡන්ද විමසීමට…
නිට්ටඹුව, මාඉඹුල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටි සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදීයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන්ගෙන් දෙදෙනෙකු පොලිස් ක්‍රීඩා ඇඳුම් ඇඳ සිට ඇති අතර, ඔවුන් පොලිස් නිලධාරින් නොවන බවට දැනුවත් වීමෙන් පසු මෝටර් රථයේ සිටි තවත් දෙදෙනෙකු ද ඇතුළුව සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. සැකකරුවන් සන්තකයේ තිබී අත්විලංගු යුගලක් සහ ව්‍යාජ අංක තහඩු 03ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කුරුණෑගල නගරයේ ප්‍රධාන පෙළේ පාසලකට ශිෂ්‍යයෙකු ඇතුළත් කිරීම සඳහා අල්ලස් ලබාගැනීමට තැත් කල ගුරුවරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල පාසලේ උසස් පෙළ කලා අංශය බාර ප්‍රධාන ගුරුවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. සිසුවා උසස් පෙළ හැදෑරීම සඳහා පාසලට ඇතුලත් කර ගත යුතුනම් අදාල ගුරුවරයා විසින් රුපියල් ලක්ෂ 3ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබෙනවා. ඒ අනුව සිසුවාගේ පියා සිදුකල පැමිණිල්ලක් මත අදාල මුදල ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ.එච්.එම්. ෆවුසි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද දින දිවුරුම් දෙනු ලැබුවා. අද පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දී ෆවුසි මහතා දිවුරුම් දීම සිදු කළේ. සමගි ජනබලවේගය පක්ෂයේ මුජිබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ ඒ.එච්.එම්.ෆවුසි මහතා මෙලෙස දිවුරුම් දෙනු ලැබුවා. මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වීමේ අරමුණින් මුජිබර් රහුමාන් මහතා පසුගිය දා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වුණා. පසු ගිය මහ මැතිවරණයේදී සමගි ජනබලවේගයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසන 6ක් හිමි වූ ඒ.එච්.එස්.ෆවුසි මහතාට මනාප ලැබී තිබුණේ 48 701 ක් පමණයි. ඒ අනුව ඔහු මනාප ලැයිස්තුවේ 7 වන ස්ථානයට පත් වුණා.…
උතුර සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවලත්, ඌව සහ උතුරුමැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද සඳහන්. කෙසේ වෙතත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවයි වාර්තා වන්නේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 11 ට යළි රැස්වනවා. පසුගිය 7 වන දින ද එම සභාව රැස්වූනා. එහිදි අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනෙකු පත් කිරීමට අනුමැතිය ලබාදුන්නා. කොමිෂන් සභා සාමාජිකයින් ලෙස පත් කිරීම සඳහා වූ අයදුම්පත් කැඳවීම ලබන 15 වන දිනයෙන් අවසන් කිරීමටයි තීරණය කර ඇත්තේ. අයඳුම්පත් කැඳවීමට අදාළ දැන්වීම නැවත වරක් සති අන්ත පුවත්පත්වල පළ කෙරෙනු ඇති. මේ අතර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ලබන 11 වන දින මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා. ඒ ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු පිළිබඳ දැනුවත් කිරීම සඳහායි.
පිටකොටුව තොග වෙළඳපොලේ පරිප්පු කිලෝවක මිල රුපියල් 30 කින් පහත වැටී තිබෙනවා. ඒ අනුව පරිප්පු කිලෝවක නව තොග මිල රුපියල් 330ක්. මීට පෙර පරිප්පු කිලෝවක තොග මිල සටහන්ව තිබුණේ රුපියල් 360ක් ලෙසයි. මේ අතර, ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 110කට සහ ආනයනික අල කිලෝවක් රුපියල් 100කට තොග වෙළඳපොලේ අලෙවි වන අතර ආනයනික සුදු සීනි තොග මිල තවදුරටත් පවතින්නේ රුපියල් 215ක මට්ටමකටයි. කෙසේ වෙතත් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 215 සිට 230 දක්වා ඉහළ ගොස් ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කර ඇති සංකේත වැඩ වර්ජනය අද පෙරවරු 8.00ට අවසන් කර තිබෙනවා. රජය විසින් හඳුන්වාදුන් නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ දිවයින පුරා වෛද්‍යවරුන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා. කෙසේ වෙතත් අද දිනයේ වැඩ වර්ජනය අවසන් කළ ද සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුහොත් ඉදිරියේ දී සිය ක්‍රියාමාර්ග දැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කළේ.
ක්‍රීඩාවේ නිරත පාසල් දරු දැරියන්ට උසස් අධ්‍යාපනය සඳහා යොමු වීමේදී අමතර ලකුණු ප්‍රමාණයක් ලබා දීම කෙරෙහි යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා. ජාතික ක්‍රීඩා සභාවේ සභාපති හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසිනුයි මෙම යෝජනාව ක්‍රීඩා අමාත්‍යංශය වෙත යොමුකර ඇත්තේ. ක්‍රීඩාවේ නිරතවන පාසල් දරුවන්ට උසස් අධ්‍යාපනය සඳහා යොමු වීම ඉහළ නැංවීමේ අරමුණ ඇතිව මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි අර්ජුණ රණතුංග මහතා සදහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















