- ශ්රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්යන්තර සම්මාන 5ක් !
- චාමර සම්පත්ට නඩු 4කට ඇප
- ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
- ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
- හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
- කොළඹ ජාත්යන්තර පොත් ප්රදර්ශනය අදින් ඇරඹේ
- පළාත් 8ක ඉලෙක්ට්රොනික ආදායම් බලපත්ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
- පනිච්චම්කුලම ප්රදේශයේ ද්විත්ව මනුෂ්ය ඝාතනයක්
Author: VNews
මෙවර ගොවීන්ගෙන් රුපියල් 100කට වී කිලෝවක් මිලදී ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ පවසනවා. උතුරේ සංචාරය කරන අතරතුරයි කිලිනොච්චියේ ගොවීන් වෙත ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ. ඒ සඳහා මුදල් අමාත්යාංශය සහ කෘෂිකර්ම අමාත්යාංශය ඒකාබද්ධව ක්රමවේදයක් සකස් කර තිබෙනවා. මේ අතර ආනයනික අර්තාපල් මත බද්දක් පනවන ලෙස කෘෂිකර්ම අමාත්යාංශය මුදල් අමාත්යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙරට අර්තාපල් වගා කරන ගොවීන් රැකගැනීම රජයේ වගකීමක් වන බැවින් ආනයනික අර්තාපල් සඳහා බද්දක් පනවන ලෙස මුදල් අමාත්යංශ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දුන්න ද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා පැවසුවේ. හෙට දිනයේ පැවැත්වෙන අමාත්ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයාට කරුණු ඉදිරිපත්…
තැපැල් ඡන්ද පත්රිකා ලබන 15 වනදා තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. ඒ අනුව තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු ලබන 16 වනදා සිටම බෙදා හරින බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කළා. එම ක්රමවේදය පිළිබද නියෝජ්ය තැපැල්පති රාජිත රණසිංහ මහතා මෙලෙස පැහැදිලි කළා. මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නිරීක්ෂණ කටයුතුවලට අදාළ මුලික කටයුතු මේ වන විට සිදුකරන බව පැෆරල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සාමකාමීව පැවැත්වෙනු ඇති බවයි. මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ප්රදේශ කිහිපයකදී දේශපාලඥයින් මෙලෙස අදහස් පලකළා. වී මැතිවරණ කතා පොත විශේෂාංගය දැන්
අධිකරණ නියෝග කඩ කරමින් විරෝධතාවට එක්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී සෙල්වරාසා ගජේන්ද්රන් මහතා ඇපමත මුදාහැර තිබෙනවා. ඒ යාපනය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුයි. මන්ත්රීවරයා ඇතුළු 18 දෙනෙකු ඊයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළා. ඔවුන්ට ද අධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා. යාපනය ප්රදේශයේ විරෝධතා නොපවත්වන ලෙසට අධිකරණ නියෝගයක් ලබා දී තිබියදී ඔවුන් කලහකාරීව හැසිරෙමින් විරෝධතාවේ නිරත වී තිබුණා.
මීගමුව ප්රදේශයේ කර්මාන්තශාලාවක හටගෙන තිබු ගින්න පාලනයට පියවර ගෙන තිබෙනවා. අද අලුයම මෙම ගින්න හටගෙන තිබුණේ කටාන , දිසාගේවත්ත ප්රදේශයේ පුද්ගලික කර්මාන්තශාලාවකයි. ගින්න මැඩපැවැත්වීමට මීගමුව, ගම්පහ සහ ගුවන් හමුදා ගිනි නිවීම් රථ පහක් යොදවා ඇති බවයි පොලිසිය සදහන් කළේ. ගින්නෙන් ජීවිත හානී කිසිවක් සිදුව නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
ප්රදේශ කිහිපයකට හෙට පැය 10ක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා. රත්තොට, කයිකාවල සහ වේරගම යන ප්රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති. ඒ අනුව හෙට රාත්රි 08 සිට පසුදා උදෑසන 06 දක්වා මෙම ජල කප්පාදුව සිදුකරන බවයි ජල සම්පාදනය මණ්ඩලය නිවේදනය කළේ. රත්තොට ජල පවිත්රාගාරයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් මෙම ජල කප්පාදුවට හේතු වී තිබෙනවා.
කැනඩාවට ඉහළ අහසේදී හදුනානොගත් වස්තුවකට වෙඩි තබා තිබෙනවා. කැනඩා අග්රාමාත්ය ජස්ටින් ටෲඩෝගේ නියෝගයකට අනුව එරට ආරක්ෂක අංශ මෙම වෙඩිතැබීම සිදුකළ බව සදහන්. ප්රහාරක ජෙට් යානයක් යොදා ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
කල්පිටිය , කුඩාව වෙරළ තීරයට ගොඩගැසු තල්මසුන් රංචුව නැවත සාගරයට මුදා හැර තිබෙනවා. ඒ නාවික හමුදාවේ මැදිහත් වීමෙන්. තල්මසුන් 14 දෙනෙකු මෙලෙස කල්පිටිය වෙරළට ගොඩගසා තිබුණා. මෙම තල්මසුන් අතරින් තුන් දෙනෙකු මියගොස් ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව සදහන් කළා.
දිවයිනේ වෙරළබඩ ප්රදේශ කිහිපයකට පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. රත්නපුර , ගාල්ල , මාතර යන දිස්ත්රික්වලට රාත්රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවද කාලගුණ අනාවැකියේ සදහන්. දිනයිනේ අනෙකුත් ප්රදේශවල වැසි රහිත කාලගුණයක් පවතිනු ඇති බවයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ජාත්යන්තර ආරක්ෂක සේවා ක්රීඩා සභාවේ මෙහෙයවීම යටතේ ශ්රී ලංකා ආරක්ෂක සේවා ක්රිඩා මණ්ඩලය සංවිධානය කරන ලෝක ආරක්ෂක සේවා වෙරළ වොලිබෝල් තරගාවලිය හෙට සිට 17 වැනිදා දක්වා මීගමුව වෙරළ තීරයේදී පැවැත්වෙනවා . මෙම තරගාවලියේ සත්කාරකත්වය ශ්රි ලංකාවට හිමිව ඇත්තේ පළමු වරටයි . එහි සංවිධාන කටයුතු ආරක්ෂක සේවා ක්රීඩා මණ්ඩලයේ සභාපති මෙන්ම ශ්රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිර්ණ මහතාගේ අධික්ෂණය යටතේ, යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා යන මහත්වරුන්ගේ සහයෝගයද ඇතිව සිදු කෙරෙනවා . මෙම තරගාවලිය සදහා ප්රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, ඕමානය, සවුදි අරාබිය, වෙනිසියුලාව, කොලොමිබියාව සහ ශ්රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් පිරිමි…
රුපියල් මිලියන 85ක තවත් භාණ්ඩකර බිල්පත් වෙන්දේසියක් පෙබරවාරි 15 වනදා සිදුකරන බව මහ බැංකුව පවසනවා. දින 91න් රුපියල් මිලියන 45000ක් දින 182න් රුපියල් මිලියන 20000ක් සහ දින 364න් රුපියල් මිලියන 20000ක් ලෙස ඒවා වෙන්දේසී කරනු ඇත.
ප්රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















