- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
Author: VNews
අද දිනයේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව දැඩි කිරීමට බලධාරින් පියවර ගෙන තිබුණා. ඒ අනුව වෙනත් දිනයන්ට වඩා අමතර ආරක්ෂාවක් අද දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණයට යොදා තිබූ බවයි අප වාර්තාකරු සදහන් කළේ. මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව කටයුතු කරන බවට චෝදනා කරමින් විපක්ෂය මේ වන විටත් පාර්ලිමේන්තුවෙන් පිටත දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
ජල බිල්පත් නිකුත් කරන අවස්ථාවේදීම ඊට අදාල ගෙවීම් සිදු කිරීමේ නව ක්‍රමවේදයක් හදුන්වා දීමට ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර තිබෙනවා. එහි නියමු ව්‍යාපෘතිය උතුරු සහ උතුරු මැද පළාත්වලින් ආරම්භ කරන බවයි එම මණ්ඩලය ප්‍රකාශ කළේ. එම නව වැඩසටහන ලබන මාර්තු පළමුවනදා සිට ක්‍රියාත්මකයි. නව ක්‍රමවේදයට අනුව බිල්පත සමග ලබා දෙන රිසිට්පත බැංකු හර සහ බැර කාඩ්පත්වලින් එම අවස්ථාවේදීම ගෙවීම් කළ හැකි වනවා. මේ අතර කැළණිය ආශ්‍රිත ප්‍රදේශ රැසකට අද පෙරවරු 10 සිට රාත්‍රී 10 දක්වා පැය 12 ක කාලයක් ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්.
අධිවේගි මාර්ගවල අය කරන ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. නඩත්තු වියදම් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ. කෙසේ වෙතත් ඉතා සු`ඵ මට්ටමකින් ගාස්තු ඉහළ දැමීම සිදු කරන බවත් එම අධිකාරිය සදහන් කළා. එමෙන්ම නව ගාස්තු සංශෝධන මෙතෙක් සිදු කර අවසන් නොමැති බව ද මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවා.
පාර්ලිමේන්තුවේ කටයුතු හෙට(22) පෙරවරු 9.30 දක්වා කල් දැමුණා. ඒ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මැතිවරණයක් ඉල්ලා සභා ගැබ තුළ විරෝධතාවයක් ආරම්භ කිරීම හේතුවෙන්. මෙහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාගේ අසුන ආසන්නයට ගොස් විරෝධතා දැක්වූවා. එහි දර්ශන පහතින් නරඹන්න.
රඹුක්කන පොලිස් වසමේ කොළඹ – මහනුවර දුම්රිය මාර්ගයේ කිරිවල්ලාපිටිය ප්‍රදේශයේ දී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ එම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 60ක පමණ අයෙකු වන අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව සඳහන්. කෙසේ වෙතත් මෘත ශරීරය කෑගල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර රඹුක්කන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
පසුගිය කාල සීමාවේ දී වෙළඳපලෙහි ඉහළ ගොස් තිබූ ආනයනික පළතුරු මිල ගණන් පහළ බැස තිබෙනවා. මෙලෙස මිලගණන් පහළ ගොස් ඇත්තේ ඇපල්, දොඩම්, නාරං වැනි මෙරටට වැඩි වශයෙන් ආනයනය කරන පළතුරු වර්ග කිහිපයක මිලයි. කෙසේ වෙතත් දේශීය වෙළදුන් විසින් සපයන කෙසෙල්, පැපොල්, අන්නාසි වැනි පළතුරු වල මිල ගණන් තවමත් ඉහළ අගයක පවතින බව ද වාර්තා වනවා.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මහා මාර්ගයක සිටි බලු පැටවුන් දෙදෙනෙකු වාහනයකට යට කර ඝාතනය කිරීමට අදාල සිදුවීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව ඇප මත මුදාහැර ඇති බව පොලීසිය පවසනවා. අදාලා සිදුවීම සම්බන්ධයෙන් වන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළා. එම සිදුවීමෙන් පසු සත්ත්ව සුබසාධන සංවිධාන විසින් සිදුවීමට අදාළ පුද්ගලයාව සොයා ගැනීම සඳහා මහජන සහාය ද ඉල්ලා තිබුණා. ඒ අනුවල අදාළ වාහනයේ අංකය සොයා ගැනීමට සත්ත්ව සුබසාධන සංවිධානවලට හැකි වුණු අතර, ඔවුන් විසින් ඒ පිළිබඳ පොලිසියට ද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. පසුව අදාළ වාහනය පැදවූ කාන්තාව මතුරට පොලිසිය මඟින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි පොලීසිය සදහන් කළේ. එහි දී සැකකාර කාන්තාව විසින්…
තුර්කි – සිරියා දේශසීමාවේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.4 ක අගයක් ගෙන ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ. මෙම භූකම්පනය හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවතක්ෂයට පත්ව ඇති බවද වාර්ථා වනවා. පසුගිය 06 වනදා තුර්කියේ සිදුවූ රික්ටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් 44,000කට වැඩි පිරිසක් මියගොස් තිබෙනව බවය් විදෙස් මාධ්‍ය වාර්ථා වල වැඩිදුරටත් සදහන් වන්නේ.
සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර තුන්වන නිල නොලත් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා . කොළඹ ආර් .ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ පෙරවරු 10 ටයි . තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය මේ වන විටත් එකට එකක් ලෙස ජනය ගනිමින් කණ්ඩායම් දෙකම සම තත්වයේ පසු වනවා . ඒ අනුව අද පැවැත්වෙන තරගය ජය ගන්නා කණ්ඩායම මෙම නිල නොලත් එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගනු ඇති .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















