- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
Author: VNews
හෙට දිනය පුරා සියලු වෘත්තීය සමිති සමග එක්ව දැවැන්ත වැඩවර්ජනයක් ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් මහතා පවසනවා. මේ අනුව වෛද්‍යවරුන් ඇතුලුව විදුලි, ජල, වරාය මෙන්ම අත්‍යාවශ්‍ය සේවාවන් රැසක් හෙට දින අඩාල වනු ඇති බවටයි ඔහු අවධාරණය කළේ.
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා 2023 වසරේ අය වැය තුළින් වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන මැතිවරණ කොමිසම වෙත නිකුත් නොකිරීමට ගෙන තිබෙන තීරණයට එරෙහිව පෙත්සමක් ගොනුකර තිබෙනවා. අදාළ තීරණය තුළින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට එලෙස මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බව සදහන් . සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවා. එහි වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපති සහ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර ඇති බව සදහන්.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවති තෙවැනි එක්දින තරගය කඩුලු 6 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා . තරගය පැවැත්වුණේ කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී යි . තරගයේ පළමුව පන්දුවට පහර දුන් සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම පන්දු වාර 45 කදී ලකුණු 166 කට දැවී ගියා . එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජේකොබ් බෙතල් ලකුණු 50 ක් රැස් කළා. පන්දු යැවීමෙන් ඉසිත විජේසුන්දර සහ දුශාන් හේමන්ත කඩුලු 3 බැගින් දවා ගත්තා. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කඩුලු 4ක් දැවී ලකුණු 167ක් රැස්කරමින් තරගය ජයගත්තා.
ජාතික පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන 2023 ජනවාරි මාසයේ සමස්ත උද්ධමන අනුපාතිකය 6% කින් පහත බැස තිබෙනවා. 2022 දෙසැම්බර් මාසයේදී 55.2%ක් ලෙස සටහන් වූ උද්ධමනය ජනවාරි මාසයේදී සටහන් වී ඇත්තේ 53.2% ක් ලෙසයි. 2023 ජනවාරි මාසයේදී ආහාර උද්ධමනය 53.6%ක් වූ අතර ආහාර නොවන උද්ධමනය 52.9% බවටයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කර සිටියේ.
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු වී ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු හෙට දින ආරම්භ කිරීමට නියමිතව තිබූ බවයි. කෙසේ වෙතත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන ජුනි මස අවසානයේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ දින මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළා.
වාහනවලට ඉන්ධන සැපයීම සදහා ක්‍රියාත්මක QR කේත ක්‍රමය තවත් මාස තුනකින් පමණ අවසන් කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. රට තුළ පවතින ආර්ථික තත්වය යහපත් වූ පසු ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් ලබා දීමට හැකි බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ. එමෙන්ම මීට පෙර ආකාරයටම සාමාන්‍ය පරිදි පිරවුම්හල්වලට ඕනෑම අවස්ථාවක ගොස් ඉන්ධන ලබා ගැනීමේ අවස්ථාව ලැබෙනු ඇති බවටයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේ
ප්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධා නොකර ඊට අවශ්‍ය සියලුම පහසුකම් සපයා දෙන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් සහ අදාල සියලු රාජ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ඡන්දය කල් දැමීමට හේතුව රජය කෙරෙහි නැගී එන ජනතා අප්‍රසාදය නම් එයට මුහුණ දීමට සහ එම ප්‍රතිඵල අනුව වෙනස් වීමට ඔවුන් නිහතමානි විය යුතු බවටයි කාදිනල්තුමන් අවධාරණය කර සිටියේ. කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් අගරදගුරු මැදුරේදි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් එවන ලද නිවේදනය මෙලෙස ඉදිරිපත් කරනු ලැබුවා.
රටේ ආර්ථිකය ගොඩනැගීම සදහා රජය ගෙන යන වැඩපිලිවෙලට විකල්ප යෝජනා ඇත්නම් ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීම සදහා අවස්ථාව සලසා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති විශේෂ හමුවකට එක් වෙමින්. මේ එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.
ඡන්ද පත්‍රිකා මුද්‍රණය සදහා මේ වන තෙක් ප්‍රමාණවත් ආරක්ෂාවක් පොලිසිය විසින් ලබා දී නොමැති බව රජයේ මුද්‍රණාලය පවසනවා. රජයේ මුද්‍රණාලයේ අධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පැවසුවේ එම තත්වය තුළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය තවදුරටත් ප්‍රමාද වන බවයි. ඊයේ පස්වරුව වන විට ප්‍රධාන පිවිසුමේ රාජකාරිය සදහා පමණක් පොලිස් නිලධාරින් දෙදෙනෙකු යොදවා සිටි බවද ඇය කියා සිටියා. ඡන්ද පත්‍රිකා මුද්‍රණය සදහා පොලිස් නිලධාරින් 65 දෙනෙකුගේ ආරක්ෂාවක් අනිවාර්ය බවයි ගංගානි ලියනගේ මහත්මිය කියා සිටියේ. එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව සමග සාකච්ඡාවක් එළඹෙන 24 වනදා පැවැත්වීමට ද නියමිතයි. කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ 23 වන දා අධිකරණය ලබා දෙන තීන්දුව සම්බන්ධයෙන් එහිදි සාකච්ඡාවට ලක් කරන…
විවිධ ආයතන මගින් අවිධිමත් ලෙස ජාතික සම්මාන පිරිනැමීම වැළැක්වීම සදහා පාර්ලිමේන්තු පනතක් සම්මත කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. රජය විසින් පිරිනමන සම්මාන වඩා ගෞරවාන්විතව පිරිනැමීම මෙහි අරමුණ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ. එමෙන්ම ගැසට් නිවේදනවල දක්වා ඇති ක්‍රමවේදයට අනුගතව අයදුම්පත් කැදවා තෝරා ගන්නා සුදුස්සන් වෙනුවෙන් මෙම සම්මාන පිරිනැමිය යුතු බවටද අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවයි බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















