- අදත් පැය එකහමාරක විදුලි කප්පාදුවක්
- CID යේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පියවර
- ඩෑන් ප්‍රියසාද් අත් අඩංගුවට
- පරිභෝජනයට නුසුදුසු කඩල පරිප්පු වෙළෙඳ පොළට නිකුත් කිරීමට තැත් කළ පුද්ගලයෙකුට දඩ
- ගංවතුරෙන් හානියට පත්වූ වගාවන් වන්දි ලබාදීම ආරම්භ කෙරේ
- අවුරුදු සමයේ අත්‍යාවශ්‍ය ආහාරවල මිල පාලනයට සැලසුම්
- භාණ්ඩාගාර බිල්පත් වෙන්දිසියක් අද
- අගමැතිනිය සහ IMF විධායක අධ්‍යක්ෂ අතර හමුවක්
Author: VNews
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනුයි පවත්වා ඇත්තේ. එහිදී පක්ෂයේ ඉදිරි ගමන සහ ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ගාමිණි ලොකුගේ, මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා.
ලෝක කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. මෙම සතිය පුරාවටම ලොව බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ දී ද කාන්තා දින සැමරුම් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණා. මෙවර ලෝක කාන්තා දින තේමාව වන්නේ “ඇය ජාතියේ අභිමානය” යන්නයි. මේ ඒ පිළිබදව වී එෆ් එම් ප්‍රවෘත්ති තබන සටහනක් දැන්. මේ අතර කාන්තා දින සැමරුම් උත්සවය අද දින පෙරවරු 8.30 ට බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. මේ සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්වනු ඇතියි. එමෙන්ම 306 සී 01 ස්ලිට් ලියෝ සමාජය විසින් ද කාන්තා දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් විහාර මහා දේවී උද්‍යානයේදී අද දින පෙරවරු 11 ට ආරම්භ කිරීමට නියමිතයි. මෙහිදි සනීපාරක්ෂක සේවයේ…
චීන එක්සීම් බැංකුව විසින් නිකුත් කළ මූල්‍ය සහතික ලිපිය මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත නිල වශයෙන් භාර දී තිබෙනවා . ඒ ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකාවේ, චීන නියෝජ්‍ය තානාපතිවරයා විසින්. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ජනාධිපති කාර්යාලයේදීයි මෙය භාර දී ඇත්තේ. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා . මේ අතර ශ්‍රී ලංකාවේ සියලු ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ මූල්‍ය සහතිකය ලබාගෙන ඇති බවත්, මාර්තු 20 වැනිදා පැවැත්වෙන විධායක කමිටුවේදී ඒ පිළිබඳව සලකා බලන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබෙනවා.
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පෙරවරු 09.30 සිට 10.30 දක්වා වන කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහායි වෙන්කර ඇත්තේ. රජයේ විවිධ ව්‍යවස්ථාපිත ආයතනවල වාර්ෂික වාර්තා වලට අදාළව ඉදිරිපත්කර තිබූ යෝජනා 24 ක් අනුමතිය සදහා ඉදිරිපත් කිරීමට ද අද දිනයේ දී නියමිතයි. මේ අතර රට පුරා සිටින ශ්‍රවණ ආබාධිත පුද්ගලයින් සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවා. අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ අදාල කාර්ය මෙම සතියේ සිට ආරම්භ කරන බවයි. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් . එමෙන්ම ටික් ටෝක් සමාජ මාධ්‍ය සංස්කෘතිය තුල…
ආංශික අධීක්ෂණ කාරක සභා 8ක් අද සහ හෙට යන දෙදින ප්‍රථම වරට රැස්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ අදාළ ආංශික අධීක්ෂණ කාරක සභා 8 හි සභාපතිවරුන් මෙම පළමු රැස්වීම්වලදී පත්කිරීමට නියමිත බවයි. ඒ අනුව කාරක සභා 4 ක සභාපතිවරුන් ආණ්ඩු පාර්ශ්වයෙන් ද අනෙක් කාරක සභා 4 හි සභාපතිවරුන් විරුද්ධ පාර්ශ්වයෙන් ද පත්කිරීමට නියමිත බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කලේ. පසුගියදා ආංශික අධීක්ෂණ කාරක සභා 17 ක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කලා. ඒ අතරින් ජාතික ආරක්ෂාව ,ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම ,බලශක්ති සහ ප්‍රවාහනය පිළිබද ඇතුළු කාරක සභා 8 ක් මෙලෙස රැස්වීමට නියමිතයි.
පැය 24ක සංකේතාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට අද පෙරවරුවේ සිට සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා . ඒ රජයේ නව බදු ප්‍රතිපත්තිය හකුලා ගැනීම ඇතුළු ඉල්ලීම් 9ක් මුල් කරගනිමින් . තම ගැටළු සදහා මෙතෙක් විසදුම් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා සදහන් කලේ . එමෙන්ම හෙට දිනයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. එම සම්මේලනයේ සභාපති ශ්‍යාම් බන්නැහැක මහතා මේ බව කියා සිටියේ ඊයේ මාධ්‍ය හමුවකට එක් වෙමින්. මේ අතර වැඩවර්ජන සිදු කර රට අකර්මන්‍ය කිරීම පිළිගත නොහැකි බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්…
අද කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 198.02 කින් ඉහළ ගොස් තිබෙනවා. එය ඒකක 9,642.94 ක් ලෙසින් සටහන් වූ අතර S & P SL 20 දර්ශකය ඒකක 30.96 කින් ඉහළ ගොස් ඒකක 2,869.14 ක් ලෙසින් වාර්තා වී තිබෙනවා. රුපියල් බිලියන 3.43 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තාවූ බව සඳහන්.
හම්බන්තොට – වීරකැටිය- අත්තනයාය ප්‍රදේශයේදී පොලිසිය සිදුකළ සෝදිසියක් අතරතුර ඇති වු බහින්බස් වීමක් දුරදිග යාමෙන් වීරකැටිය පොලිසියේ නිලධාරීන් 06 දෙනෙකු, සිවිල් ආරක්ෂක භටයින් දෙදෙනෙකු හා ගම්වාසීන් දෙදෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. බරපතළ තත්ත්වයේ පසු වු පොලිස් නිලධාරියෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා ඊයේ පස්වරුවේ වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් පිටත්ව ගොස් ඇති අතර එම නිලධාරීන් යලි පොලිස් ස්ථානයට පැමිණෙමින් සිටියදී මෙම ගැටුම ඇති වී තිබෙනවා. ඒ වීරකැටිය – අත්තනයාය ප්‍රදේශයේ මගමග රැඳී සිටි පිරිසක් පිළිබඳ සැක සිතී ඔවුන්ව පරීක්ෂා කිරීමට යාමේදියි. එහිදී ගම්වැසියෙකු විසින් පොලිස් නිලධාරියෙකුගේ කන් දෙක සපා කා ඇති බවයි වාර්තා වන්නේ. එහිදී…
රියදුරු හිඟය හේතුවෙන් අදත් දුම්රිය ගමන් වාර 14ක් අවලංගු වන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා. මේ අතර, ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, දුම්රිය පාලනාධිකාරිය සහ සංගම් කිහිපයක් අතර අද පෙරවරුවේ සාකච්ඡාවක් ද පැවැත් වුණා. එහිදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පත් කිරීම් ප්‍රමාදය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර, ඒ පිළිබඳ ගැටලුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. දැනට පවතින රියදුරු හිඟය හේතුවෙන් ඊයේ දිනයේ දී ද දුම්රිය ගමන්වාර 29ක් අවලංගු කෙරුණා. මෙම තත්ත්වය මතයි විශ්‍රාමික රියදුරන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීම සඳහා වන ඉල්ලීම රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත දුම්රිය දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළේ.
අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් සමග සුහද ද්විපාර්ශවික සාකච්ඡා වටයක් පැවැති බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් පවසනවා.එහිදී ද්විපාර්ශවික සබඳතා සමාලෝචනය කළ බවත් ගෝලීය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළා.මෙම සාකච්ඡා පැවැත්වුණේ අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්ගේ ඉන්දීය සංචාරයට සමගාමීවයි.ඉන්දියාවේ පැවැති ජි 20 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගී වීම සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සිය ඉන්දීය සංචාරයේ නිරත වුණා. ඉන්දියාවේදී ඔහු ඔස්ට්‍රේලියානු හා ජපාන විදේශ අමාත්‍යවරුන් ද හමුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222