Author: VNews

බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල ත්‍රිව්රතාවය අඩු කිරීමට එම එකමුතුව ඒකමතිකව තීරණය කර තිබෙනවා. ඒ ඔවුන් ඉදිරිපත් කළ යෝජනාවලට ජනාධිපති ලේකම්වරයාගෙන් ලිඛිතව ලැබුණු ධනාත්මක ප්‍රතිචාරයන් සැලකිල්ලට ගනිමින්. එමෙන්ම එළෙඹෙන සතියේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බවද අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෘත්තියවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව කියා සිටියා. මේ අතර මෙම ක්‍රියාමාර්ගවලට සමගාමිව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ වර්ජනය හෙට පෙරවරු 8 ට තාවකාලිකව අවසන් කරන බවයි එහිදි අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටියේ. මේ අතර අද පෙරවරු 8 ට ආරම්භ කළ වැඩ…

තව කියවන්​න

ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණයේ නවතම දර්ශකය නිකුත් කර තිබෙනවා. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසිනුයි. පන්දුවර විස්සයි විස්ස කණ්ඩායම් වර්ගීකරණයේ තවදුරටත් පෙරමුණේ පසුවන්නේ ඉන්දීය කණ්ඩායමයි. පිළිවෙලින් දෙවන ස්ථානය එංගලන්ත කණ්ඩායමට සහ පාකිස්ථාන කණ්ඩායමට හිමිව තිබෙනවා. ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායම් වර්ගීකරණයේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ අටවන ස්ථානයයි.

තව කියවන්​න

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි අඩි 60ක ගැඹුරෙන් යුතු ළිං කුහරයකට ඇද වැටීමෙන් 7 හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙනවා. ඊයේ දින පෙරවරු 11 ට පමණ ළිං කුහරයට ඇද වැටුණු මෙම දරුවා එහි අඩි 43 ක පමණ ගැඹුරින් වූ ස්ථානයක සිරිව සිටි බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ. පැය 24කට ආසන්න කාලයක් සිදු කළ මෙහෙයුමේදි එම දරුවා මුදා ගැනීමට හැකි වුවද රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා. එමෙන්ම ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ ළිං කුහරයකට ඇද වැටීමෙන් ඊයේ දිනයේදි ද 5 හැවිරිදි දරුවෙකු මිය ගියා.

තව කියවන්​න

ඉන්දියාව සමග වෙළඳ සබඳතා ශක්තිමත් කර ගැනීමට අමෙරිකාව සුදානම වනවා. ඉන්දියාව සහ අමෙරිකාව අතර ආයෝජන ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද සාකච්ඡා සිදු කර තිබෙනවා.ඒ අමෙරිකානු වාණිජ ලේකම්වරියගේ ඉන්දිය සංචාරය අතරතුරදීයි. දෙරටේ පුද්ගලික ආයෝජන දිරිගැන්වීම හා දෙරට අතර වෙළඳ කටයුතු සම්බන්ධයෙන් නව අවබෝධතා ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් ද අමෙරිකානු වාණිජ ලේකම්වරියගේ ඉන්දීය සංචාරයේදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් ව තිබෙනවා. එමෙන්ම අමෙරිකානු වාණිජ ලේකම්වරිය සිය ඉන්දියානු සංචාරය සඳහා පැමිණ තිබුණේ අමෙරිකාවේ ඉහළ පෙළේ සමාගම් 10 ක ප්‍රධාන විධායක නිලධාරීන් සමග වීම විශේෂත්වයක්. තාක්ෂණික උපකරණ වෙළඳපල වෙත කෙරෙන සැපයුම් ඉහළ නැංවීම සහ ගෝලීය සැපයුම් ජාලයේ ප්‍රමුඛ හවුල්කරුවන් වීම අමෙරිකාවේ සහ ඉන්දියාවේ අපේක්ෂාවයි.

තව කියවන්​න

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ගොනු කළ රීට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොනුකර තිබෙනවා. ඒ, විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින්. එහි වගඋත්තරකරුවන් ලෙස මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. ඔවුන් සිය පෙත්සමෙන් සඳහන් කර ඇත්තේ පසුගියදා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය නීතියට පටහැනි බවයි.

තව කියවන්​න

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන සළිඳු මල්ශික ගුණරත්න හෙවත් පානදුරේ ‘කුඩු සළිඳු‘ වෙනුවෙන් ගොනුකර තිබෙන රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා ඉල්ලා තිබෙනවා . මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙනවිත් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන සළිඳු මල්ශික ගුණරත්න හෙවත් පානදුරේ ‘කුඩු සළිඳු‘ නමැත්තාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඔහුගේ මව විසින් මෙම රිට් පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවා . එහිදී එම පෙත්සම විභාගයට නොගෙන මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා අද අභියාචනාධිකරණය හමුවේ විරෝධතා මතු කර සිටියා . ඒ අනුව අදාළ පෙත්සම ලබන 20 වනදා කැඳවීමට නියෝග කළ…

තව කියවන්​න

රට තුළ කලබලකාරි තත්වයන් ඇති කරමින් මහජනතාවට ඔවුන්ගේ ජන ජීවිතය නිසියාකාරව පවත්වාගෙන යාමට නොහැකි ලෙස වෘත්තිය සමිති කටයුතු කළහොත් ඒ සදහා ව්‍යවස්ථාවෙන් යම් ව්‍යතිරේකයක් දක්වා ඇති බව ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පවසනවා. මේ අතර වෘත්තිය ක්‍රියාමාර්ග සදහා සහභාගි වූ පිරිසට දේශපාලන නායකයින් තමන් හට මෙම ක්‍රියාමාර්ගය උදෙසා යම් කිසි පෙළඹවීමක් සිදු කළ බවට අධිකරණය ඉදිරියේ ද ප්‍රකාශ කළ නොහැකි බව ව්‍යවස්ථාව තුළින්ම දක්වා ඇති බවයි ජනාධිපති නිතිඥ යූ.ආර්. ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

ඉදිරියේදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කෙරෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. එහිදි ඔහු අවධාරණය කර සිටියේ තමන් හට ද අමාත්‍ය ධුරයක් ලබා දිය යුතු බවයි.

තව කියවන්​න

මලාවි රාජ්‍යයට බලපා ඇති සුළි කුණාටුව හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 200 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජීවිතක්ෂයට පත්වූවන් අතර කුඩා දරුවන් 40 දෙනෙකු වන බව සදහන්. ගංවතුර තත්ත්වය හේතුවෙන් බොහෝ පිරිසක් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ විසිදහසකට ආසන්න පිරිසක් සහන කදවුරු වෙත යොමු කර තිබෙනවා.

තව කියවන්​න

අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල ඊයේ දිනට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයේ දැක්වුනේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 327 යි ශත 59ක් ලෙසයි. එමෙන්ම අමෙරිකානු ඩොරලයේ විකුණුම් මිල රුපියල් 344 යි ශත 66ක් ලෙස අද සටහන් වුණා. පෙර දිනට සාපේක්ෂව රුපියලේ අගය මේ වන විට පහළ ගොස් තිබෙනවා.

තව කියවන්​න