Author: VNews

නාමල් රාජපක්ෂට ඡන්ද ගන්න තිබුණා ගොඩක්, පොඩ්ඩක් ඉවසාගෙන ඉන්න තිබුණා.මේ කළබලයට, හදිස්සියට, රට වැටිච්ච වෙලාවක, රට බේරා ගන්න නායකයෙක් කටයුතු කරන වෙලාවක, එයාගේ කකුලෙන් ඇදලා පැත්තකට දැම්මේ නැත්නම් ඡන්ද ගොඩක් ගන්න තිබුණා යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, කැකිරාව, පලාගල ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,  එදා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට බේරා ගත්ත නිසා අපි කාගෙත් හදවතේ එතුමා ගැන ලොකු ගෞරවයක් තියෙනවා.ඒ වගේම තමයි ඊට ආසන්නවම මේ යුගයේ සිදු වෙච්ච පහුගිය අරගල සමයත් එක්ක අපේ රට ආරාජික වෙච්ච වෙලාවක, අපේ රටේ සාමය නැති වෙලා, ආර්ථික පීඩාවන් නිසා ආහාර…

තව කියවන්​න

04 වන දකුණු ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 09 ක් , රිදී පදක්කම් 09 ක් සහ ලෝකඩ පදක්කම් 17 ක් වශයෙන් සමස්ථ තරගාවලියේ පදක්කම් 35 ක් දිනා ගෙන 09/14 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . මෙම තරගාවලිය ඉන්දියාවේ චෙන්නායි නුවර 09/11 දින සිට 09/1wee3 දින දක්වා පවත්වා තිබුණි එම තරගාවලියේ දී නව දකුණු ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා වාර්තා 05 ක් තැබීමට ද ශ්‍රී ලංකාව නියෝජනය කළ පිරිමි ක්‍රීඩකයින්  සමත් වී තිබුණි . ඒ අතර මීටර් 100 , මීටර් 100 × 4 සහාය දිවීම , මීටර් 200 , මීටර් 800 සහ…

තව කියවන්​න

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (I.C.C) මගින් සංවිධානය කරන ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය (World Test Championship ) – 2025 යටතේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකක් සදහා නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම 09/14 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . මෙම ටෙස්ට් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය . මොවුන් සහභාගී වන පළමු තරගය 09/18 දින ආරම්භ වන අතර 09/21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නිසා එදින  නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ . දෙවන තරගය එළඹෙන 09/26 දින ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ . නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම 09/14 දින පස්වරු 04.10 ට ඉන්දියාවේ නවදිල්ලි…

තව කියවන්​න

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, අද දින (2024 සැප්තැම්බර් 14) උතුරු මැද නාවික විධාන මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත නාවික හමුදා සමාජ සත්කාරක වැඩසටහන යටතේ, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර ගේ අධීක්‍ෂණයෙන් සිදු කෙරුණු මෙම ලේ දන්දීමේ වැඩසටහන, මන්නාරම රුධිර බැංකුව මඟින් කරන ලද ඉල්ලීමකට අනුව සංවිධානය කෙරිණි.     තවද, විධාන රෝහල් කාර්යය මණ්ඩලය සහ මන්නාරම රුධිර බැංකු කාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් පැවැත්වුණු මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කරගැනීම සඳහා උතුරු මැද නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ලේ දන්දීම සඳහා…

තව කියවන්​න

ජනාධිපතිවරණයකදී හොර ඡන්ද දමන හෝ ඒ සඳහා ආධාර අනුබල දෙන ඕනෑම කෙනෙක් 2023 අංක 21 දරන මැතිවරණ පනත අනූව දූෂණ ක්‍රියාවකට වරදකරුවෙකු වනවා. එම වරදට මහාධිකරණය විසින් වරදකරුවෙකු කළ අයෙකුට බරපතල වැඩ සහිතව මාස 12කට වැඩි කාලයකට සිරගත කිරීම හෝ රුපියල් ලක්ෂ 2ක දඩයකට හෝ එකී දඬුවම් දෙකටම යටත් වන බව මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක කොමසාරිස් චින්තක කුලරත්න පවසන්නේ

තව කියවන්​න

වියට්නාමයට බලපෑ යාගි සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ නායයෑම් සහ ජල ගැලීම් නිසා මියගිය සංඛ්‍යාව 250 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ විශාල පිරිසක් නායයෑම් සහ ගං වතුර හේතුවෙන් අතුරුදන්ව ඇති බවයි. මීට දින කිහිපයකට පෙර වියට්නාමයේ ඊසානදිග වෙරළ තීරයට පැයට කිලෝමීටර 230 කට අධික වේගයකින් කඩා වැදුණු මෙම සුළිකුණාටුව හේතුවෙන් 820 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණා.

තව කියවන්​න

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීම අදින් අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද දිනයේ දී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත්, තම ප්‍රදේශයේ පිහිටි තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර එය ලබා ගැනීමේ හැකියාව පවතින බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ කියා සිටියේ.

තව කියවන්​න

මෙම වසරේ ඔක්තෝබර් පළමුවැනිදා සිට අදියර කිහිපයක් යටතේ වාහන ආනයනය කිරීමට අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ අදියර කිහිපයක් යටතේ සිදුකෙරෙන වාහන ආනයනය ඔක්තෝබර් 01 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත බවයි.

තව කියවන්​න

අද (14) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමන තරමක තද වැසි ඇතිවිය හැකිය. ඌවපළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියේ ය.

තව කියවන්​න

බංග්ලා­දේ­ශයේ ඇඟ­ලුම් ආය­තන ඇතුළු කර්මා­න්ත­ශාලා 219ක් වසා දැමී­මට එහි පාල­නා­ධි­කා­රිය පිය­වර ගෙන ඇතැ­යි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, ඇතැම් කර්මා­න්ත­ශා­ලා­වල සේව­ක­යන් අඛණ්ඩ වැඩ වර්ජ­න­යක නිරත වීම නිසායි. මේ අතර, වැඩි වැටුප්, ප්‍රසාද දීමනා සහ පැමි­ණීමේ දීමනා ඉහළ දමන ලෙස පාල­නා­ධි­කා­රි­යට බල කර­මින් සේවක සේවි­කා­වන් විසින් සිදු කරනු ලැබූ වැඩ වර්ජ­නය හා විරෝ­ධ­තාව හේතු­වෙන් ඇඟ­ලුම් කර්මා­න්ත­ශාලා 86ක් දින නිය­ම­ය­කින් තොරව වසා දැමී­මට පිය­වර ගෙන තිබෙනවා.

තව කියවන්​න