- ජල ගාස්තුව අඩු කිරීමට පියවර
- බේරේ වැවේ සතුන් මියයෑමට හේතුව සොයා ගැනේ
- ටොෆි, චොක්ලට්වල සැඟවුණු කුෂ්
- ඔන්ලයින් පනත ගැන රජයේ තීරණය
- රජය වී මිලට ගන්නා මිල ගණන්
- USAID ආධාර වියදම් කළ ආකාරය ගැන නාමල්ගෙන් චෝදනා
- තාවි සමරවීර වයස අවුරුදු 11න් පහළ ටේබල් ටෙනිස් ලෝක ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානයට
- සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කිරීමට සැලසුම්
Author: VNews
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මුහුදු යාමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දෙනු ලබනවා. ඒ අනුව, නැවත දැනුම් දෙන තුරු ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට යාමෙන් වළකින ලෙසයි ධීවර සහ නාවික ප්‍රජාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.
ලබන වසරේ මුල් මාස 04 ක කාලය සඳහා රජයේ කාර්යන් සහ ණය සේවාකරණය අඛණ්ඩව සිදුකරගෙන යාමට අතුරු සම්මත ගිණුමක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ඊට අදාළ විවාදය ලබන මස 05 සහ 06 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතයි.
ඉන්දීය රජය විසින් කරන ලද ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේ නිල සංචාරයක නිරත වනු ඇත.
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර කාළසටහනකට අනුව ධාවනය වන ( Schedule Flight ) අඩු වියදම් (Budjet Air Line ) ගුවන් සේවාවක් 11/21 දින උදෑසන සිට ආරම්භ කරමින් , ජෙට් ස්ටාර් ( Jet Star) ගුවන් සේවයේ පළමු මංගල ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . ඒ අනුව 11/21 දින උදෑසන 10.15 ට සිංගප්පූරුවේ සිට ජෙට් ස්ටාර් ගුවන් සේවයේ 3 කේ 333 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . මෙම පළමු ගුවන් ගමන සදහා එයාර් බස් ඒ.- 320 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර , එයින් ගුවන් මගීන් 179 ක් සහ කාර්යය මණ්ඩලය ලෙස 06 දෙනෙකු ද පැමිණ සිටියහ…
රුපියල් දෙකෝටි හැත්තෑ පන් ලක්ෂ පනස් දහසක් වටිනා ” කුෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ චොකලට් සහ මුරුක්කු අඩංගු පෙට්ටි අතර සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කරමින් සිටි විදේශීය ගුවන් මගියෙකු , 11/20 දින මධ්‍යම රාත්‍රී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . මොහු 33 හැවිරිදි ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකි . ඔහු 11/20 දින මධ්‍යම රාත්‍රී 11.45 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ තිබූ චොකලට් සහ මුරුක්කු අඩංගු…
පසුගිය නොවැම්බර් 14 දිනට යෙදුණු ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ සහ අප්‍රිකානු රටවල් කිහිපයක විද්වතුන්ගේ සහභාගීත්වයෙන් දියවැඩියා පාලනයට ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව කතිකා කිරීමට විශේෂ ජාත්‍යන්තර සමුළුවක් අද (21) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ දී ආරම්භ විය. අද (21) සහ හෙට (22) දෙදින මෙම සමුළුව පැවැත්වීමට නියමිතය. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ මෙරට සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව මෙම දෙදින සමුළුව සංවිධානය කර ඇති අතර බංගලාදේශය, භූතානය, ඝානාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, මැලේසියාව, නේපාලය, තායිලන්තය, තිමෝර් – ලෙස්ටේ හා ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් විද්වතුන් 150 කට අධික පිරිසක් මෙම සමුළුවට සහභාගී වී සිටිති. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr. Tedros Adhanom Ghebreyesus මහතා සහ අග්නිදිග…
ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවකරුවන් විසින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග්, එරට හිටපු ආරක්ෂක ඇමැති යෝව් ගැලන්ට් මෙන්ම හමාස් නායක මොහොමඩ් ඩීෆ් ට යුද අපරාධ චෝදනා එල්ල කර තිබෙනවා. පසුගිය මැයි මාසයේදී ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදක කරීම් ඛාන් විසින් හමාස් නායකයින්ට එරෙහිව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, සමූල ඝාතනය, මිනීමැරුම්, ප්‍රාණ ඇපකරුවන් ලෙස ගැනීම, ස්ත්‍රී දූෂණය සහ වධහිංසා පැමිණවීම ඇතුළු යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ . එමෙන්ම ඊශ්‍රායල් නායකයන්ට එරෙහිව සිවිල් වැසියන්ට හිතාමතාම ප්‍රහාර එල්ල කිරීම, සාගින්න යුද අවියක් ලෙස භාවිතා කිරීම මෙන්ම සමූල ඝාතනය සහ මිනීමැරුම් චෝදනා ද එල්ල කර තිබෙනවා.…
ලොව වඩාත් ආකර්ෂණීයම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2025 අදියර ඇතුළුව ඉදිරි තරගාවලි තුනක් පැවැත්වෙන කාලසීමාවන් නිවේදනය කර තිබේ. මෙලෙස IPL අදියර තුනක තරග පැවැත්වෙන කාලසීමාවක් ප්‍රසිද්ධියට පත්කළ පළමු අවස්ථාව මෙය වෙයි. ඒ අනුව එළැඹෙන 2025 අදියර මාර්තු 14 වනදා ආරම්භ වන අතර, එහි අවසන් මහා තරගය මැයි 25 වනදා පැවැත්වීමට කටයුතු යොදා ඇත. එමෙන්ම 2026 තරගවාරය මාර්තු 15 වනදා ආරම්භ වී මැයි 31 දක්වා පැවැත්වෙන අතර, 2027 තරගවාරය මාර්තු 14 සිට මැයි 30 දක්වා පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ. කෙසේ නමුත් මෙම වසරේ පැවැත් වූ තරග සංඛ්‍යාවට වඩා එළැඹෙන අදියර දෙකේ…
සිය ප්‍රති නැව්ගත කිරීමේ මෙහෙයුම් පුළුල් කිරීම සඳහා ඉන්දියාවෙන් සහාය ලබා ගන්නා බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා. රටේ ප්‍රාථමික ප්‍රති නැව්ගත කිරීමේ මධ්‍යස්ථානය ලෙස න කොළකටයුතු කරනු ලබන කොළඹ වරාය, 2024 වසරේ දී සියයට 10.5ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරමින් ඒකක මිලියන 8.2ක් ලබා තිබෙනවා. එමෙන්ම නැගෙනහිර සහ බටහිර බහාලුම් පර්යන්තවල සංවර්ධන ව්‍යාපෘති අවසන් වූ පසු, ඒකක මිලියන 15 දක්වා ධාරිතාව දෙගුණයකින් වැඩි කිරීමට අපේක්ෂා කරන බවයි එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ. ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නැගෙනහිර පර්යන්තය මීටර් 600 සිට මීටර් 1,320 දක්වා දීර්ඝ කිරීමට නියමිත තිබෙනවා ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයට සියයට 51ක්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් ආයතනයට…
නවතම පන්දුවාර විස්සයි 20 හා එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අද(20) නිවේදනය කළා. ඊට අනුව මුල් 10 දෙනා අතරට පිවිසීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා. ඔහු 6 වැනි ස්ථානය දක්වා ස්ථාන හයකින් ඉදිරියට පැමිණ ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ. වනිදු හසරංග 20 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ද, ඩිල්ෂාන් මදුෂංක 49 වැනි ස්ථානය දක්වා ස්ථාන 9 කින් ද, දුනිත් වෙල්ලාලගේ සම 57 වැනි ස්ථානය දක්වා ස්ථාන 7 කින් ද පසු බැස තිබෙනවා. කෙසේ වෙතත්, ජෙෆ්රි වැන්ඩර්සේ 72 වැනි ස්ථානය දක්වා ස්ථාන 27 කින් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්. මේ අතර, නවසීලන්තය එරෙහි එක්දින…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222