Author: VNews

කුල දරුවන් සසුන්ගත කිරීමේ වයස පිළිබඳව අද දිනයේදී මහානායක හිමිවරුන් සමග සාකච්ඡාවක් පවත්වන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. මෙම කටයුතු විනය පිටකයේ සඳහන් වන ආකාරයට සිදු කරන බවයි අප කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ අනුව මෙම සාකච්ඡා වලින් පසු කුල දරුවන් සසුන්ගත කිරීමේ වයස පිළිබඳ තීරණයක් ගැනීමට මහානායක හිමිවරුන්ට භාර කරන බවද අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

තව කියවන්​න

ග්‍රීසියේ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරලීයාමෙන් පුද්ගලයන් 79 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම අනතුරෙන් තවත් පුද්ගලයන් 100 දෙනෙකුට වැඩි පිරිසක් බේරා ගෙන ඇති අතර, තවත් පුද්ගලයන් අතුරුදන්ව සිටින බවයි එම මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ සංක්‍රමණිකයන් 500ත් 700ත් අතර පුද්ගලයන් සංඛ්‍යාවක් සිට ඇති බවද වාර්තා වනවා. මෙලෙස සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරලීයාමෙන් සිදු වූ අනතුර ග්‍රීසියේ සිදු වූ විශාලතම සංක්‍රමණික ඛේදවාචකය බවයි එරට රජය ප්‍රකාශ කර ඇත්තේ.

තව කියවන්​න

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ රාත්‍රී කාලයේ දී කොළඹ ශැන්ග්‍රි ලා හෝටලයේ දී නිමා වුණා. පස්වරු 3.00 ට ආරම්භ වූ වෙන්දේසියේ දී ඉහළ මිල ගණන් යටතේ ක්‍රීඩකයින් රැසක් අලෙවි වූ අතර, වැඩිම මිලකට අලෙවි වූයේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක. ඔහුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් ඇමෙරිකානු ඩොලර් 92,000 ක මුදලකට එනම් රුපියල් කෝටි 2.9 ක මුදලකටයි මිලදී ගත්තේ. වෙන්දේසියේ දී දෙවැනි වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වූයේ චරිත් අසලංක. ඔහුව මිලදී ගත්තේද ජැෆ්නා කිංග්ස් කණ්ඩායමයි. ඇමෙරිකානු ඩොලර් 80,000 කට හෙවත් රුපියල් කෝටි 2.5 ක මිලකට මෙහිදී ඔහුව මිලදී ගනු ලැබුවා. ධනංජය ද සිල්වා ඩොලර් 76,000…

තව කියවන්​න

ඔන්ලයින් ක්‍රමයට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය අද (15) සිට ආරම්භ කෙරෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ එහි සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි. හෝමාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී මෙම උත්සවය පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අයදුම් කරන්නන් සඳහා ඔවුන්ගේ ඇගිලි සලකුණු ප්‍රාදේශිය කාර්යාල තුළ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාල මගින් සිදුකර ගත හැකියි. කෙසේවෙතත් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව ද මහජන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළා.

තව කියවන්​න

පකිස්තානයේ බලෝකිස්තාන ප්‍රාන්තයේ වෙරළබඩ ප්‍රදේශවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, අරාබි මුහුදු කලාපය තුළ හමා යමින් ඇති බිපාජෝයි සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන්. එම සුළි කුණාටුවේ බලපෑම් මේ වනවිට බලෝකිස්තානයේ වෙරල සීමාව දක්වා එල්ල වී ඇති අතර ප්‍රභල සුළං ධාරා රට තුළට කඩා වැදෙනු ඇතැයි අපේක්ෂිතයි. බිපාජෝයි සුළි කුණාටුව මේවනවිට කරච්චි නුවරට කිලෝමීටර් 380 ක් පමණ දුරින් වන මුහුදු සීමාවේ ස්ථානගතව පවතින බව ද එරට කාලගුණ අංශ සඳහන් කළා. ආපාදාකාරී තත්ත්වය හමුවේ වෙරළ ආසන්නයේ සිටින පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට ද බලධාරීන් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තව කියවන්​න

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියල පෙර දිනට සාපේක්ෂව තවත් දුර්වල වී තිබෙනවා . ඒ අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 318.99 ක් ලෙස සටහන් වූ අතර ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී ලංකා රුපියල් 303.19 ක් ලෙස සටහන් වුනා .

තව කියවන්​න

ඖෂධ අධිමාත්‍රාවක් ශරීර ගත  කර ගැනීමෙන් සිය දිවි හානි කර ගත් බවට සැක කරන වෛද්‍යවරයකුගේ මළ සිරුරක් තඹුත්තේගම මූලික රෝහලේ වෛද්‍ය නිළ නිවසක් තුළ තිබී අද (13) පෙරවරුවේ තඹුත්තේගම පොලීසිය විසින් සොයා ගෙන ඇත. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තඹුත්තේගම මූලික රෝහලේ රුධිර කාන්දු කරණ ඒකකයේ සේවයේ නියතු කෝට්ටුපිටියගේ අමිල සඳකැලුම් දිසානායක නම් වයස අවුරුදු 35 ක් වන එක් දරු පියෙකි. මෙම වෛද්‍යවරයා මෙම නිළ නිවස තුළ තනිව ජීවත් වූ බවත්,  නිළ නිවසේ නිදන කාමරයේ ඇඳ මත මෙලෙස ජීවිතක්ෂයට පත්ව සිටියදී  අද (13) සොයා ගෙන තිබුුණ අතර ඔහු නාරම්මල, ප්‍රයිම් ලෑන්ඩ් හි අංක 52 නිවසේ ස්ථීර පදිංචිව සිට ඇති බවද පොලීසිය පවසයි.අදාළ නිළ…

තව කියවන්​න

දිස්ත්‍රික්ක 4 කට නාය යෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, රත්නපුර, කොළඹ සහ ඉංගිරිය ප්‍රදේශවලට නායයෑමේ අවධානම් නිවේදන නිකුත් කර ඇති බවයි ජේ්‍යෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පැවසුවේ. එමෙන්ම දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 ට වැඩි තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. මේ අතර මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර 40 ත් 45 ත් අතර තද සුළං ඇති…

තව කියවන්​න

සිව්වෙනි වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන මස ඇරඹීමට නියමිතයි. එම තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය හෙට කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මෙවර ක්‍රීඩක වෙන්දේසිය සදහා දේශීය ක්‍රීඩකයින් 200 ක් සහ විදේශීය ක්‍රීඩකයින් 160 ක් පමණ සහභාගි වීමට නියමිතයි. හෙට පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය සදහා එක් කණ්ඩායමක් සදහා වෙන් කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5 ක්.

තව කියවන්​න

ආණ්ඩුකාරවර මහජන දිනයේදී ලද ඉල්ලීමකට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මහනුවර දුම්රිය‍පොළ වෙළඳ සංකීර්ණයේ නීරීක්ෂණ චාරිකාවක . මහනුවර දුම්රිය‍පොළ  වෙළද සංකිර්ණයේ  වෙළදුන් මුහුණදෙනු ලබන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා ඊයේ (12) කටයුතු කළා. ආණ්ඩුකාරවර මහජන දිනය මහනුවර ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාර පරිශ්‍රයේදී (12) දින පැවති අතර, මහජන දිනය සඳහා පැමිණ කරන ලද ඉල්ලීමකට අනුව කඩිනමින් ක්‍රියාත්මක වු ආණ්ඩුකාරවරයා  ‍එම වෙළද සංකීර්ණ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් වෙළදුන් මුහුණ දෙනු ලබන ගැටලු සම්බන්ධයෙන් විමසීමට කටයුතු කළා. වෙළද සංකීර්ණ පරිශ්‍රයේ රථවාහන නැවතුම සදහා ඉඩකඩක් නොමැතිවීම, පාරිභෝගිකයන්ට මග පහසුකමක් නොමැතිවීම, ගොඩනැගිලි පරිශ්‍රයේ පිරිසිදුකිරීම් කටයුතු විධිමත් කිරීම යන ගැටලු…

තව කියවන්​න