- අල්ලස් නඩු විභාග කිරීමට විශේශ අධිකරණ දෙකක්
- නේපාලයේ නව අගමැතිට ඉන්දීයාවෙන් සුභ පැතුම්
- ඩෑන් ප්‍රියසාද් ඝාතන සැකකරුවන්රඳවා ප්‍රශ්න කිරීම සඳහා අවසර
- ශ්‍රී ලංකාවේ දිගු කාලීන හා කෙටි කාලීන ණය ශේණිය ඉහළට
- පාකිස්තානු කාන්තාවන්ට ලකුණු 293ක ඉලක්කයක්
- වෙල්ලාලගේ අද රෑ යළි ඩුබායි යයි
- කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- සාමාන්‍ය පෙළට අයදුම්පත් කැඳවීම ඇරඹෙයි
Author: VNews
බැංකු සහ කොටස් වෙළඳපොළ දින පහක දීර්ඝ නිවාඩුවකින් පසුව සාමාන්‍ය පරිදි අද (04) විවෘත කෙරෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා බැංකු ඉකුත් බ්‍රහස්පතින්දා සිට ඊයෙදින දක්වා වසා තැබුණු අතර එයට සාපේක්ෂව කොළඹ කොටස් වෙළඳපොළද දින පහක් තිස්සේ වසා තැබුණා. අද සිට සාමාන්‍ය පරිදි රට පුරා සියලු බැංකු ශාඛා විවෘත වන අතර ගනුදෙනුකරුවන්ට ඒවායේ සේවය ලබා ගැනීමට අද සිට හැකියාව ලැබෙනු ඇති. දින 5 කට පසුව කොටස් වෙළදපොල අද සිට ක්‍රියාත්මක වනවා.
මෙම වසරේ ගතවු කාලය තුළ ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 31දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ගතවු දින දෙක තුළ පමණක් දිවයින පුරා ඩෙංගු රෝගීන් 439 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි. ඒ අනුව මේ වසරේ ගතවු කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 49,759 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් 24,837 දෙනෙකු බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති බව ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා. මේ වන විට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 61ක් අධි ඩෙංගු අවදානම් කලාප ලෙස ද හඳුනාගෙන තිබෙනවා.
ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් නියෝග කිහිපයක් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය මඟින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පසුගිය 28 වන දින වනවිට පවතින කොටස් හෝ සුරැකුම්පත් පරිවර්තනය හෝ හුවමාරු කිරීමට හිමිකරුවන්ට අවස්ථාව ලබා දීමට එමඟින් නියමිත බව සඳහන්. භාණ්ඩාගාර බැඳුම්කර සකස් කිරීමේදී සහ නිකුත් කිරීමේදී දරණ ලද ඕනෑම වියදමක් ගෙවීම සඳහා භාණ්ඩාගාර සකස් කිරීම සහ නිකුත් කිරීමේ බලය ද අදාළ නිලධාරින් වෙත පවරා ඇති බව එම ගැසට් නිවේදනයේ දැක්වෙනවා.
මත්ද්‍රව්‍ය ඉල්ලා බූස්ස බන්ධනාගාර රැඳවියෙකු බන්ධනාගාර ජල ටැංකිය මත නැග සිටින බව බන්ධනාගාර මූලස්ථානය පවසනවා. ගාල්ල බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇති පුද්ගලයෙකු මෙලෙස ජල ටැංකියට නැග තිබෙනවා. අධික ලෙස මත්පැන් පානයට හුරුව ඇති මෙම පුද්ගලයා ගාල්ල බන්ධනාගාරයේ සිටිය දී මත්ද්‍රව්‍ය ඉල්ලා එම බන්ධනාගාරයේ බෝ ගසටද නැග තිබෙනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධව මෙම පුද්ගලයාට ප්‍රදේශ රැසක පොලිසිවලින් චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් නව එළිදැක්වීමක් අද දින මහ බැංකුව විසින් සිදු කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. මේ අනුව අවසන් තීන්දු තීරණවලට පැමිණීම පිළිබදව කාලපරිච්ඡේදයක් තීරණය කිරීම ද මෙහිදි සිදු වනු ඇති බවටයි ඊයේ දින මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය හා ටී ටෙන් ග්ලෝබල් ස්පෝට්ස් පළමු වරට සංවිධාන කරන සිම් – ඇෆ්රෝ ටී 10 ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු සිදු කර තිබෙනවා. තරගාවලිය ජූලි 20 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත්තේ කණ්ඩායම් පහකගේ සහභාගීත්වයෙන්. ඩර්බන් කැලැන්ඩර්ස්, කේප් ටවුන් සැම්ප් ආර්මි, හරාරේ හරිකේන්ස්, බුලවායෝ බ්‍රේව්ස් සහ ජොහැනස්බර්ග් බෆලෝස් යන කණ්ඩායම් තරගාවලියට එක්වන අතර, සියලු තරග හරාරේ හී දී පැවැත්වීමට නියමිතයි. ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවේ දී ක්‍රීඩකයින් 80 දෙනෙකු සියලු කණ්ඩායම් විසින් තෝරා ගනු ලැබුවා. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු ද කණ්ඩායම් හිමිකරුවන් විසින් සිය කණ්ඩායම් වෙත මිලදී ගැනීමට කටයුතු කළා. ඒ අනුව භානුක…
ලිට්‍රෝ ගෑස් මිල රුපියල් අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ හෙළා තිබෙනවා. ඒ අනුව මෙතෙක් රුපියල් 3186ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2982 දක්වා රුපියල් 204කින් පහත දමා තිබෙනවා. මෙතෙක් රුපියල් 1281ක්ව පැවැති කිලේග්‍රැම් පහ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1198ක් දක්වා රුපියල් 83කින්ද කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 598 සිට රුපියල් 561 දක්වා රුපියල් 37කින්ද පහළ දමා තිබෙනවා.
ඵෙතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍ය අදින් අවසන් වීමට නියමිතයි. මැණික් ගඟේ දිය කැපීමේ චාරිත්‍රය සිදුකිරීමෙන් පසු එම කටයුතු අවසන් වීමට නියමිත බවයි රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ දේශාන් ගුණසේකර මහතා සඳහන් කළේ. රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැරේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රී විථි සංචාරය කෙරුණා. පෙරහැර නැරඹීම සඳහා විශාල සැදැහැවතුන් පිරිසක් කතරගම පුදබිමට පැමිණ සිටි බවටයි වාර්තා වුණේ.
2019, 2020 හා 2021 වසරවල උසස් පෙළ හැදෑරු සිසුන් 5,000 කට පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හැදැරීමට පොලී රහිත ණය ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා අයදුම් කිරීම අද සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා . රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ ණය මුදල ලබාගන්නා දරුවන් රැකියා අභිමුඛ පාඨමාලා හැදෑරිය යුතු බවයි .
එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 06 දෙනාගේ වටයේ තවත් තරගයක් අද පැවැත්වෙනවා. එහිදී සිම්බාබ්වේ කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම තරගවැදීමට නියමිතයි. සිම්බාබ්වේ බුලවායෝහීතී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 12.30 ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222