- අල්ලස් නඩු විභාග කිරීමට විශේශ අධිකරණ දෙකක්
- නේපාලයේ නව අගමැතිට ඉන්දීයාවෙන් සුභ පැතුම්
- ඩෑන් ප්‍රියසාද් ඝාතන සැකකරුවන්රඳවා ප්‍රශ්න කිරීම සඳහා අවසර
- ශ්‍රී ලංකාවේ දිගු කාලීන හා කෙටි කාලීන ණය ශේණිය ඉහළට
- පාකිස්තානු කාන්තාවන්ට ලකුණු 293ක ඉලක්කයක්
- වෙල්ලාලගේ අද රෑ යළි ඩුබායි යයි
- කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- සාමාන්‍ය පෙළට අයදුම්පත් කැඳවීම ඇරඹෙයි
Author: VNews
පියාගේ ජංගම දුරකථනය පාසලට ගෙන ගිය පසු විදුහල්පතිවරයා භාරයට ජංගම දුරකථනය ගැනීම හේතුවෙන් පහලොස් හැවිරිදි පාසල් සිසුවියක වස පානය කර සිය දිවිනාසා ගෙන ඇති බව ගලෙන්බිදුණුවැව හුරුළුනික වැව ප්‍රදේශයෙන් වාර්ථා වනවා. ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් අංක 617/B ජනසිරී ගම හුරුලුනික වැව ලිපිනයේ පදිංචි ගලෙන්බිදුණුවැව හුරුළුනිකවැව අනුර විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 15 හැවිරිදි දැරියක් මෙලෙස සිය දිවි නසා ගෙන ඇති බවට ගලෙන්බිදුණුවැව පොලීසිය පවසනවා. මෙම ශිෂ්‍යාව ඉකුත් 04 වැනි දින ජංගම දුරකථනය පාසලට ගෙන ගොස් ඇති අතර, අදාළ ජංගම දුරකථනය විදුහල්පතිවරයා භාරයට ගෙන පසු දින පියා සමඟ පාසලට පැමිණෙන ලෙසට විදුහල්පතිවරයා අවවාද කර ඇති අතර, ඒ හේතුවෙන් මෙම ශිෂ්‍යාව…
2023 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ අවසන් තරගය ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද දින පැවැත්වුනා. මෙම තරගය මෙරට වේලාවෙන් අද දහවල් 12.30 ට සිම්බාබ්වේ හරාරේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුුුණා. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව මේ දක්වා සහභාගි වූ තරග සියල්ලම ජය ගනිමින් මේ වන විටත් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා සිටිනවා. මේ අතර අද තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇති බවටයි වාර්තා වන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා පිතිකරණ අංශය ශක්තිමත් කිරීමේ අරමුණින් චාමික කරුණාරත්නට අවස්ථාවක් හිමි වීමට බොහෝ දුරට ඉඩ ඇති බව සදහන්. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින්…
ෆෙස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් අලුතින් දියත් කළ ට්විටර් ගිණුමට සමාන ත්‍රෙඩ්ස් යෙදවුමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ට්විටර් හිමිකරු ඊලෝන් මස්ක් පවසනවා. ඔහු චෝදනා කරන්නේ මෙම යෙදවුම සතුව තමන්ට අයත් ට්විටර් යෙදවුමේ විශේෂාංගවලට සමාන විශේෂාංග රැසක් අඩංගු බවටයි. එමෙන්ම ට්විටර් සමාගමෙන් ඉවත්වූ සේවකයින් යොදාගනිමින් සකර්බර්ග් මෙම යෙදවුම සකස් කර ඇති බවටද ඊලොන් මස්ක් ප්‍රකාශ කර තිබෙනවා. ඊයේ දියත් කළ ත්‍රෙඩ්ස් යෙදවුමට එක්ව ඇති පරිශීලකයන් සංඛ්‍යාව මේ වන විට මිලියන 30 ඉක්මවා තිබීම විශේෂත්වයක්.
අද දිනයේදීත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වුණා. ඊයේ දින දූෂණ විරෝධි පනත් කෙටුම්පත දෙවනවර කියවීම පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර මෙහි තෙවනවර කියවීම එළඹෙන 19 වන දා දක්වා කල්තැබීමටයි එහිදි කටයුතු කරනු ලැබුවේ. අද දින පාර්ලිමේන්තු විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහපෙරුම මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් විමසා සිටියේ 35 වන පොලිස්පතිවරයා විශ්‍රාම යාමෙන් අනතුරුව 36 වන පොලිස්පතිවරයා පත් කිරීමට මෙතරම් කාලයක් ගනු ලබන්නේ ඇයිද යන්නයි. මේ, ඒ සදහා පිළිතුරු ලබා දුන් දිනේෂ් ගුණවර්ධන මහතා. මේ පිළිබදව අද දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මෙලෙස අදහස් දක්වා සිටියා.
ලෝකයේ විශාලතම ජාත්‍යන්තර සම්මාන උළෙලක් මෙරටදී පැවැත්වීමට තීරණය කර ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. මේ සදහා රටවල් 100 ක් සහභාගි කර ගැනීමට ද තීරණය කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළේ.
ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස මෙරට විදෙස් තානාපතිවරුන් ඇතුළු ධුත මණ්ඩල ප්‍රධානීන් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, මෙරට රාජතාන්ත්‍රික කටයුතුවල 75 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය වුණු විශේෂ සංචාරයකට එක්වෙමින්. පසුගියදා ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාරදුන් මෙරට රාජකාරියේ නිරත විදේශ ධූත මණ්ඩල ප්‍රධානීන් හදුනාගැනීමද මෙහිදී සිදුවුණා. ඇල්ල ඔඩිසි දුම්රියේ මෙම විශේෂ සංචාරය සංවිධාන කර තිබුණේ විදේශ කටයුතු අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ඒකාබද්ධවයි.
නව කම්කරු නීතිය යටතේ පාරිතෝෂික ගෙවීමේ දී දින 180 ක් සේවය කරන සෑම සේවා නියුක්තිකයෙකුටම මාස භාගයක පාරිතෝෂිකයක් ගෙවිය යුතු බවට වන නීතියක් සකස් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා . දැනට පවතින අවුරුදු 05 ක සේවා කාලය සහ සේවකයින් 15 ක් සිටීමේ සීමාව ඉවත් කිරීමට ද එමගින් පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළා. නවීන වැඩ ලෝකයට ගැලපෙන පරිදි කම්කරු නීති පද්ධතියක් සඳහා වන දළ පනත් කෙටුම්පත කම්කරු උපදේශක සභාවට ඊයේ පස්වරුවේ ඉදිරිපත් කර තිබෙනවා. එම අවස්ථාවට එක්වෙමිනුයි කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මෙම අදහස් දැක්වීම සිදු කළේ.
එංගලන්ත කණ්ඩායම සහ ඕස්ටේ්‍රලියා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. පළමු දිනය සදහා තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සදහා පන්දුවාර 19ක් අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 68ක් රැස් කරගෙන සිටියා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ්‍රලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියල්ලන් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 263ක්. ඒ අනුව එංගලන්ත කණ්ඩායම මේ වන විට ඕස්ටේ්‍රලියානු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 195ක් පිටුපසින් පසුවනවා.
වැඩිහිටි පුරවැසියන්, ආබාධිතයින් සහ වකුගඩු රෝගයෙන් පෙළෙන්නන් සදහා නව නිර්නායකයක් හඳුන්වා දෙන තෙක් දැනට පවතින දීමනා ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ. කෙසේ වෙතත් අවදානමට ලක් වූ, දිළිදු හා අන්ත දිළිදු යන සමාජ කාණ්ඩ 4 යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදුකිරීමේ කිසිදු වෙනසක් නොමැති බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා . මේ වන විට අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ අභියාචනා හත්ලක්ෂ හැට දහසක් පමණ ලැබී ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම විරෝධතා 10,000 ක් ලැබී ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා . අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන සඳහා…
එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 06 දෙනාගේ වටයේ තවත් තරගයක් අද පැවැත්වෙනවා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගවැදීමට නියමිතයි. සිම්බාබ්වේ හරාරේ හීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 12.30 ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222