- දුනිත්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි
- ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයග්‍රහණයක්
- ශ්‍රී ලංකාවට ලකුණු 170ක ඉලක්කයක්
- ලෝක උණ ශාක දිනයේදී පැල 500ක් රෝපණය කරයි
- ගාසා තීරයේ සිදු වූ මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් විශේෂ අණාවරණයක්
- සුභ සාධක සංගමයට නව කොමසාරිස්වරයෙක් පත් කෙරේ
- ව්‍යාජ 5000 නෝට්ටු තොගයක් සමග 4ක් මාට්ටුවෙයි
- දහම් අධ්‍යාපනය සඳහා ප්‍රායෝගික විෂය නිර්දේශයක් – හරිනි අමරසූරිය
Author: VNews
රට ආර්ථික වශයෙන් බංකොලොත් භාවයට පත්වීමට හේතු සෙවීම සදහා පත් කළ කමිටුව අද පළමුවරට රැස්වීමට නියමිතයි. එම රැස්වීම අද දින පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත බව එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා කියා සිටියා. එහිදි කමිටුවේ සාමාජිකයින් සමග සාකච්ඡා කර ඉදිරි පියවර සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. අදාළ කමිටුවේ සාමාජිකත්වයෙන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ඉවත් වීමට පසුගියදා තීරණය කර තිබුණා. අදාළ කමිටුවේ සභාපතිවරයා ලෙස සාගර කාරියවසම් මහතා පත් කිරීම පිළිගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළා. පෙර පැවති ආණ්ඩුව සමයේ ගත් වැරදි තීන්දු තීරණ මූලික කරගනිමින් ආර්ථික අර්බුදය පැමිණි…
නිසි පරිදි පාරිභෝගිකයින් විසින් ගෙවීම් නොකිරීම හේතුවෙන් රුපියල් මිලියන 9, 500 ක හිඟ මුදලක් අයකරගැනීමට සිදුව ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව මෙලෙස ගෙවීම් පැහැර හැර ඇති පුද්ගලයින්ගේ ජල සැපයුම් විසන්ධි කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ . සැපයුම් විසන්ධි කිරීමෙන් අනතුරුව මාස 02 ක් තුළ හිඟ බිල්පත් නොගෙවන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇති . මේ අතර නව ජල සබඳතා දෙලක්ෂ 50,000 කට වැඩි ප්‍රමාණයක් මෙම වසරේ අලුතින් ලබා දීමටයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සැළසුම් කර ඇත්තේ.
උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් මෙරට අමෙරිකානු තානාපති ජූලි චං හමු වී තිබෙනවා. උතුරු නැගෙනහිර ඉඩම් නැවත පවරා දීම, අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ට සාධාරණය ඉටු කිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. යාපනයේ පැවති අදාළ සාකච්ඡාවට දෙමළ මහජන පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. විග්නේෂ්වරන්, සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, ටෙලෝ පක්ෂයේ නායක සෙල්වම් අඩෙක්කලනාදන් ඇතු`ඵ පිරිසක් එක්ව සිටියා. මේ අතර දෙමල ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් , ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් ද යොමු කර ඇති බව සඳහන්. දෙමළ ජනතාවගේ ගැටලු සහ 13 වන සංශෝධනය බලාත්මක කර ගැනීමට…
විශේෂ කාරක සභාවක් පත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවක් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා . එම කාරක සභාව පත් කිරීමට යෝජනා කර ඇත්තේ පාර්ලිමේන්තු සහ මන්ත්‍රී වරප්‍රසාද කඩවීමේ සිද්ධි සම්බන්ධයෙන් සෙවීම සදහායි . කතා නායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ආණ්ඩුව විසින් අද දිනයේ හදිසියේම තේරීම් කාරක සභාවක් පත් කිරීම මගින් අධිකරණයට සහ මැතිවරණ කොමිසමට බලපෑමක් සිදු වන බවයි.
තායිලන්තයේ බැංකොක් නුවර පැවති 25 වැනි ආසියානු මළළ ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණ දිනා දුන් ජයග්‍රාහී මළළ ක්‍රීඩා පිරිස ඊයේ (07/17 )දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා. ඔවුන් මෙම තරගාවලියේ දී රන් පදක්කම් 03 ක් , රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගැනීමට සමත් වී තිබුණා. එහිදී මීටර් 800 කාන්තා , සහාය දිවීම මීටර් 400 × 4 සහ මීටර් 400 කාන්තා යන ධාවන ඉසව් වලදී රන් පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණ අතර මිශ්‍ර සහාය දිවීම මීටර් 400 × 4 සහ කාන්තා සහාය දිවීම මීටර් 400 × 4 ධාවන ඉසව් වලදී රිදී පදක්කම් දිනා ගැනීමට…
උමා ඔය ව්‍යාපෘති කාර්යාලයේ සේවකයන් ප්‍රවාහනය කළ බස් රථයක් අද උදෑසන ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල උමා ඔය ව්‍යාපෘති කාර්යාලයට ආසන්න ස්ථානයකදී ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා. අදාළ අනතුරින් බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත් වී ඇති අතර එහි ගමන් ගත් තවත් 6 දෙනෙකු තුවාල ලබා වැල්ලවාය රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ. රාත්‍රී වැඩමුරය නිමා කර නිවෙස් බලා යමින් සිටි උමා ඔය ව්‍යාපෘතියේ සේවකයන් පිරිසක් මෙලෙස අනතුරට පත් වී ඇති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ඇල්ල වැල්ලවාය පොලිසිය මගින් ක්‍රියාත්මක බවටයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.
රාජ්‍ය ආයතන 65ක් සඳහා සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයක් අද පැවැත්වෙනවා . ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ රජයේ ආයතන සදහායි මෙම සම්මාන ප්‍රධානය කිරීමට නියමිතව ඇත්තේ . රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාවලට අනුව 2019 සහ 2020 වර්ෂවල ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකරගත් ආයතන සඳහා රන් සහ රිදී සම්මාන මෙහිදී ලබා දෙනු ඇති . එම සම්මාන ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි .
නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහභාගීවන තවත් තරගයක් අද පැවැත්වෙනවා. මෙහිදී ඕමාන ඒ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තරග වැදීමට නියමිතයි. තරගය අද පස්වරු 2ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.
තවදුරටත් රජයේ සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා . එම පියවර ගෙන ඇත්තේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අවහිරයක් හෝ බාධාවක් එල්ල වීම වැළැක්වීම සඳහායි . ඒ අනුව විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්වනු ඇති . එමෙන්ම රෝහල්වල, සාත්තු නිවාසවල සහ වෙනත් සමාන ආයතනවල සියලු සේවා අදාළ ගැසට් නිවේදනයෙන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ .
සංචාරක පාකිස්තාන කණ්ඩායම සම ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි. දෙවැනි දිනය සදහා තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිමට පන්දුවාර 45ක් අවසානයේ කඩුළු 5න් දැවී ලකුණු 221ක් රැස් කරගෙන සිටියා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 312ක්. ඒ අනුව පාකිස්තාන කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 91ක් පිටුපසින් පසුවනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222