Author: VNews

ඌව – වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් එම සිසුන් පිරිස තාවකාලිකව විශ්ව විද්‍යාලයෙන් ඉවත් කර තිබෙනවා. පාලනාධිකාරිය පවසන්නේ දෙවන සහ තුන්වන වසරවල සිසුන් අතර මෙම ගැටුම හට ගෙන ඇති බවයි. එමෙන්ම ගැටුම මැඩ පැවැත්වීම සඳහා එම සිසුන් විශ්ව විද්‍යාලයෙන් ඉවත් කළ බවයි පාලනාධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

තව කියවන්​න

විදුලි ගාස්තුව ඉහළ දැමීමට කටයුතු කිරීමත් සමග ජල ගාස්තුවද ඉහළ නැංවීමට සිදු වන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ජනතාවට බලපෑමක් නොවන ආකාරයට එම ජල ගාස්තු ඉහළ දැමීම සිදුවන බවයි අමාත්‍යවරයා පැවසුවේ. එම යෝජිත සැලැස්ම විපක්ෂ නායක කාර්යාලය වෙත ද යොමු කර ඇති බව ඔහු සදහන් කළා.

තව කියවන්​න

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් හෙට වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ රෝහලේ ඇති ගැටවලට විසදුම් ලබා දීමට බලධාරින් කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි. මෙම වර්ජනයට රෝහල් අධ්‍යක්ෂකවරයා වගකිව යුතු බවද අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළා.

තව කියවන්​න

යුක්රේනයට සාම ක්‍රියාවලියක් ගෙන ඒම සඳහා දායක වීමට ඉන්දියාව සූදනම් බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ ඉකුත්දා සිදු කෙරුණු සිය ප්‍රංශ සංචාරය අතරතුර එරට ජනාධිපති එම්මානුවෙල් මැක්රන් හමුවී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති බවයි. යුක්රේනයේ පවතින ගැටුම් මෙන්ම කොවිඩ් වසංගතය හමුවේ ගෝලීය දකුණට එල්ල වී ඇති ඍණාත්මක බලපෑම් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබෙනවා. සියලු රටවල් අත්වැල් බැඳගෙන මෙම ගැටලු විසඳා ගැනීම වැදගත් බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇත්තේ. ප්‍රහාරක ජෙට් යානා සහ සබ්මැරීන ගනුදෙනුවකට ද එහිදී නායකයින් දෙපළ අත්සන් තබා තිබෙනවා.

තව කියවන්​න

ප්‍රිමා තිරිගු පිටි සමාගමේ නිෂ්පාදිත තිරිගු පිටි කිලෝවක මිල දින සිට රු 10 කින්අඩු කල බව දිවයින පුරා එම සමාගමේ තිරිගු පිටි බෙදා හරින සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි තිබෙනවා. ඒ අනුව පාන් නිෂ්පාදනය සදහා භාවිතා කරනු ලබන ප්‍රිමා මිල්ක් බ්‍රැන්ඩ් කිලෝවක්එම සමාගම විසින් අලෙවි නියෝජිතයන්ට රු 210 කට නිකුත් කල අතර, එය වෙලදපොලේ රු 230 වැනි සිල්ලර මිලකට අලෙවි කෙරිණ. නව මිල අනුව මිල්ක් බ්‍රැන්ඩ් තිරිගු පිටි කිලෝවක් රු 200 ක තොග මිලකට අලෙවි නියෝජිතයන් වෙත දින සිට නිකුත් කරන අතර, එම තිරිගු පිටි කිලෝවක් රු 220 වැනි සිල්ලර මිලකට අලෙවි කරන බවයි අලෙවි නියෝජිතයන් කියා සිටින්නේ. ප්‍රිමා…

තව කියවන්​න

ඉදිරියේදී පැමිණීමට නියමිත නියං තත්වය සදහා මුහුණ දීමට අවශ්‍ය කටයුතු සිදු කල යුතු ආකාරය පිලිබදව සාකච්චා කරමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා . ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ . ජලය අරපිරිමැස්මෙන් යුතුව භාවිතා නොකරන ගොවීන්ට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළා .

තව කියවන්​න

මෙරට කිරි ගව පාලනය සංවර්ධනය කිරීම සඳහා ප්‍රංශයෙන් රුපියල් මිලියන 250 ක මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබෙනවා. කෘෂි කර්ම අමාත්‍යාංශය සඳහන් කළේ මේ සදහා ප්‍රංශයේ පශු සම්පත් ආයතන සහ සංවර්ධනය සදහා වන ප්‍රංශ නියෝජිත ආයතනය ඒකාබද්ධව මෙලෙස සහයෝගිතාවය පළ කර ඇති බවයි. මේ අතර අද දින පාර්ලිමේන්තුවේදී පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා ඉදිරිපත් කළ ප්‍රකාශය මූලික කරගනිමින් සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කියා සිටියේ මේ වන විට බිත්තර හිඟයක් රට තුළ නොමැති නම් පිටරටින් බිත්තර ආනයනය නතර කිරීම සුදුසු බවයි.

තව කියවන්​න

පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල ඝාතනය පාදකකොටගෙන 1997 වසරේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ නිවාස ගිනිතබා විනාශ කිරීම සම්බන්ධයෙන් වූ නඩුවෙහි තීන්දුව ඊයේ රත්නපුර මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව චෝදනාවට වරදකරුවන් වූ රත්නපුර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සුදත් දිසානායක හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රණවක කළුආරච්චි ඇතුළු 7 දෙනෙකුට බරපතළ වැඩ සහිතව වසර 5 1/2 ක සිර දඩුවම් නියම කරණු ලැබුවා. එමෙන්ම තවත් දෙදෙනෙකුට වසර 7 1/2ක සිර දඩුවම්ද නියම කිරීමටයි අධිකරණය කටයුතු කරනු ලැබුවේ. මෙම නඩු තීන්දුව ලබා දෙනු ලැබුවේ වසර 26කට පසුවයි.

තව කියවන්​න

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් අවුරුද්දක් පමණ වයසැති කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිය ගිය කුඩා දරුවාගේ තුන් හැවිරිදි වැඩිමල් සොහොයුරා විසින් අත්වැරදීමකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. නිවසේ අනාරක්ෂිත ලෙස දමා තිබූ ගිනි අවියක් සමග සෙල්ලම් කරමින් සිටින අතරතුරදී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරු 03ට මෙම හමුව පැවැත්වෙනු ඇති. බලය බෙදීම සහ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ . මිට පෙරද අවස්ථා කිහිපයකදී දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පවත්වා තිබුණා.

තව කියවන්​න