Author: VNews

රජයේ රෝහල්වල භාවිතය සඳහා මිල දී ගෙන ඇති මෙරට සමාගමක නිපදවන ලද ‘ඇස්පිිිිිිරින්’ පෙති තොගයක ‘ඇස්පිිිිිිරින්’ නමැති එහි ප්‍රධානතම සංඝටකය වන ඇසිටයිල් සැලිසිලික් අම්ලය නොමැති බව තහවුරු වීම නිසා භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය පියවර ගෙන තිබෙනවා. වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායකගේ අස්සනින් යුතුව මෙම ඇස්පිරින් තොගය ඉවත් කිරීම සඳහා වන චක්‍රලේඛයක් නිකුත් කර ඇත. හෘදයාබාධවලට ලක්වීමේ අවදානම සහිත හෝ හෘදයාබාධයන්ට ලක්වූ රෝගීන්ගේ හෘදයේ රුධිරවාහිනිවල රුධිර කැටි ඇතිවීම වැළැක්වීම සඳහා ඇස්ප්‍රින් අත්‍යවශ්‍ය ඖෂධයක් වන අතර ‘ඇස්පිරින්’ අඩංගු නොවන මෙම ‘ඇස්පිරින්’ පෙති නිපදවා ඇත්තේ, කුරුණෑගල එලිබිච්චියේ පිහිටි ඖෂධ නිෂ්පාදන සමාගමක් මගිනි.

තව කියවන්​න

නුවරඑලිය සිට බලංගොඩ දක්වා එකම පවුලේ පිරිසක් ගමන් ගත කුඩා ලොරි රථයක් නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් ලොරි රථයේ ගමන් ගත කුඩා ළමයෙකු සහ තවත් එක් අයෙක් තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නානුඔය පොලිසිය පැවසුුුවා. අධික බැවුමක් සහිත රදැල්ල කෙටි මාර්ගයේ ධාවනය වෙමින් තිබු කුඩා ලොරි රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ත්‍රිරෝද රථයේ ගැටි ලොරි රථය මාර්ගයෙන් පිටතට පැන කන්දක ගැටි පෙරලි අනතුර සිදු වි ඇත. මෙම අනතුර ඊයේ (21) දින රාත්‍රි 11.30 ට පමණ  සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය…

තව කියවන්​න

ආණ්ඩුව මැතිවරණ කල් දමමින් ජනතා අයිතිය කප්පාදු කරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා චෝදනා කරනවා. ආණ්ඩුව කුමන සැලසුම් දියත් කලද ලබන වසරේ සැප්තැම්බර් මස වන විට අනිවාර්යයෙන් ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බවයි ඒ මහතා සඳහන් කරන්නේ. මේ අතර ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී ලාල් කාන්ත මහතාද ජන හමුවකදී මැතිවරණය සම්බන්දව අදහස් පල කලා. ඒ මහතා සඳහන් කලේ ජනාධිපතිවරණයක් පැවැත්වීම පිළිබඳව සැක මතුව ඇති බවයි.

තව කියවන්​න

ඉදිරි දශක කිහිපයේදී ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය කැපී පෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කරනු ඇතැයි ආර්ථික විශේලේෂකයින් පුරෝකථනය කර තිබෙනවා. ඒ අනුව 2075 වන විට ගෝලීය වශයෙන් දෙවන විශාලතම ආර්ථිකය බවට ඉන්දියාව පත් වනු ඇති බවටයි ඔවුන් පවසන්නේ. බිලියන 1.4 ක ජනගහනයක් සිටින ඉන්දියාවේ ආර්ථිකය අමෙරිකාව පසුකරමින් අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 52.5 ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂිතයි. එවිට ඉන්දියාවේ ආර්ථිකය චීනය සමග පමණක් තරග කරනු ඇති බවටයි ආර්ථික විශ්ලේෂකයින් පුරෝකථනය කර ඇත්තේ. ශ්‍රම බලකාය තුළ වැඩි සහභාගීත්වයක් ප්‍රවර්ධනය කිරීම සහ ආයෝජන ඉහළ යාම ඉන්දීය ආර්ථිකය ශක්තිමත් වීමේ ප්‍රධාන සාධක ලෙස සලකනු ලබනවා.

තව කියවන්​න

පකිස්තානයේ කයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයේ කයිබර් දිස්ත්‍රික්කයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙකු මිය ගොස් ඇති අතර පොලිස් නිලධාරීන් ඇතුළු තවත් පුද්ගලයින් අට දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා. එම දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානය, රජයේ ගොඩනැගිලි සහ ත්‍රස්ත මර්දන දෙපාර්තමේන්තුවේ සිරමැදිරිය පිහිටා ඇති තහසිල් පරිශ්‍රයට පුද්ගලයින් දෙදෙනෙකු අනවසරයෙන් ඇතුළුවීමට උත්සහ දරා තිබෙනවා. එහිදී ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයින් දෙදෙනා පරීක්‍ෂා කිරීමේදි බෝම්බය පුපුරා ගොස් ඇතැයි සඳහන්. ප්‍රහාරය සඳහා පැමිණ ත්‍රස්ත සාමාජිකයින් දෙදෙනා ද එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.

තව කියවන්​න

පොකුණුවිට ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මුදල් හා දේපොළ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, සැකකරුවන් මිල්ලනිය, කහතුඩුව, අඟුරුවාතොට, පාදුක්ක, කොස්ගම, ඉංගිරිය, කිරිඳිවැල සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල මෙම කොල්ලකෑම් සිදුකර ඇති බවයි. පොලීසියට ලද පැමිණිලිවලට අනුව මෙහි ප්‍රධාන සැකකරු හොරණ පොකුණුවිට ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10ක් සමඟ පසුගිය 18 වනදා අත්අඩංගුවට ගෙන තිබුනා. ප්‍රධාන සැකකරු හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වනදා දක්වා රැඳවුම් නියෝග යටතේ තබා ගැනීමට නියෝග කර තිබෙනවා .

තව කියවන්​න

ජනාධිපතිවරණය ලබන වසරේ මුල පවත්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා. ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා කොපමණ මුදල් ප්‍රතිපාදන අවශ්‍ය දැයි ගණනය කොට තමාට වහාම දැනුම් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමට දැනුම දී ඇති බවයි වාර්තා වන්නේ. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා ඇතුළු කොමිසමේ නිලධාරීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලදී සාකච්ච්වකද පවත්වා තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජනපතිවරණයට වැය වන මුදල් ප්‍රතිපාදන ඉදිරි අයවැය ලේඛනයට ඇතුළත් කර මුදල් වෙන් කර ගත යුතුව ඇති බවයි. ජනාධිපතිවරණය සඳහා වැයවන මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් වාර්තාවක් කඩිනමින් මුදල් අමාත්‍යංශයට යොමු කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා. එමෙන්ම අදාළ මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමගද…

තව කියවන්​න

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පාසල් රග්බි ලීගයේ තවත් තරගයක් අද පැවැත් වුණා. කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර කොළඹ හැව්ලොක් ක්‍රිඩාංගනයේදී පැවැත්වුණා. ඩී.එස් සේනානායක විද්‍යාලය මේ දක්වා සහභාගි වී ඇති තරග 4 න් 3 ක් ම ජය ගැනීමට සමත්ව තිබෙනවා. එමෙන්ම සාන්ත තෝමස් විද්‍යාලය ද මෙතෙක් සහභාගී වී ඇති තරග 4 න් 3 ක් ජයගෙන තිබුණා. මේ අතර පාසල් රග්බි තරගාවලියේ හයවැනි සතියේ තරග 5 ක් හෙට සහ අනිද්දා දින දෙකේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය පල්ලෙකැලේ රග්බි ක්‍රිඩාංගනයේදී පැවැත්වෙනු ඇති. 2023 වසරේ…

තව කියවන්​න

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයේ මාර්ගයක භූගත ගෑස් නල පද්ධතියක් පුපුරා ගොස් තිබෙනවා. මෙම පිපිරිමෙන් එක් අයකු මිය ගොස් තවත් 12 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. පිපිරීමෙන් එම මාර්ගය ද දැඩි ලෙස විනාශ වී ගොස් තිබෙනවා.

තව කියවන්​න

ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව සහ පාකිස්ථානය සමත්ව තිබෙනවා. තරගයේ අවසන් පුර්ව වටයේ තරග ඊයේ කොළඹ දී පැවැත්වුණා. පළමු අවසන් පුර්ව තරගය පැවැත්වුණේ පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතරයි. එහිදී පාකිස්ථානය හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 60ක පරාජයක් ලැබුවා. දෙවන අවසන් පුර්ව තරගය පැවැත්වුණේ ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතරයි. එහිදී ලකුණු 51කින් බංග්ලාදේශය පරාජය කළ ඉන්දියාව නැගිඑන කණ්ඩායම් අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගත්තා.

තව කියවන්​න