Author: VNews

ලිට්‍රෝ ගැස් සහ ලාෆ් ගැස් මිල සමානව පවත්වාගෙන යාම සදහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ සදහා අවශ්‍ය කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන් බවයි ඊයේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු සදහන් කළේ.

තව කියවන්​න

මීගමුව, ඒත්තුකාල මුහුදු තීරයේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයන් සොයා අද දිනයේත් මෙහෙයුම් සිදු කරන බව පොලීසිය සඳහන් කළා. කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවය කරනු ලබන සේවකයන් පිරිසක් මෙලෙස දියනෑමට ගොස් ඇති අතර, එම පිරිසේ සිටි තිදෙනෙක් මෙලෙස දියේ ගිලී අතුරුදන් ඇති බවයි පොලීසිය සදහන් කළේ. අතුරුදන් වූ පුද්ලගලයන් අවුරුදු 20 හා 23 යන වයස්වල පසුවන චුන්නාගම්, කොස්ලන්ද සහ ඩයගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. ඒ අනුව අතුරුදන් වූ පුද්ලගලයන් සොයා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්, නාවික හමුදාව කිමිදුම් කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම් සිදු කරනු ලබනවා.

තව කියවන්​න

රජයේ අනුග්‍රහය යටතේ මේ වන විට බාල ඖෂධ ලක්ෂ 220 ක් වූ ජනතාවට ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා . මේ වන විට පරීක්ෂණවලින් අසමත් ඖෂධ පවා වෙළෙඳ පොළට නිකුත් කර ඇති බවයි ඔහු සදහන් කළේ. මේ සම්බන්ධයෙන් සත්‍ය හෙළිදරව් කරන නිලධාරීන්ට චක්‍රලේඛ නිකුත් කර තහංචි පනවා ඇති බවද විපක්ෂ නායකවරයා පැවසුවා. එමෙන්ම මේ සමබන්ධ තොරතුරු සැගවීම සිදු කරන පුද්ගලයන් නීතිය හමුවට ගෙන එන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළා . ඔහු මේ බව කියා සිටියේ මාදූවේ උපනන්ද ස්වාමීන් වහන්සේට අක්තපත ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනින් .

තව කියවන්​න

ඉන්දුනීසියාවේ තොටුපලක බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුරෙන් තවත් පුද්ගලයන් 19 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. අනතුර සිදුවන අවස්ථාවේ මෙම බෝට්ටුවේ පුද්ගලයන් 40 දෙනෙකු සිට ඇති අතර අතුරුදන් වූ පුද්ගලයන් සොයා මෙහෙයුම් සිදු කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

තව කියවන්​න

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දෙවැනි සහ තුන්වැනි වසරවල සිසුන් 14 දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. එහි ලේඛකාධිකාරි එච්.කරීම් මහතා පැවසුවේ පසුගිය 17 වන දා රාත්‍රීයේ ඇති වූ නොසන්සුන්තාවක් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. මේ සම්බන්ධයෙන් විමර්ශනය සදහා පංච පුද්ගල කමිටුවක් පත් කර ඇති අතර අදාළ සිදුවීමෙන් අනතුරුව පසුගිය 18 වන දා සිට දෙවන හා තුන්වන වසරවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නතර කර තිබෙනවා.

තව කියවන්​න

දුම්රිය රියදුරු වෘත්තිය සමිතියක් විසින් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් අද පෙරවරු කාලයේදී ද දුම්රිය ගමන්වර කිහිපයක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවලංගු කරනු ලැබුවා. නව දුම්රිය සේවා වාර කිහිපයක් ආරම්භ කිරීම හේතුවෙනුයි දුම්රිය පාලනාධිකාරියට එරෙහිව විදුලි බලවේග ධාවනාගාරයේ රියදුරන් පිරිසක් ඊයේ දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළේ. මේ හේතුවෙන් ඊයේ දිනයේදී ද දුම්රිය ගමන්වාර 21 ක් පමණ අවලංගු වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසුවේ.

තව කියවන්​න

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට පාකිස්තාන ඒ කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයේ දී ඉන්දීය ඒ කණ්ඩායම පරදා ලකුණු 128 ක ජයක් වාර්තා කරමින්. තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 50 තුළ දී කඩුලු 8ක් දැවී ලකුණු 352 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 40 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 224 ක් පමණයි.

තව කියවන්​න

සෞඛ්‍ය සේවකයන්ට ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීමට වාරණයක් පනවමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයට එරෙහිව කටයුතු කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයක් පිහිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා. එම සංධානය පිහිටුවීමට සෞඛ්‍ය වෘත්තිය සමිති කොළඹදී අද පෙරවරුවේ රැස්වන බවයි එම සමිති වැඩි දුරටත් සඳහන් කළේ. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් සියලුම නිලධාරීන් වෙත පසුගියදා චක්‍රලේඛයක් නිකුත් කර තිබුනා . ඒ, ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම හා අදහස් දැක්වීමට අදාළව විධිවිධාන කෙරෙහි අවධානය යොමු කරමින් .

තව කියවන්​න

පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් සිටින සේවකයින් කඩිනමින් ස්ථිර කරන බව රජය පවසනවා. පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, ඊට අදාළ තොරතුරු රැස් කිරීම ආරම්භ කර ඇති බවයි. පළාත් පාලන ආයතනවල මේ වනවිට පුරප්පාඩු සංඛ්‍යාව 12,000 ක් පවතින අතර, එම පුරප්පාඩු පියවීම සඳහා අදාළ සේවකයින්ට ස්ථිර පත්වීම් ලබාදෙන බව අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළා. මේ වන විට පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් සිටින සේවකයින් සංඛ්‍යාව 10,000ක් වනවා.

තව කියවන්​න

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන හා අවසන් දිනය අදයි. සිව්වන දිනය සදහා තරගය නතර කරන විට ජයග්‍රාහී ලකුණු 365ක ඉලක්කයක් හඹා යමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩාම සිය දෙවන ඉනිමට පන්දුවාර 32ක් අවසානයේ කඩුළු 2ක් දැවී ලකුණු 76ක් රැස් කරගෙන සිටියා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 438ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ඉනිම කොදෙව් කණ්ඩයම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 255ක් රැස් කළා. අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුළු දෙකක් දැවී ලකුණු 181ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවීමට කටයුතු කරනු ලැබුවා.…

තව කියවන්​න