මීගමුව, ඒත්තුකාල මුහුදු තීරයේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයන් සොයා අද දිනයේත් මෙහෙයුම් සිදු කරන බව පොලීසිය සඳහන් කළා.
කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවය කරනු ලබන සේවකයන් පිරිසක් මෙලෙස දියනෑමට ගොස් ඇති අතර, එම පිරිසේ සිටි තිදෙනෙක් මෙලෙස දියේ ගිලී අතුරුදන් ඇති බවයි පොලීසිය සදහන් කළේ.
අතුරුදන් වූ පුද්ලගලයන් අවුරුදු 20 හා 23 යන වයස්වල පසුවන චුන්නාගම්, කොස්ලන්ද සහ ඩයගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
ඒ අනුව අතුරුදන් වූ පුද්ලගලයන් සොයා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්, නාවික හමුදාව කිමිදුම් කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම් සිදු කරනු ලබනවා.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














