- ශ්‍රී ලංකාවට ලකුණු 170ක ඉලක්කයක්
- ලෝක උණ ශාක දිනයේදී පැල 500ක් රෝපණය කරයි
- ගාසා තීරයේ සිදු වූ මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් විශේෂ අණාවරණයක්
- සුභ සාධක සංගමයට නව කොමසාරිස්වරයෙක් පත් කෙරේ
- ව්‍යාජ 5000 නෝට්ටු තොගයක් සමග 4ක් මාට්ටුවෙයි
- දහම් අධ්‍යාපනය සඳහා ප්‍රායෝගික විෂය නිර්දේශයක් – හරිනි අමරසූරිය
- ඩිස්ට්‍රප්ට් ආසියා 2025 ජනාධිපති ප්‍රධානත්වයෙන්
- 2026 විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි
Author: VNews
නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකාවලින් සිදු වූ අනතුරු පිළිබඳව කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මේ වන විට පාර්ලිමේන්තුවේදී රැස්ව තිබෙනවා. මෙහිදි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ වත්මන් තත්ත්වය පිළිබදව මෙන්ම ඉදිරි කටයුතු පිළිබඳව ද සාකච්ඡා කිරීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ. එමෙන්ම නිව් ඩයමන්ඩ් නෞකාවේ වන්දි මුදල් ලබා ගැනීම පිළිබඳව ද මෙහිදි පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිතයි. මේ අතර රට තුළ සීග්‍ර ලෙස පැතිර යමින් පවතින මත් උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සදහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබද කරුණු සොයා බැලීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වන…
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාව හමුවට කැඳවා තිබූ මුදල් අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරින් නොපැමිණීම සම්බන්ධයෙන් කමිටුව අප්‍රසාදය පළ කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශයට අදාළ කරුණු සාකච්ඡාවට ගැනීම සදහා නිලධාරින් කැඳවන විට පාර්ලිමේන්තුවට වග කියන අමාත්‍යාංශ ප්‍රධානි කාරක සභාව හමුවේ පෙනී සිටිය යුතු බවයි මෙහිදි අවධාරණය කෙරුණේ. මේ අතර මුදල් අමාත්‍යාංශය විසින් මෙම වසරේ ජුනි මස අවසාන වන විට මූල්‍ය තත්ත්වය මෙහිදි කාරක සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කළා. එම වාර්තාව අනුව අය වැයේ ප්‍රාථමික ශේෂය සියයට 0.1 ක අතිරික්තයක් පවතින බවයි වාර්තා වුණේ. ප්‍රධාන වශයෙන් භාණඩ හා සේවා මත වැට් බද්ධ සැලකිය යුතු…
13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු සර්ව පාක්ෂික සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය සමස්ථ රටටම බලපාන කාරණයක් බැවින් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීම තම ස්ථාවරය බවයි. කෙසේ වෙතත් උතුරු නැගෙනහිර ගැටලුව පිළිබඳව ජනාධිපතිවරයා කැඳවූ සර්වපාක්ෂික සමුළුව ජනාධිපතිවරයාගේ සුපුරුදු දේශපාලනික ක්‍රියාවලියේම කොටසක් මිස අනෙකක් නොවන බව සදහන් කරමින් සමුළුවට සහභාගී වීමෙන් පසු සමගි ජන බලවේගය චෝදනා කළා. එමෙන්ම ජනාධිපතිවරයාගේ මෙම ව්‍යායාමය කෙටි කාලීන දේශපාලන වාසි ලබා ගැනීමට…
අගෝස්තු මාසය මුල සිට ජලබිල්පත් ඉහළ දමන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. එහි සාමාන්‍යාධිකාරි වසන්තා ඉලංගසිංහ මහත්මිය පැවසුවේ එම යෝජනාව කැබිනට් අනුමැතිය සඳහා යොමු කර ඇති බවයි. ඊට කැබිනට් අනුමැතිය හිමිවුවහොත් අගෝස්තු මස මුල සිට ජලබිල්පත් වැඩිවන බවද ඇය සඳහන් කළා. කෙසේ වෙතත් ජල බිල්පත් ඉහළ නැංවීමේ ප්‍රතිශතය පිළිබදව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සඳහන්.
ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර්වරියක වන මනිෂා ඉන්දීවරී වික්‍රමසිංහ මෙනෙවිය වැල්ලවාය, බුදුගල ආරණ්‍ය සේනාසනයේදී කරන්දෙණියේ ධම්ම නිරෝධා යන නමින් අද(27) උදෑසන සුබ මොහොතින් සසුන්ගත වීමට නියමිතයි. බුලුගල ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ රතුපස්කැටියේ විමුක්තිරතන, ගලඋඩහේනේ විශුද්ධිරතන සහ බද්දේගම ජනසාර යන හිමිවරුන්ගේ උපාධ්‍යයත්වයෙන් යුතුව ඇය සසුන්ගත වීමට නියමිතව ඇත. තිස් පස් වන වියේ පසුවන ඇය ශ්‍රි ලංකා යුද හමුදාවේ සිටි නිදහස් ආර පැරිෂුට් පැනීමේ ප්‍රථම කාන්තා නිලධාරිනියද වූවාය. යුද හමුදාවේ රාජකාරී කරන සමයේ විවිධ අවස්ථාවලදී ඉහළ අහසේ සිට වාර හාරසිය අනූවක් පැරිෂුට් ආධාරයෙන් බිමට පැන ඇති බව විශ්‍රාමික මේජර් මනීෂා ඉන්දීවරි වික්‍රමසිංහ මෙනෙවිය පවසනවා. එංගලන්තය, ජර්මනිය සහ දෝහා කටාර්වල පැවැති ලෝක පැරිෂුට්…
රටේ පවතින ඖෂධ හිඟය හේතුවෙන් ජාතික වකුගඩු රෝහල ඇතුළු දිවයිනේ වකුගඩු රෝහල්වල ශල්‍යකර්ම ඉදිරියේදී ඇණහිටීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙනවා. එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ ඖෂධ තොග නිසි පරිදි පවත්වා නොගැනීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පස්වන හා අවසන් අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වනවා. එංගලන්තයේ ඕවල් හීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි. තරග පහකින් සමන්විත අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග දෙකට එකක් ලෙස ජයගත් ඕස්ටේරලියාව මේ වන විට තරගාවලියේ ඉදිරියෙන් පසුවනවා.
එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දූරදර්ශී තීරණයෙන්, උසස් අධ්‍යාපන අවස්ථා අහිමි වූ පිරිසකට රජයේ රැකියා අවස්ථාව නිර්මාණය කිරීම සදහා බහුකාර්ය සංවර්ධන සහායකයින් 35,000ක් නිසි පුහුණුවකින් අනතුරුව රාජ්‍යසේවා බඳවා ගැනීම් පටිපාටි සකසමින් බඳවා ගැනීමට ගත් තීරණය රට අර්බුදයකට පත්වූ අවස්ථාවෙන් අනතුරුව වර්තමාන ගරු ජනාධිපතිවර රනිල් වික්‍රමසිංහ මහතාගේ තියුණු නායකත්වයෙන් රට ස්ථාවරයත්වයට පත් කරමින් යන ගමනේ ප්‍රතිඵලයක් ලෙස හැකියාව සැලසුනු බවත් ඒ වෙනුවෙන්, ඔවුන් දෙපළටම ප්‍රශංසාවත්, ස්තූතියත් පුද කළ යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසා සිටිිියා. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ බහුකාර්ය සංවර්ධන සහායකයින් වශයෙන් බඳවාගත් 1195 ක පිරිසක් පළාත් රාජ්‍ය සේවය වෙත ස්ථිර පදනමෙන් පත්කිරීමේ…
ලෝක කුසලාන පාපන්දු තරගාවලියට අදාළ ආසියානු කලාපයේ සුදුසුකම් ලැබීමේ තරග සඳහා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවසර හිමිවී තිබෙනවා. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිවේදනය කළේ, කොන්දේසි සහිතව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ආසියානු පාපන්දු සම්මේලනය විසින් මෙම අවසරය ලබාදුන් බවයි. ෆිෆා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග ලබන ඔක්තෝම්බර් 12 සහ 17 යන දිනවල පැවැතවීමටයි කටයුතු යොදා ඇත්තේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙම ලෝක කුසලාන තරගයට අවම වශයෙන් දින 10කට පෙර සිය නිලවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය වනවා. එසේ නොවුවහොත් ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමේ තරග සඳහා ක්‍රීඩා කිරීමට ඉඩ ලබා නොදෙනු ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලාංකික සම්බවයක් සහිත කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්ද සංගරී මහතාට කැනඩා පාර්ලිමේන්තුවේ කැබිනට් අමාත්‍ය ධූරයක් හිමිව ඇති බව සඳහන්. කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ ගේ පාර්ලිමේන්තු නව සංශෝධන යටතේ ගැරි ආනන්ද සංගරී මහතා වෙත ඔටුන්න හා ආදිවාසි සම්බන්ධතා සම්බන්ධයෙන් වන කැබ්නට් අමාත්‍යධූරය හිමිව ඇත. කැනඩා අගමැතිවරයා විසින් කැනඩා පාර්ලිමේන්තු සංශෝධනයක් සිදුකරන අතරල එහිදි ගැරී ආනන්ද සංගරී මහතා වෙත කැබිනට් අමාත්‍ය ධූරය හිමිව ඇති බව සඳහන් කරනවා. මෙරට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නායක ආනන්ද සංගරී මහතාගේ පුත්‍රයා වන ගැරී ආනන්ද සංගරී මහතාලකැනඩාවේ පාලක පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරයි. කැනඩාවේ පදිංචි බහුතරයක් වන දෙමළ ජනතාවගේ ගැටළු එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනුවේ ගැරී…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222