Author: VNews

රාජාංගනය ජලාශයේ වාන් දොරටු දහය  අඩි පහක් උසට වාන් හතරක් ද ,අඩි හතරක් උසට වාන් හතරක්ද, අඩි දෙකක් උසට වාන්  දෙකක්ද විවෘත කර ඇති බවට රාජාංගනය ජලාශ භාර වාරි ඉංජිනේරු  සම්පත් සමරජීව මහතා පැවසීය. එයින් තත්පරයට ඝන අඩි 9930 ක් කළා ඔයට මුදා හරිනු ලබයි. අංගමුව  ජලාශය වාන් දොරටු දෙක අඩි හතක් උස්සා ඇති බැවින් එයින් තත්පරයට ගණ අඩි 3650 ලුණුඔයට මුදා හරී. කලා ඔය සහ ලුණුඔය ආශ්‍රිත පහත් බිම්වල සිටින ජනතාවට දැඩි සැළකිළ්ළෙන් සිටින ලෙසට ජලාශ භාර වාරි ඉංජිනේරු  සම්පත් සමරජීව මහතා විශේෂයෙන් ජනතාවට දැනුම් දෙනු ලැබීය. ඉහළ ජල පෝෂක ප්‍රදේශ වලට ඉදිරි කාලයේ දී අධික වර්ෂාවක් ලැබුණහොත්  තවත්  වාන්…

තව කියවන්​න

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය සුන් හයියැන් ඇතුළු ප්‍රමුඛ චින දූත පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තිබෙනවා. චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය ඉදිරියටත් පවත්වාගෙන යාම කෙරෙහි අවධානය යොමු කළ සජිත් ප්‍රේමදාස පවතින බංකොලොත්භාවයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය සහ මැදිහත්වීම ඉදිරියටත් ලබා දෙන ලෙස චීන දූත පිරිසගෙන් ඉල්ලා තිබෙනවා. මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් හර්ෂණ රාජකරුණා, වෛද්‍ය කාවින්ද ජයවර්ධන, එස්. එම්. මරික්කාර් සහ ගයන්ත කරුණාතිලක යන් මන්ත්‍රීවරුන් ද එක්ව සිටියා.

තව කියවන්​න

එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ගමන් ගත් කාර්යාල කාර්යය සහායිකාවකගේ අත් බෑගය සොරා ගත් ගණකාධිකාරීවරයෙකු , කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් 11/26 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ . සිරි ශ්‍යාමලී වීරසිංහ  එංගලන්තයේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි  දැනට එංගලන්තයේ පදිංචි , ශ්‍රී ලංකාවේ  පන්නිපිටිය ප්‍රදේශයේ ද පදිංචි   55 හැවිරිදි , එරට  කාර්යාල කාර්යය සහායකවරියක ලෙස සේවය කරන්නියකි .ඇය 11/26 දින පස්වරු 01.30 ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . ඇයගේ අත් බෑගය තුළ  රුපියල් දහ…

තව කියවන්​න

මිස්ටර් වර්ල්ඩ් (Mr: World ) තරගාවලියට සහභාගී වී , ලෝකයේ කඩවසම් තරුණයන් අතරින්  අවසන් දස දෙනා ( Top 10 ) අතරට තේරී පත් වූ , මේඝ සූරියආරච්චි 11/26 දින මධ්‍යම රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .  ශ්‍රී ලංකාවේ පැවති මිස්ටර් ශ්‍රී ලංකා ( Mr: Sri Lanka ) තරගාවලියේ දී මෙරට කඩවසම්ම තරුණයා ලෙස තේරීපත් වූ මේඝ සූරියආරච්චි , මෙම ලෝක මිස්ටර් වර්ල්ඩ් තරගාවලියට ඉදිරිපත් වී තිබේ .  මෙම තරගාවලියේ දී අවසන් දස දෙනා අතරට තේරී පත් වීම ශ්‍රී ලංකාව මෙවැනි තරගාවලියක දී ජාත්‍යන්තර වශයෙන් ලබා ගත් ප්‍රථම ජයග්‍රහණය බව මේඝ කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය . මීට අමතරව මෙම තරගාවලියේ…

තව කියවන්​න

නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන්  අඹන් ගඟ දෙපස ගම්මාන 09 ක  ජනතාවට දින දෙකක සිට ගමනා ගමන  කටයුතු සහ ගමෙන් පිටවීමට නොහැකිව කොටුවී  ඇතැයි මහවැලි අධිකාරිය කියයි.  බෝතැන්න ජලාශ භාර  ප්‍රධාන  ඉංජිනේරු  බුද්ධික මහේෂ් නවරත්න මහතා 27 දින උදෑසන සඳහන් කළේ මේ  වන විට බෝවතැන්න ජලාශයේ වාන් දොරටු යක් අඩි දෙක බැගින් විවෘත කිරීමත් සමඟ බෝතැන්න ජලාශයෙන් අඹන් ගඟට තප්පරයකට ඝණ අඩි දහ අටදහසකට අධික ජල ප්‍රමාණයක් මුදා හැරෙන බවය.   බෝවතැන්න ජලාශයේ අනෙක්  සොරොව් දෙකකින්  කන්දලම  සහ ඉබ්බන්කටුව ජලාශයට ද ජලය ලබාදීම සිදුවන බැවින් ඉබ්බන්කටුව ජලාශයේ වාන්දොරටු විවෘත කර තැබීම හේතුවෙන් තප්පරයකට ඝන…

තව කියවන්​න

E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ කෙටි කාලීන රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකිරීම සම්බන්ධයෙන් ඊයේ දින (2024.11.26) අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. දකුණු කොරියාවේ සෘතුමය රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 10 ක් හා ලක්ෂ දෙක හමාර බැගින් මුදල් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලද පැමිණිලි දෙකක් අනුව, මෙම විමර්ශනය ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව මෙම ජාවාරමට සම්බන්ධ වූ කඩවත හා ගලගෙදර ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ දින බත්තරමුල්ල නගරයේදී අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ගෙන් ලද තොරතුරු අනුව ඊට…

තව කියවන්​න

දිවයිනට බලපා ඇති  අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇතිවී ඇති ගංවතුර තත්වය මත පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා අම්පාර, මඩකළපුව, මාතර යන දිස්ත්‍රික්කයන් වෙත ආපදා සහන කණ්ඩායම් එකොලහක් (11) නාවික හමුදාව විසින් අනුයුක්ත කෙරුණු අතර, එම සහන කණ්ඩායම් අද දිනයේදීත් (2024 නොවැම්බර් 27) ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටියි. අධික වර්ෂාපතනය හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ වෙල්ලාවෙලි, සුදුවැල්ල, ඔලුවිල්, කල්මුණේ ප්‍රදේශයේ කාර්තිව්, නාවින්නවේලි, පොතුවිල්, මඩකළපුව දිස්ත්‍රික්කයේ නොසලානමලේ යන ප්‍රදේශ සහ මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස  අතුරලිය, බලකාවල සහ අරම්පත්වල යන ප්‍රදේශයන්හි ඇතිවි ඇති ගංවතුර තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙලෙස නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් එකොලහක් (11) අනුයුක්ත කෙරුණු අතර, එම සහන කණ්ඩායම්  ජනතාවගේ දෛනික කටයුතු සිදුකර ගැනීම සඳහා ඩිංගි…

තව කියවන්​න

වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 10 කට ක්‍රියාත්මක වන පරිදි නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 02 යටතේ නායයෑමේ අනතුරු ඇගවීමේ නිවේදනය නිකුත් කර ඇති බවයි.

තව කියවන්​න

ට්‍රම්ප් එරෙහි මැතිවරණ නඩුව විනිසුරුවරයා නිෂ්ප්‍රභ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2020 මැතිවරණය අවලංගු කිරීමට නීති විරෝධී ලෙස උත්සාහ කළ බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වී තිබුණේ. ඊට එරෙහි ප්‍රධාන නඩුවක් ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් නිෂ්ප්‍රභ කර තිබෙනවා.

තව කියවන්​න

එළඹෙන සෙනසුරාදා සියලුම ප්‍රධාන කාර්යාලය, සියලු ප්‍රාදේශීය සහ නගර කාර්යාල විවෘතව තබන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර සඳහන් කළේ සෑම වර්ෂයකම සියලු ආදායම් වාර්තා ලබාදිය යුතු අවසන් දිනය නොවැම්බර් 30 වනදා වන බැවින් ලබන සෙනසුරාදා සිය කාර්යාල විවෘතව තබන බවයි.

තව කියවන්​න