Author: VNews

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් ප්‍රදේශ රැසක නීතිය සහ සාමය පවත්වාගෙන යාමට බාධා එල්ල කර ඇති බවට බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. ඔහු පැවසුවේ එවැනි තත්ත්වයන් මැඩලීම සදහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් නිලධාරින් වෙත උපදෙස් ලබා දී ඇති අතර දැනුවත් කිරීමේ වැඩසටහන් ද අඛණ්ඩව සිදු කරන බවයි. ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම අදහස් පළ කළා.

තව කියවන්​න

හිමාචල් ප්‍රදේශයේ සෝලාන් දිස්ත්‍රික්කයට බලපෑ අධික වැසි හමුවේ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් හත්දෙනෙකු මිය ගොස් තිබෙනවා. කෙසේ වෙතත් හයදෙනෙකු බේරා ගැනීමට සමත් වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. නිවාස දෙකක් ද නායයෑමට ලක්ව තිබෙනවා. මෙම ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ පවුල්වලට අවශ්‍ය සහනාධාර සහ ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට පියවර ගනිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

තව කියවන්​න

පාකිස්ථානයේ නිදහස් දිනය අදට යෙදී තිබෙනවා. ප්‍රධාන නිදහස් උත්සවය ඉස්ලාමාබද් අගනුවර සංවිධාන කර තිබෙනවා. 1947 වසරේදී බ්‍රිතාන්‍ය පාලනයෙන් දකුණු ආසියාවේ වයඹ ප්‍රදේශයෙහි නිදහස් මුස්ලිම් රාජ්‍යයක් ස්ථාපිත කිරීමේ අරමුණ සහිතව පැන නැගුණු පාකිස්ථාන නිදහස් ව්‍යාපාරය හේතුවෙන් පාකිස්ථානය බිහිවුණා. එහි නායකත්වය දරනු ලැබුවේ පාකිස්ථානයේ පියා ලෙස සැළකෙන සමස්ත ඉන්දියා මුස්ලිම් ලීගයේ නායක මොහොමඩ් අලි ජින්නා විසින්. බ්‍රිතාන්‍යයන් ඉන්දියාවට නිදහස ලබාදීමේ දී ජාතීන් දෙක අතර ඇතිවූ බෙදීම පාකිස්ථානය බිහිවීමට මුල් වී තිබෙනවා . එමෙන්ම ඉන්දියාව හෙට සිය නිදහස් දිනය සැමරීමට නියමිතයි.

තව කියවන්​න

වලවේ ගොවිබිම් අක්කර 13,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට විනාශවී ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. ඒ, පවතින වියළි කාලගුණය සහ වගාවට ජලය නොමැති වීම හේතුවෙන් . කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පැවසුවේ, වගා වන්දි ගණනය කිරීම සඳහා කොළඹින් හා තදාසන්න ප්‍රදේශවලින් එම ප්‍රදේශයට කණ්ඩායමක් අද පිටත්ව යන බවයි.

තව කියවන්​න

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති පස්වන හා අවසන් විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුළු 08 ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ අනුව මෙම තරග ජයග්‍රහණයත් සමඟ තරග 5න් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3ට දෙකක් ලෙස ජයග්‍රහණය කිරීමට කොදෙව්වන් සමත් වුණේ. ඊයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 165ක්. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේ කඩුළු 2ක් දැවී ලකුණු 171ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

තව කියවන්​න

කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයුම පවත්වාගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට අද විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. මෙම සාකච්ඡාව විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වන බවයි විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේ. කෙසේ වෙතත් ඉදිරියේදී විදුලිය මිලදී ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමට පියවර ගන්නා බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

තව කියවන්​න

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී දඹුල්ල අවුරා කණ්ඩායම සහ බී ලව් කණ්ඩායම තරග වැදීමට නියමිතයි. මෙම තරගය අද පස්වරු 7.30 ආරම්භ වීමටයි කටයුතු යොදා ඇත්තේ.

තව කියවන්​න

බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ නැගෙනහිර යන පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයෙත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

ඔස්ට්‍රේලියාව ,කැනඩාව ,බ්‍රිතාන්‍ය ,සහ අයර්ලන්තය යන රටවල ප්‍රධාන පෙලේ විශ්ව විද්‍යාල තුල උසස් අධ්‍යාපනය හැදෑරීම සදහා ශ්‍රී ලාංකික ශිෂ්‍යන්ට අවස්ථාව ලබා දීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වනවා .මෙහිදී ලබන 19 වනදා ශ්‍රී ලාංකික සිසුන්ට විශේෂ වරප්‍රසාද ලබා දීමට නියමිතයි. ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල ප්‍රවේශය මෙලෙස ක්ෂණිකව ලබාදීම ශ්‍රී ලංකාව තුල සිදු කෙරෙන පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වනවා.

තව කියවන්​න

පොළොව අභ්‍යන්තරයේ සැකසූ මෙරට ප්‍රථම භෝජනාගාරය විවෘත කෙරුණා. බෝගල පතල අභ්‍යන්තරයේ මීටර් 124ක් පොළොව අභ්‍යන්තරයේ මෙම භෝජනාගාරය පිහිටා තිබෙනවා. 15 දෙනෙකුට එහි ආහාර ලබා ගැනීමේ ඉඩකඩ පවතිනවා. භෝජනාගාරය විවෘත කිරීම බෝගල පතලේ සභාපති කොරලි පීටර්සන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මීට සමගාමීව බෝගල පතලේ ආවාටය ආචාර්ය මළලසේකර ආවාටය ලෙස නම් කෙරුණා. වසර 22ක කාලයක් මෙම පතලේ සභාපතීත්වය දැරූ විජය මළලසේකර මහතා සිහිපත් කරමින් මෙසේ නම් කෙරුණා

තව කියවන්​න