Author: VNews

2020 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ජෝර්ජියා ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ කළ බවට අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වනවා. 2020 වසරේ ජනාධිපතිවරණයේ දී ජෝර්ජියා ප්‍රාන්තයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ට හැකියාව ලැබුණේ නැහැ. කෙසේ වුවද එහි ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ කළ බවටයි ඔහුට චෝදනා එල්ල වන්නේ. චෝදනා 41 කින් යුත් අධි චෝදනා පත්‍රයක් ඔහුට විරුද්ධව ෆූල්ටන් ජූරි සභාව නිකුත්කර තිබෙනවා. මෙම අධිචෝදනා පත්‍රයත් සමග මෙම වසර තුළදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට අපරාධ චෝදනා එල්ල වූ සිව්වන අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ කෙසේ වුවද ඔහුට එල්ලවන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපතිවරයා නිවේදනය කර තිබෙනවා.

තව කියවන්​න

වියළි කාලගුණය හේතුවෙන් ජලසම්පාදන ක්‍රම 21 කට ජලසැපයුම සඳහා බාධා මතුව ඇති බව ජාතික ජලසම්පාදන සහ ජලපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අනෝජා කලුආරච්චි මහත්මිය පවසනවා. ජනතාව දැනුවත් කරමින් ඇය මෙලෙස අදහස් දක්වා සිටියා.

තව කියවන්​න

බස්නාහිර සංවර්ධන සැලැස්මට ඇතුළත් කරමින් පෑලියගොඩ නගර සංවර්ධන සැලැස්ම සකස්කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග  මහතා නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. අමාත්‍යවරයා  මෙම අදහස් පළ කලේ බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවකට සහභාගී වෙමිනි. දෙසැම්බර් මස 31 වැනි දිනට පළමුව අදාළ සංවර්ධන සැලසුම් ව්යාාපෘති වාර්තාව තමන්ට ලැබෙන්නට සළස්වන ලෙසද ඔහු එහිදි අවධාරණය කළා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පෑලියගොඩ නගරයේ ගංවතුර තර්ජනයට විසඳුම් ලෙස පෑලියගොඩ නගරයේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම්වල මහල් නිවාස සංකීර්ණ ඉදිකළ යුතු බවත්, පෑලියගොඩ මැනිං වෙළඳපොළ ආශ්‍රිතව අවන්හල් කිහිපයක් ඉදි කිරීමටත්, කැලණිය පූජාභූමිය සංවර්ධනයටත් අවධානය යොමුකළ යුතු බවට…

තව කියවන්​න

වැඩකරන මව්වරුන්ගේ දරුවන් සඳහා මව්කිරි දීමේ නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ ලෝක මව්කිරි දීමේ සතිය වෙනුවෙන් කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්.

තව කියවන්​න

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීම සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා . ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ එම කමිටුව පසුගිය පෙබරවාරි 15 වැනි දා සිට බලාත්මක වන බවයි. කමිටුවේ අධ්‍යක්ෂ හා ප්‍රධානියා ලෙස සහකාර පොලිස් අධිකාරි ජයනාත් වනසිංහ මහතා පත්කර තිබෙනවා . ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ 21 වැනි වගන්තිය ප්‍රකාරව එම පනතේ නෛතික ප්‍රතිපාදන ප්‍රයෝගිකව ක්‍රියාවේ යෙදවීම සඳහා වසර 3 ක කාලයක් සඳහා මෙම කමිටුව පත්කර ඇතැයි එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන්.

තව කියවන්​න

2023 වසරේ සිට  මේ දක්වා ඖෂධ වර්ග 73ක් තත්ත්ව පරීක්ෂණවලින් අසමත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය පවසනවා. තත්ත්ව පරීක්‍ෂණවලින් අසමත් වූ ඖෂධවලින් 45ක්‌ ඉන්දියාවේ නිෂ්පාදනය කර ඇති අතර ඖෂධ 17ක්‌ දේශීයව නිෂ්පාදනය කර ඒවා වේ. ඉතිරිය පකිස්‌තානය, ජපානය, බංගලාදේශය වැනි රටවලින් ගෙන්වන ලද ඒවා වේ. Flucloxacillin Cap ඖෂධ කාණ්ඩ 35 ක් මැයි මාසයේදී ඉවත් කර ඇති අතර මෙම ඖෂධය නිෂ්පාදනය කර ඇත්තේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසිනි.

තව කියවන්​න

නියඟය හේතුවෙන් හානි වූ වගාවන් සදහා ගිනි තැබූ පුද්ගලයින් හට වන්දි ලබා නොදෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය දැනුම් දී තිබෙනවා . ඇතැම් පුද්ගලයින් පසුගිය දින කිහිපය තුළ හානි වූ තම වගාවන්ට ගිනි තබා විරෝධය දැක්වූ බවයි අප වාර්තා කරුවන් සදහන් කලේ එම වගාවන්ට සිදුවූ හානිය සම්බන්ධයෙන් තක්සේරු කිරීමට හැකියාවක් නොමැති බැවින් ඔවුන්ට වන්දි ලබාදිය නොහැකි බව එම මණ්ඩලය ප්‍රකාශ කළා කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් මේ පිලිබදව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාවද දැනුවත් කර ඇති බවයි සදහන් කලේ .

තව කියවන්​න

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. වනිඳු සිය තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් මඟින් දන්වා ඇති බව ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. සීමිත පන්දුවාර තරග සඳහා වැඩි අවධානයක් යොමුකිරීමේ අරමුණෙන් තමා එම තීරණය ගත් බව අදාළ ලිපිය මගින් වනිදු හසරංග ක්‍රිකට් ආයතනයට දන්වා තිබෙනවා. වනිඳු හසරංග මේ වන විට ටෙස්ට් තරග 4කට සහභාගී වී කඩුලු 4ක් දවාගෙන ඇති අතර පිතිකරුවෙක් ලෙස ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 196ක්.

තව කියවන්​න

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතයි. මෙම තරගය අද පස්වරු 7.30 ආරම්භ වීමටයි කටයුතු යොදා ඇත්තේ.

තව කියවන්​න

ගජමුතු දෙකක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට දිවුලපිටිය, හොරගස්මුල්ල ප්‍රදේශයේදී ගජමුතු දෙකක් රුපියල් ලක්ෂ 10ට අලෙවි කිරීමට තැත්කල පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී ප්‍රවාහනය සදහා යොදා ගත් ත්‍රීරෝද රතයද වැටලීම සිදු කළ දිවුලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් පුද්ගලයන් අවුරුදු 38 හා 46 යන වයස්වල පසුවන හෝමාගම හා කිතුල්ගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න