- ඩොලරයේ අගය ඉහළට
- විමල්ට එරෙහි නඩුවට දින නියම වෙයි
- රජයට වුන තවත් පාඩුවක් හෙළිවෙයි
- සොබාධනවි ජාතික විදුලිබල පද්ධතියට
- නබිනායක තුමන්ගේ ඉගැන්වීමේ හරයෙන් සමාජයට ආදර්ශයන්-හරිනි අමරසූරිය
- ආණ්ඩුව රාජ්‍ය සේවකයින් අනාථ කරලා – සජිත්ගෙන් චෝදනා – VIDEO –
- එජාපයෙන් හදිසියේම පෙරළිකාර තීරණයක්
- ආසියානු කුසලානයේ පාකිස්ථාන – එක්සත් අරාබි ගැටුම අද
Author: VNews
මාන්කුලම, ඒ 9 මාර්ගයේ පනිච්චන්කුලම ප්‍රදේශයේ දී අද අලුයම වෑන් රථයක් ලොරි රථ දෙකක ගැටීමෙන් සිදු වූ මරක රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ දෙසට ධාවනය වූ මෙම වෑන් රථය එම දිශාවටම නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී පසුව ලොරිය ඉදිරියේ තිබූ තවත් ලොරියක ගැටී අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පිටුපස ලොරියේ රියදුරු රථයෙන් බැස සිට ඇති අතර ඔහු ලොරි රථ දෙකට සිරවී බරපතළ තුවාල ලබා ඇති බවද පොලීසිය සඳහන් කළා. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අවුරුදු 38, 46 හා 58 යන වයස්වල පසුවූ මුල්ලේරියාව නව නගරය, වැල්ලම්පිටිය හා යාපනය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. අනතුර සම්බන්ධයෙන් වෑන්…
සී .බි .එල් සමාගම හා අනුබද්ධිත සමාගමක් වන සමපෝෂ ආයතනයේ සවිබල ගැන්වීම යටතේ පැවැත්වෙන සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල ගැන දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුනා. මෙවර සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල සඳහා පළාත් පහක් ආවරණය වන අතර මීට පෙර පැවති උතුරුමැද, ඌව, වයඹ, නැගෙනහිර යන පළාත් වලට අමතරව මෙවර නව පළාත ලෙස දකුණු පළාත තරගාවලියට එක් වනවා. ඒ අනුව මෙවර සියලු පළාත් ආවරණය කරමින් පාසල් 650 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාව 18000 ක් පමණ තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතව තිබෙන අතර ඉසව් 650 ක් ආවරණය වෙනවා. මෙවර තරගාවලිය ආරම්භ කරමින් වයඹ පළාත් තරග අගෝස්තු…
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සූතිකාගාරය තුළ දී ප්‍රසූත කළ දරුවෙකු බිමට වැටී මියගොස් ඇති බව වාර්තා වනවා. මිහින්තලේ කලංචිය ප්‍රදේශයේ පදිංචි තක්ෂිලා උදයංගනී නමැති කාන්තාව මෙම දරුවා ප්‍රසූත කර තිබෙනවා. කෙසේ වෙතත් කලංචිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත්ව ඇති මෙම මවගේ රෝගී තත්ත්වය උත්සන්න වීමත් සමග ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව සදහන්. එහිදි දරුවා ප්‍රසූත කිරීමත් සමග එම දරුවා බිමට වැටුණු බවයි එම මව ප්‍රකාශ කළේ. මේ අතර අනුරාධපුර රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බවයි.
රට මුහුණ පා තිබෙන ආර්ථික අවපාත තත්වය නුදුරු දිනයකදීම අවසන් කොට ශක්තිමත් ආර්ථිකයක් කරා රට මෙහෙයවා ගැනීමට ජනාධිපතිවරයාගේ ගමන සඳහා අපේ පූර්ණ සහයෝගය ලබාදිය යුතු බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා එලෙස කියා සිටියේ මාතලේ උකුවෙල ගුරලවෙල දකුණ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ජල පහසුකම් ලබාදීමේ වැඩසටහන එක්වෙමින්. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ණය ප්‍රශස්ථිකරණය තුලින් ඊට විසදුම් ලබාදිය හැකි බවත් ඒ සඳහා ගතයුතු උපාය මාර්ගික ආර්ථික වැඩපිළිවෙල සඳහා අප සැම එකතුවිය යුතු කාලය එලඹ ඇති බවයි. මේ කාලයේ පක්ෂ දේශපාලනය තරමක් දුරට නවතා රට ගොඩනැගීමේ අළුත් වැඩපිළිවෙලට එක්විය යුතු බවත්, පළමුව රට යන සංකල්පය…
මැදවච්චිය ප්‍රදේශයේ හිටපු රාජ්‍ය සේවිකාවක් තම නිවසේ මහා පරිමාණ ලෙස සූදු පොලක් පවත්වාගෙන යමින් සිටියදී සැකකරුවන් නව දෙනෙකු මැදවච්චිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් සතුව තිබී රුපියල් එක් ලක්ෂ හතලිස් තුන්දහසක් සමග කාර් රථයක්ල ත්‍රී රෝද රථයක් හා යතුරු පැදි හතරක් අත් අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කළා. මැදවච්චි පොලිස් ස්ථානාධිපතිට ආර්ගඑම්ගඅයිගබී රත්නායක මහතාට ලැබුණු තොරතුරකට අනුව දෝනි නැමති අනුවර්තන නාමයෙන් හදුන්වන ප්‍රධාන සැකකරු අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ ඇතාකඩල මිහින්තලේල කරපික්කඩල ගල්වලපාර මැදවච්චියල වහමලුගොල්ලෑවල කිරිගල්ලෑව සහ ලිඳවැව යන ලිපිනයන්වල පදිංචි කරුවන් බව පොලිසි විමර්ෂණ වලදී සොයාගෙන තිබෙනවා. එමෙන්ම මෙම කාන්තාව තම නිවසට යාබද…
වැඩිම ඉන්දීය සිසුන් සංඛ්‍යාවක් සිටින රට ජර්මනිය බව ඉන්දියාවේ ජර්මානු තානාපති පිලිප් ඇකර්මාන් පවසනවා. එලෙස ජර්මනියේ සිටින සමස්ත සිසුන් සංඛ්‍යාව 42,000 කට අධික බවයි ඔහු සඳහන් කළේ. වසරක කාලයක් ඇතුළත එම සංඛ්‍යාව සියයට 25 ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇතැයි ද තානාපතිවරයා සඳහන් කළා. එය අපේක්ෂා කළ ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. ජර්මනිය තුළ ඉන්දියානු සිසුන් ජනප්‍රිය බව ද ඉන්දියාවේ ජර්මානු තානාපති පිලිප් ඇකර්මාන් සඳහන් කර තිබෙනවා. ඉන්දියානු සිසුන්ගේ යහපත් කල්ක්‍රියාව හේතුවෙන් ජර්මනියේ විශ්ව විද්‍යාල ඔවුන්ව බඳවා ගැනීමට උනන්දුවක් දක්වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් අත්‍යාවශ්‍ය හා සනීපාරක්ෂක කටයුතු සඳහා පමණක් ජලය භාවිත කරන මෙන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙනවා . විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පෙන්වා දී ඇත්තේ පවතින තත්ත්වය තුළ පාරිභෝගිකයින්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමේ දී උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේ දී අඩු පීඩන තත්ත්වයක් ඇති විය හැකි බවය. කෙසේ වෙතත් වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාවට මුහුණදීමට සිදුව තිබෙන දුෂ්කරතා පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කනගාටුව ප්‍රකාශ කරන බවත් මේ මොහොතේ ජලය හැකිතාක් අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් එම මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටීනවා. මේ අතර වාහන සේදීම, ගෙවතු වගාව ඇතුළු අත්‍යවශ්‍ය නොවන…
යාපනය,කල්වියන්කාඩු,ජිපිඑස් ක්‍රීඩාංගනය අසළ 13 වැනිදා රාත්‍රියේ පුද්ගලයෙකුට පහරදී ඝාතනය කොට තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනෙකු සැකපිට ඊයේ(14) අත්අඩංගුවට ගත් බව කෝපායි පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ යාපනය දිසා අපරාධ පරීක්ෂණ ඒකකය විසින් සිදුකළ මෙහෙයුමකදී පිරිමි පුද්ගලයින් හතර දෙනෙකු හා කාන්තාවන් දෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි. යාපනය, කෝපායි ප්‍රදේශයේ පදිංචි කනපතිපිල්ලෙයි මහේන්ද්‍රන් නමැති 52 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව තිබුුුණා. මියගිය පුද්ගලයා, ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ හිතවතෙකු වන අතර, මියගිය පුද්ගලයා විසින් අත්අඩංගුවට ගත් අයෙකුගේ පවුලේ 09 හැවිරිදි දරුවෙකු අපයෝජනය කොට ඇති බවට වන ආරංචියක් පවතින බව ප්‍රදේශවාසීන් පැවසුුුවා. මියගිය පුද්ගලයා 09 හැවිරිදි ගැහුණු දරුවා අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙපාර්ශවය…
මධ්‍යම පේෂ කර්ම කර්මාන්තයේ නියැලෙන්නන් 365 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි බෙදා දීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාරවර කාර්යාලීය ශ්‍රවණාගාරයදී (10) සිදුවුුුණා. නාවල සිංහ සමාජයේ ව්‍යාපෘතියක් ලෙස නාවල සිංහ සමාජයේ ලයන් මහේෂි හේවගේ සහ ආනන්ද ඒකනායක දෙපළගේ පරිත්‍යාගයෙන් මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේ මහේන් රත්වත්තේ මහතාගේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාවට නැංවූ මෙම වැඩසටහනේදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ මෙම වැඩසටහන ජාතික කර්තව්‍යයක් සේ සළකනවා. විදේශ රටවල් සිය දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමෙහි ලා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු දැකිය හැකි බවත්, පේෂ කර්මාන්තය උපක්‍රමික ලෙස සංවර්ධන කරන්නේනම් එය දේශීය ආර්ථිකයට විශාල ශක්තියක් වන බවත්, පේෂ…
දිවයිනට බලපා ඇති වියලි කාළගුණයෙන් තවදුරටත් දිස්ත්‍රික්ක 13 කට බලපෑම් එල්ල වී තිබෙනවා. එමගින් පවුල් පනස් එක් දහසකට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. උඩවළව ජලාශයේ සිට ගොවිබිම් වෙත ජලය නිකුත් කිරීමට ජලය රැස්කර තිබූ කිරිඉබ්බන් වැවේ දොරටු විවෘත කිරීමත් සමඟ වම් ඉවුරු ඇළ ඔස්සේ පැමිණි ජලය නැවැත්වීමට ගොවීන් පිරිසක් ඊයේ කටයුතු කිරීමත් සමඟ ගැටලුකාරී තත්ත්වයක් ද උද්ගත වුණා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222