Author: VNews

පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ ජලභීතිකා රෝගය පැතිරයාමේ අවදානමක් පිළිබදව පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. එම සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා පැවසුවේ සුරතල් සතුන් හා කෘෂිකර්මාන්තයේ යෙදෙන සතුන්ට ඇතිවන සංකූලතා පිළිබද ජනතාව අවදානයෙන් සිටිය යුතු බවයි. එමෙන්ම කිකිළියන් සහ ගවයන් අධික උෂ්ණත්වයට නිරාවරණය වුවහොත් දෛනික බිත්තර සහ කිරි නිෂ්පාදනය ද පහත වැටිය හැකි බව වෛද්‍ය සිසිර පියසිරි මහතා පෙන්වා දෙනවා. මේ අනුව සුරතල් සතුන්ට සහ ගොවිපළවල්වල සිටින සතුන්ට නිරන්තරයෙන් ජලය සැපයිය යුතු බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.

තව කියවන්​න

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වීම පිළිබද කනස්සල්ල පළ කරන බව පැෆ්රල් සංවිධානය පවසනවා. එම පියවර මැතිවරණය කල්දැමීමට හේතු විය හැකි බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ. ශ්‍රී ලංකාව තුළ මීට පෙර ද මැතිවරණ ක්‍රම සංශෝධනවලට එළඹීම හමුවේ මැතිවරණ ක්‍රියාවලිය අඩපන වූ බවත් ඒ තුළින් ප්‍රමාදයන් සිදු වූ බවත් ඒ මහතා මාධ්‍ය හමුවක් අමතමින් වැඩිදුරටත් කියා සිටියා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තෝරාගැනීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් කෙටුම්පත් කිරීමේ යෝජනාවක් සදහා ඊයේ කැබිනට් අනුමැතිය හිමිව තිබුණා. මේ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 න් 160 ක් මැතිවරණ ක්‍රමයට පත්කර ඉතිරි 65 දෙනා…

තව කියවන්​න

කුකු`ඵ මස් කිලෝවක සිල්ලර මිල රුපියල් 30 කින් පහත දමා ඇතැයි නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය පවසනවා. මේ අනුව එම මිල අඩුකිරීමෙන් අනතුරුව කුකු`ඵ මස් කිලෝවක මිල රුපියල් 1180 ක් වන අතර කරි මස් කිලෝවක මිල රුපියල් 1100 ක් වන බවයි එම මධ්‍යස්ථානයේ උසස් නිලධාරියෙකු සදහන් කළේ. එමෙන්ම හරක් මස් කිලෝවක මිල රුපියල් 2400 ක් ලෙසත්, එ`ඵ මස් කිලෝවක මිල රුපියල් 3300 ක් ලෙසත් මිල සටහන් වුණා.

තව කියවන්​න

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ද පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස් වී තිබෙනවා. එමෙන්ම අද පෙරවරුවේ කෝප් කමිටුවේ සාමාජිකයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාව නම් කළ නමුත් අද පාර්ලිමේන්තුවේදී තමා එම ධුරයෙන් ඉල්ලා අස්වන බවයි වසන්ත යාපා බණ්ඩාර මහතා සදහන් කළේ. මේ අනුව මේ වන විට කෝප් කමිටුවේ සාමාජිකයින් 8 දෙනෙකු පමණ සිය සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බවට දැනුම් දී තිබෙනවා.

තව කියවන්​න

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළ ගොස් තිබේ. වෙළෙඳපොළ ආරංචිමාර්ග සඳහන් කර ඇත්තේ රුසියාව සිය බොර තෙල් සැපයුම ඉහළ නැංවීමට තීරණය කිරීම, ජෙට් ඉන්ධන සඳහා ඇති ඉල්ලුම අඩුවීම සහ අමෙරිකානු පොලි අනුපාත ගැන එරට මහ බැංකු තීරණයට දින කිහිපයකට පෙර වෙළෙඳපොළ කටයුතු මන්දගාමී වීම හේතුවෙන් එසේ බොර තෙල් මිල අඩුවී ඇති බවයි. ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 86.74 දක්වාද වෙස්ට් ටෙක්සාස් (WTI) බොර තෙල් බැරලයක මිල ඩොලර් 82.03ක් ලෙස දැක්වුණි. නමුත් මීට පෙර බොර තෙල් මිල මාස 4කින් වැඩිම මිල වාර්තා කළේය. ඊට හේතු වූයේ සෞදි අරාබිය සහ ඉරාකය බොර තෙල් සැපයුම අඩු කිරීම, චීනයේ සහ අමෙරිකාවේ…

තව කියවන්​න

ඉහල ගොස් ඇති ජිවන වියදම හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 2000 දක්වා වැඩි කරන ලෙස බල කරමින් සමස්ත ලංකා වතු කම්කරු සංගමය (19) දින හැටන් බස් නැවතුම්පොලේ අත් පත්රිසක බෙදා දිමක් සිදු කරනු ලැබුහ. සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ උප ලේකම් කලෙයි චෙල්වි මෙනවියගේ ප්ර්ධානත්වයෙන් අත් පත්රිේක බෙදා දිමේ වැඩසටහන දියත් කරනු ලැබුහ. අයවැයෙන් රාජ්යා සේවකයන්ගේ වැටුප් වැඩි කලද වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිමට අයවැය තුලින් කිසිදු ක්රි යාමාර්ගයක් නොගැනිම හමුවේ එම ජනතාව මේ වන විට දැඩි පිඩාවට පත් වි ඇති බවත්, ඒ අනුව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 2000 දක්වා වැඩි කිරිමට රජය පියවර ගත යුතු බවයි සමස්ත…

තව කියවන්​න

අමෙරිකානු ඩොලරයක ගැණුම් අනුපාතය රු. 299.29 දක්වා පහළ වැටී තිබෙනවා. එමෙන්ම විකුණුම් මිල රු. 308.90ක් වී ඇති බවයි සඳහන් වන්නේ. අමෙරිකානු ඩොලරයක ගැණුම් අනුපාතිකය 2023 ජූලි 05න් පසු 300 මට්ටමට වඩා පහත වැටුණු පළමු අවස්ථාව මෙයයි.

තව කියවන්​න

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මේ අනුව ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට යොමුකර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්ක්‍රමරත්න මහතා ද ඊයේ දිනයේදී කෝප් කමිටුවෙන් ඉවත් වීමට පියවර ගත්තා.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම් මෙම වසරේ මුල් මාස දෙකාමාර තුළ පමණක් 500,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. වසංගතයෙන් පසු මාස දෙකහමාරක් තුළ මිලියන භාගය ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි. පසුගිය වසරේ ශ්‍රී ලංකාව එම කඩඉම පසු කළේ මැයි මස දෙවැනි සතියේදීයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත පෙන්නුම් කළේ මාර්තු මාසයේ පළමු දින 14 සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අමුත්තන් 91,205 ක් පිළිගෙන ඇති බවයි. මෙය ජනවාරි 01 සිට මාර්තු 14 දක්වා සම්පූර්ණ සංචාරක පැමිණීම් 517,808 දක්වා ගෙන එනවා. මාර්තු මාසය සඳහා දෛනික පැමිණීමේ සාමාන්‍යය 6,500 දක්වා ඉහළ ගොස් ඇති…

තව කියවන්​න

ඔස්ටේ්‍රලියාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය නැවත කල් දමා තිබෙනවා. තරග 3 කින් සමන්විත අදාළ 20 යි 20 ක්‍රිකට් තරගාවලිය මෙලෙස කල්දැමීමට හේතු වී ඇත්තේ තලෙයිබාන් පාලනය යටතේ එරට කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ මානව හිමිකම් පිරිහීම හේතු කරගෙන බවයි ක්‍රීඩා වාර්තා සදහන් කළේ. මේ අනුව 3 වන වරටත් කල්දමා ඇති මෙම තරගාවලිය මීට පෙර 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී සහ එම වසරේම නොවැම්බර් මාසයේදී පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

තව කියවන්​න