Author: VNews

රෝහින්යා සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරළී යාමෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්ත වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී මෙම බෝට්ටුව අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ. කෙසේ වෙතත් අවට සිටි ධීවරයින් පිරිසක් අනතුරට පත් පුද්ගලයින් 6 දෙනෙකු ද බේරාගැනීමට සමත්ව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී බෝට්ටුව තුළ සරණාගතයින් 150 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති බව සදහන්. කෙසේ වෙතත් මියගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවයි විදෙස් වාර්තා සදහන් කළේ. එමෙන්ම පසුගිය 15 වන දා ද ලිබියාවෙන් පලාඑමින් සිටි සරණාගතයින් 60 දෙනෙකු බෝට්ටුවක් පෙරළී යාමෙන් මධ්‍යධරණී මුහුදේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තව කියවන්​න

සුපිරි දඟපන්දු යවන ක්‍රිඩක වනිදු හසරංග යළි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට එක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වනිඳු සංචිතයට කැදවීම, ඔහුට එළඹෙන ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය අහිමි වීම වෙනුවෙන් සිදුකළ උපක්‍රමයක් නොවන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ. පසුගිය මාර්තු 16 වනදා වනිඳු විද්්‍යුත් තැපෑල ඔස්සේ යළි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට එක්වීමට කැමැත්ත පළකර තිබූ බව ද ක්‍රිකට් ආයතනය සදහන් කළා.

තව කියවන්​න

බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියට මුහුණදීමට ශ්‍රී ලංකා කණ්ඩායම හොද සූදානමක පසුවන බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පවසනවා. හෙට ආරම්භ වීමට නියමිත තරගය පිළිබද අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ධනංජය ද සිල්වා මේ බව ප්‍රකාශ කළා. හෙට තරගය පැවැත්වෙන ක්‍රිඩාංගනය වේග පන්දු යවන්නන්ට වඩාත් උචිත වනු ඇති බවයි ධනංජය ද සිල්වා සදහන් කළේ. බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා. ඔහු පැවසුවේ පළපුරුදු ක්‍රිඩකයින් රැසක් ශ්‍රී ලංකාව සතුව සිටින බැවින් ටෙස්ට් තරගාවලිය බංග්ලාදේශ කණ්ඩායමට වඩාත් අභියෝගාත්මක වනු ඇති බවයි.

තව කියවන්​න

හයිටි රාජ්‍යයේ පොර්ට් ඕ ප්‍රින්ස් අගනුවර තවමත් ප්‍රචණ්ඩකාරි සිදුවීම් වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා. අවිගත් සන්නද්ධ කණ්ඩායම් තවදුරටත් එම අගනුවර වීදිවල සැරිසරමින් සිටින අතර ඔවුනගේ ප්‍රහාරවලට ලක්ව මියගිය අයගේ සිරුරු වීදි පුරා දක්නට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ. එමෙන්ම අගනුවර ඇතු`ඵ තදාසාන්න ප්‍රදේශවල මංකොල්ලා කෑම් රැසක් ද වාර්තා වන බව සදහන්. මේ අනුව හයිටි රාජ්‍යයේ මහ බැංකුව ද කොල්ලකෑමට ලක්ව ඇති අතර එම සිද්ධියේදී පුද්ගලියන් තිදෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර හයිටි රාජ්‍යයේ ක්‍රියාත්මක සහන සේවා ආයතනවලට අයත් සහනාධාර කොල්ලකෑමට ද අයුධ සන්නද්ධ කණ්ඩායම් කටයුතු කර තිබෙනවා. මෙම තත්ත්වයත් සමග හයිටි වැසියන්ට දරුණු…

තව කියවන්​න

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුතු නව සන්ධානය අද එළිදැක්වුවා. මානූෂීය ජනතා සන්ධානය ලෙස නම් කර ඇති එම සන්ධානය කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදියි එළිදක්වනු ලැබුවේ. සිවිල් සංවිධාන 40 කට ආසන්න සංඛ්‍යාවක් මෙම නව සන්ධානයට සහයෝගය ලබාදෙනු ඇති බව සදහන්. මේ එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා.

තව කියවන්​න

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තවදුරටත් පැවතිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ සිදු වූ දුම්රිය පීලිපැනීමක් හේතුවෙන්  අද උදෑසන සිට දුම්රියන් රැසක ප්‍රමාදවීම් සිදුව තිබුණා. එමෙන්ම ධාවනයට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 18 ක් අවලංගු කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තේ. මේ වන විටත් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් එක් මාර්ගයක් පමණක් භාවිත කරමින් ක්‍රියාත්මක වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ. මේ අනුව තවදුරටත් දුම්රිය ප්‍රමාදයක් සිදු විය හැකි බව සදහන්.

තව කියවන්​න

ජන අරගල ව්‍යාපාරය, අද කොළඹදී පැවැත්වූ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. භාණ්ඩ මිල ඉහළ යාම, විදෙස් ගිවිසුම් ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් පැවැත් වූ මෙම විරෝධතාව කොටුව දුම්රිය ස්ථානය අසළින් ආරම්භ වුණා. පසුව විරෝධතාකරුවන් පිටකොටුව දෙසට ගමන් කිරීමත් සමග පොලිසිය පිරිස විසුරුවාහැරීම සඳහා මෙලෙස ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

තව කියවන්​න

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා ආසාදිත කුඩා දරුවන්ට විකිරණ ප්‍රතිකාර කටයුතු සිදුකරන යන්ත්‍රය පෙබරවාරි 29 වනදා සිට අක්‍රීය වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා. පසුගිය 29 වන දා අක්‍රීය වී ඇති මෙම යන්ත්‍රය මේ දක්වා යථා තත්ත්වයට පත්කර නොමැති බවයි එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ. මේ හේතුවෙන් දිනකට කුඩා දරුවන් 10 ත් 15 අතර පිරිසකට ප්‍රතිකාර ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.

තව කියවන්​න

අඛණ්ඩව හත්වැනි වරටත් ලොව සතුටින්ම සිටිය හැකි රට ලෙස කිරුළ දිනා ගැනීමට ෆින්ලන්තය මෙම වසරේදී ද සමත් වුණා. ෆින්ලන්තය මෙම කිරුළ හිමිකර ගත්තේ 2024 සඳහා ලෝකයේ සතුටින්ම ජීවත් වන සහ ජීවත් වීමට සුදුසුම රටවල් තේරීමේ දර්ශකයේ මුල් තැනට පත් වෙමින්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙන් රටවල් 143 ක් සම්බන්ධ කර ගනිමින් ජනමත සමීක්ෂණ මගින් සතුටින්ම සිටින රටවල ලැයිස්තුව සකස් කරනු ලබනවා.

තව කියවන්​න

දිවයිනේ පවතින කාලගුණ තත්ත්වයේ වෙනසක් හෙට දිනය වන විට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා පැවසුවේ හෙට සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි. කෙසේ වෙතත් එළඹෙන අප්‍රේල් මාසයේ සිට නැවතත් උෂ්ණාධික කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද ඔහු සදහන් කළා.

තව කියවන්​න