- නේපාලයේ කඳු ශිඛර 97කට නොමිලේ නගින්න අවස්ථාව
- BREAKING NEWS : හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් අභාවප්‍රාප්ත වෙයි
- ගුවන් තොටුපොළ ආරක්ෂකයාගේ නිවසෙන් ගිනි අවි සහ උණ්ඩ මතුවෙයි
- සෙවණගල සීනි කම්හලේ යන්ත්‍ර දෙකෙන් එකක් අක්‍රීය වී මාස 4යි
- අද දවසේ කාලගුණ තත්ත්වය
- ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට
- කරමැටියේ කදුළු කතාවක්
- ඉන්දියාවේ 79වන නිදහස් දිනය සමරයි
Author: VNews
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබි තිබෙනවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2), 62(2) සහ 83(ආ) යන ව්‍යවස්ථාවන්හි ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ පාර්ලිමේන්තුවේ පවත්නා කාලය සම්බන්ධයෙන් අනුකූලතාවක් පවතින බව නිරීක්ෂණය වීම හේතුවෙන් කොටගෙනයි.
අද දහවල් 12ට පෙර සේවයට වාර්තා කරන ලෙස සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ නියාමකවරුන් වෙත දැනුම් දී තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සේවයට වාර්තා කිරීමට අපොහොසත් වීම සේවයෙන් ඉවත් වූවක් ලෙස සලකන බවයි.
රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් අද (09) දිනයේදීත් ඔවුන්ගේ වර්ජනය ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ග්‍රාම නිලධාරී, මිනින්දෝරු, සංවර්ධන නිලධාරීන් සහ තැපැල් ඇතුළු රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් මෙම ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි වාර්තා වන්නේ.
නව වෛද්‍යවරුන් 1300 දෙනෙකුට ඉදිරි සති දෙක තුළ නව පත්වීම් ලිපි ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල පවසනවා.
ලංකා විදුලි බල මණ්ඩලය විසින් යෝජනා කර තිබෙන විදුලි ගාස්තු සම්බන්ධයෙන් වන මහජන වාචික අදහස් විමසීම අද (09) සිදු කිරීමට නියමිතයි. මහජන උපයෝගිතා කොමිෂන් සභාව කියා සිටියේ දැනට යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා විවිධ පාරිභෝගික කණ්ඩායම් නියෝජනය කරමින් පුද්ගලයන් 50 දෙනෙක් ලියාපදිංචි වී ඇති බවයි.
දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වාදීමට නියමිත බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගානාත් රූබසිංහ පවසනවා. ඔහු කියා සිටියේ මෙම වසර අවසාන වීමට පෙර එය ක්‍රියාත්මක කරන බවයි.
එක්සත් රාජධානියේ ඇති මෙරටට අයත් පෞරාණික පුරාවස්තුවක් වන තාරා දෙව්දුවගේ පිළිමය නැවත මෙරටට ලබා ගැනීම සඳහා කටයුතු කෙරෙමින් පවතින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජාතික පුරාවිද්‍යා දිනය නිමිත්තෙන් පැවති පුරාවිද්‍යා සමුළුවේ සමාරම්භක උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
නීති විරෝධි ලෙස රත්‍රං මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත්කර තිබෙනවා. ඒ කල්පිටිය ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයට අයත් ගොඩනැගිල්ලකට අනවසරෙන් ඇතුලුවීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවට පෙනි නොසිටීම හේතුවෙන්.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා දුම්රියක් පිලී පැන තිබෙනවා. ඒ, පානදුර දුම්රිය ස්ථානයෙන් අද පෙරවරු 09.35ට මරදාන බලා ධාවනය වූ දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ඇතුළු කිරීමේදීයි.
එළඹෙන ජනාධිපතිවරණයට අදාළව විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසනවා. එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා වී නිව්ස් වෙත පැවසුවේ රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ තැපැල්පතිවරයා අද මැතිවරණ කොමිසම හමුවට කැදවා ඇති බවයි. මෙහිදී ජනාධිපතිවරණයට අදාළ මුලික කරුණු පිළිබද සාකච්ඡා කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ. එමෙන්ම ඉදිරි දින කිහිපය තුළදී පොලිස්පතිවරයා ද මැතිවරණ කොමිසම හමුවට පැමිණිමට නියමිතව තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222