Author: VNews

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මුං ඇට කිලෝවක් රුපියල් 47කින් සහ ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 10කින් අඩු කිරීමටයි පියවර ගෙන ඇත්තේ. එමෙන්ම දුඹුරු සීනි කිලෝවක් රුපියල් 10කින් සහ සුදු සීනි කිලෝවක් රුපියල් 06කින් අඩු කර තිබෙනවා. ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම මිල අඩු කිරීමට සිදුකරන බවයි ලංකා සතොස ආයතනයේ සභාපති පසද යාපා අබේවර්ධන මහතා සදහන් කලේ.

තව කියවන්​න

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් නැවත පිබිදීම ඉවසා ගැනීමට නොහැකියි අතීතයේ එක්සත් ජාතික පක්ෂයේම සිටි පිරිසක් මේ  වන විට පක්ෂ කාර්යාල වලට  හානි කරමින් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු කරගෙන යන බවට තමන් විශ්වාස කරන්නේ යැයි  තරුණ කටයුතු ක්‍රිඩා හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා 10 දින පැවසීය.  පසුගිය දා දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂ කාර්යාලයක් විවෘත කිරීමට සූදානම් කර තිබියදී එම කාර්යාලයේ කටව්ට්  බැනර්  කඩා දමා  කපා විනාශ කර දමා තිබිණි, හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ කාර්යාලය විවෘත කිරීමට තිබුණු අතර  එම සිදුවීම නිරීක්‍ෂණය සඳහා අමාත්‍යවරයා දඹුල්ලට  පැමිණියේය.  මෙහිදී  පාක්ෂිකයන් සමඟ සුහදශීලීව සාකච්ඡා කරමින් ගැටුම් ඇතිකර ගැනීමකින් තොරව පක්ෂයේ…

තව කියවන්​න

දුම්රිය ස්ථානවල ආරක්ෂාව සදහා යුද හමුදා සාමාජිකයින් යෙදවීමට පියවර ගෙන තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය විසින් යුධ හමුදාපතිවරයාගෙන් සිදුකළ ඉල්ලීමකට අනුවයි දුම්රිය ස්ථානවල ආරක්ෂාවට හමුදාව යොදවා ඇත්තේ. ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුවන්ගේ හා පාලකවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණා. මෙම වැඩ වර්ජනය හමුවේ දුම්රිය ස්ථානවලට ආරක්ෂාව සපයන පොලිසියේ සහය සදහා මෙලෙස යුද හමුදාව යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

තව කියවන්​න

මීට වසර දෙකකට පෙර තම නිවස ගිනිතබා විනාශ කළ අවස්ථාවේ නිවසක වටිනාකම තමාට තදින් දැණුන බවත්, එම වටිනාකම හඳුනා ගනිමින් කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල පූර්ණ අයිතිය හිමිකර දීමේ ‍වැඩසටහන ක්‍රියාවට නැංවූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ “රන්දොර උරුමය” වැඩසටහනේ පළමු අදියර යටතේ නිවාස 50,000ක අයිතිය ප්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාවට ඊයේ (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමිනි. කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණ 31ක පිහිටි නිවාස 130ක හිමිකාරීත්වය ප්‍රදානය කිරීම…

තව කියවන්​න

වර්ජනයේ නිරත ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවසන් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව අද (10) දහවල් 12.00ට පෙර අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට ඔවුන් සියලුදෙනා වාර්තා කළ යුතු බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

තව කියවන්​න

කුලී නිවාස පනත පරිච්ඡින්න කරමින් නව නීතියක් හඳුන්වා දීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව, 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත පරිච්ඡින්න කිරීමටත් ඉන් අනතුරුව නව නීතියක් හඳුන්වා දීමට නියමිතයි.

තව කියවන්​න

වාහන ආනයන තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය 2024 අගෝස්තු දෙවන සතියේදී ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. රටට ගැටලුවක් ඇති නොවන ආකාරයට සුවිශේෂි වැඩපිළිවලක් යටතේ වාහන ආනයනය අරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා එහිදී ප්‍රකාශකර සිටියේ.

තව කියවන්​න

වාහන ආනයන තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය 2024 අගෝස්තු දෙවන සතියේදී ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. රටට ගැටලුවක් ඇති නොවන ආකාරයට සුවිශේෂි වැඩපිළිවලක් යටතේ වාහන ආනයනය අරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා එහිදී ප්‍රකාශකර සිටියේ.

තව කියවන්​න

ඉකුත් ජුලි 8 සහ 9 යන දෙදින තුළ සේවයට වාර්තා කළ විධායක නොවන රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට සහ ඉදිරි උසස්වීම් සඳහා ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ඊයේ (09) හිමි වුණා. ඒ අනුව එම දින දෙක තුළ සේවයට වාර්තා කළ 3 වැනි ශ්‍රේණියේ ගුරුවරයෙකුට රුපියල් 525ක වැටුප් වර්ධකයකුත්, 2 වැනි ශ්‍රේණියේ පළමු පංතියේ ගුරුවරයෙකුට රුපියල් 1335ක වැටුප් වර්ධකයකුත් හා පළමුවැනි ශ්‍රේණියේ ගුරුවරයෙකුට රුපියල් 1630ක වැටුප් වර්ධකයකුත් වශයෙන් ලබා දීම කෙරෙහි කැබිනට් අනුමැතිය හිමි වූ බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ.

තව කියවන්​න

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ධාන්‍ය මිල සීඝ්‍ර ලෙස පහත බැස ඇති බව තොග ව්‍යාපාරිකයෝ පවසනවා. පසුගිය සමයේ රුපියල් 1,000 සිට 1,500 වැනි මිල ගනන් වලට අලවි වූ ධාන්‍ය වර්ග රැසක මිල මේ වන විට පහත බැස තිබෙනවා.

තව කියවන්​න