Author: VNews

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක නිලධාරින් සහ ඒ අයගේ නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 1100 ක් පමණ වන වැය වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද (06) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

තව කියවන්​න

අඟහරුවාදා සමඟ සසදන විට අද  වානිජ බැංකු වල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද  දිනයේ ඩොලරයේ ගැණුම් මිල සඳහන් වූයේ රුපියල් 288.75ක් ලෙසයි.

තව කියවන්​න

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. රජයේ එම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ගේ සහාය අත්‍යවශ්‍ය බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, රාජ්‍ය නිලධාරින් සතු අත්දැකීම් ඊට මනා පිටිවහලක් වන බව ද පැවසීය. රජයේ පරමාර්ථය සහ රාජ්‍ය සේවය ක්‍රියාත්මක වන ආකාරය අතර යම් පරතරයක් තිබෙන බවත්, රට සංවර්ධනය කරා ගෙන යන රජයේ වැඩපිළිවෙල සාක්ෂාත් කර ගැනීමට නම්…

තව කියවන්​න

ගංවතුර නිසා ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර එල් ප්‍රැට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ජලයෙන් යටව ඇතයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ නිසා ගුවන් ගමන් 70ක් අවලංගු කිරීමටත්, තවත් ගුවන් යානා 50ක් එරට වෙනත් නගරවල ගුවන්තොටුපොළට ගොඩබැස්වීමටත් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

තව කියවන්​න

රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනාකමක් ඇති අයිස් ක්‍රිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 15 ක් සමග සැකකරුවන් තුන්දෙනෙකු ගම්පහ , මීගහවත්ත, උඩුපිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, 38 හැවිරිදි කාන්තාවක් සහ 26 හැවිරිදි තරුණයෙකු එහිදී අත්අඩංගුවට ගත් බවයි. ජාවාරමට ආධාර අනුබල දුන් 58 හැවිරිදි කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ, උස්වැටකෙයියාව සහ කඩුවෙළ ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි. සැකරුවන් සතුව තිබූ මෝටර් රථයක් සහ ජංගම දුරකතන 04 ක්ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන  තිබේ.

තව කියවන්​න

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි තොග සහ සිල්ලර  වෙළඳ සැලක අලෙවි කිරීම සඳහා තිබූ කහකුඩු කිලෝ 334 ක් තක්කාලි සෝස් ලීටර් 252ක් මිනිස් පරිභෝජනයට නුසුදුසු බැවින්  දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලැබුණු නියෝගයක් මත  05  දින පස්වරුවේ  විනාස කිරීමට පියවර ගත් බව දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය අංශය පවසයි.    කහ  කුඩු වලට විවිධ වර්ණක සහ තිරිඟු පිටි කලවම්  කොට තිබෙන බවත් තක්කාලි සෝස් වලට වර්ණක සහ කෘතිම ද්‍රව්‍ය  එකතු කිරීම ඇති බවට රස පරීක්ෂක වාර්තාවක් මගින් සනාථ කරගෙන මෙම වෙළඳසැල් හිමියාට සහ නිෂ්පාදකයාට එරෙහිව නඩු පැවරීමෙන් අනතුරුව මේවා මිනිස් පරිභෝජනයට නුසුදුසු ඒවා බවට ප්‍රකාශ කරමින් විනාශ කිරීමේ  නියෝගයක් ලැබුණු බව දඹුල්ල මහ…

තව කියවන්​න

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රීකුණාමලය කුච්චවේලි ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේදී 2024 නොවැම්බර් මස 05 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති වීරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් සිව් දෙනෙකු (04) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.  ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ආශ්‍රිතව සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2024 නොවැම්බර් මස 05 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනය මඟින්, ත්‍රීකුණාමලය කුච්චවේලි ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල ධීවරයින් සිව් දෙනෙකු (04) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) මෙලෙස  නාවික හමුදා…

තව කියවන්​න

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමෙන් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කර ඇති බව අමෙරිකාවේ ෆොක්ස් පුවත් සේවය වාර්තා කළා. ඡන්ද විද්‍යාල නියෝජිතයින් 538 න් 277ක බලය ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට හිමි වූ බවයි එම පුවත් සේවය සදහන් කළේ. ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වූ ඩිමොක්‍රොටික් පක්ෂ අපේක්ෂක කමලා හැරිස් දිනාගෙන ඇත්තේ ඡන්ද විද්‍යාල නියෝජිතයින් 226 ක්

තව කියවන්​න

අඩු ආදායම්ලාභීන් සදහා නිවාස ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක , අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේ මේ යටතේ නිවාස 1996ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි. චීන ආධාර යටතේ ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතිය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

තව කියවන්​න

ලොව පුරා එළඹී තිබෙන ශීත ඍතුව වෙනුවෙන් , රුසියාවේ සිට අසූර් ගුවන් සේවයේ ( Azur Air ) පළමු මංගල ගුවන් යානය (Inogaral Flight ) එරට සංචාරකයන් පිරිසක් රැගෙන  11/06 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . අසූර් එයාර් ගුවන් සේවයේ ඉසෙඩ්.එෆ්.- 1611 දරන මෙම ගුවන් යානය 11/06 දින උදෑසන 10.05 ට රුසියාවේ වෙනිකොව් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . මෙම ගුවන් යානය පිළිගැනීම සදහා ජල ආචාර ( Water Salute ) පැවැත්වීමට කටුනායක ගුවන් බලධාරීන් පියවර ගෙන  තිබුණි . මෙම පළමු මංගල ගුවන් ගමන සදහා අසූර් එයාර් ගුවන් සේවය විසින් බෝයිං – 767 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ…

තව කියවන්​න