- තර්ස්ටන් විද්‍යාලයට කඩුළු 10ක ජයක්
- ගණේමුල්ල සංජීව ඝාතනයේ තවත් සැකකරුවන් තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
- ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු නාවික හමුදාව භාරයට
- මිද්දෙණියේ ඝාතනයට තවත් සැකකරුවෙක් අල්ලයි
- සිංහල අවුරුද්දෙන් පසු දළදා ප්‍රදර්ශනයක්
- ප්‍රංශයේ පිහි ඇනුමක්
- භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක්
- පළාත් කිහිපයකට හෙටත් උණුසුම වැඩිවෙයි
Author: Kesara Athipola
තේ කර්මාන්තයේ දී මිල අධිකම තේ වර්ගයක් වන Silver tips තේ වගාව දකුණු පළාත තුළ ගෘහ කර්මාන්තයක් ලෙස ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළ පසුගියදා (19) කටුවන දී ආරම්භ කෙරිණි . ඒ අනුව වලස්මුල හා ඔකේවෙල යන ප්‍රදේශවල කාන්තාවන් තෝරාගෙන ඔවුන්ට මෙම තේ පැළ හා වගාව සඳහා අවශ්‍ය උපකරණ ලබා දීමට කුඩා තේවතු සංවර්ධන අධිකාරිය කටයුතු කළේය. දැනට තේ වෙළඳ පළෙහි මිල අධික තේ විශේෂයක් ලෙස සැලකෙන Silver tips තේ නිෂ්පාදනය කිරිම සඳහා යොදා ගැනෙන 20/43 නැමැති තේ ප්‍රභේදය දකුණු පළාතේ වගාව ආරම්භ කළ එක් ප්‍රදේශයක පවුල් 300ක ගෘහණියන් තෝරාගෙන ඔවුන් අතර තේ පැළ බෙදා දීම මෙහිදී සිදුවිය. මෙම වැඩසටහන යටතේ එක් ගෘහණියකට…
ජපානයේ හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට ලක්වීමෙන් එක් අයෙකු මියගොස් තවත් 07 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ. ඉෂූ දූපත් ප්‍රදේශ ආශ්‍රිත පැසිෆික් මුහුදේ සබ්මැරීන් නිරීක්ෂණය සම්බන්ධ පුහුණු අභ්‍යාසයක නිරත වෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර අනතුරින් මියගිය එක් හමුදා සාමාජිකයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති අතර සෙසු පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවද ජපාන බලධාරීන් සඳහන් කරයි. අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති නමුත් හෙලිකොප්ටර් යානා දෙක එකිනෙක ගැටී කඩා වැටෙන්නට ඇති බවට සැක පළකරයි.
බක් පුරපසළොස්වක පොහෝය දිනය හේතුවෙන් එළඹෙන අප්‍රේල් 23 වනදා මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා. මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින්, වෙසක් පොහොය නිමිත්තෙන්ද , මැයි මස 22, 23 සහ 24 යන තෙදිනද මත්පැන්හල් වසා තැබීමට නියමිතයි.
ඉන්දීය මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දකුණු ඉන්දීය සුපිරි නළු විජෙයි චෙන්නායි හි පිහිටි ඔහුට අදාළ ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණි අවස්ථාවේ ඔහුව දැකබලාගැනීමට එම ස්ථානයට විශාල පිරිසක් රැස්ව ඇත. එහිදී ඇතිවූ උණුසුම් තත්ත්වය හමුවේ පොලීසිය පැමිණ තත්ත්වය පාලනය කර පෝලිමේ නොසිට විජෙයි හට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති අතර විජෙයි නීතිවිරෝධී ලෙස ඡන්දය ප්‍රකාශ කර ඇති බවට චෙන්නායි පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇත. විශාල පිරිසක් පිරිවරාගෙන ජනතාවට හිරිහැර වන අයුරින් ඡන්ද මධ්‍යස්ථානය වෙත පිවිසීම ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනාව වන අතර මේ සම්බන්ධයෙන් චෙන්නායි පොලීසිය මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
අද දිනයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණු සහ වයඹ පළාත්වල මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමුකළ යුතු මට්ටමක” පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
රටේ මෙන්ම ජනතාවගේ ද ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පසුගිය ආර්ථික අර්බුදය හමුවේ බේදයකින් තොරව රටේ සියලු ජනතාව පීඩාවට පත් වූ බවත් එබැවින් රටේ ගොඩනැගෙන ආර්ථිකයේ ප්‍රතිලාභද එම සියලුදෙනාට හිමිවිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඌවපරණගම, අඹගස්දෝව මහජන ක්‍රීඩාංගනයේ ඊයේ (21) පැවති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි. මෙම වැඩසටහන යටතේ මුළු දිවයිනම ආරවණය වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74ක් වෙත අප්‍රේල් සහ මැයි මාස දෙකක කාලයක් සඳහා…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු ස්ප්‍රිං රැස්වීම් 2024 සඳහා සහභාගි වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හි පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ගීතා ගෝපිනාත් මහත්මිය සමඟ ද්විපාර්ශවික සාකච්ජාවක් පැවැත්වීය. උද්ධමනය අඩු කිරීම, රාජ්‍ය ආදායම් වැඩි කිරීම සහ පාලන ප්‍රතිසංස්කරණ ඇතුළු අංශ කිහිපයකින් ලබා ඇති ස්ථාවර ප්‍රගතිය පිළිබඳව සහ රජයේ කැපවීම පිළිබදව ශ්‍රී ලංකාවට ප්‍රශංශා කළා. ප්‍රතිසංස්කරණ දිගටම පවත්වා ගැනීම වැදගත් අවශ්‍යතාවයක් බව ඇය එහිදී අවධාරණය කළාය. ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සමීප සහයෝගීතාවය ආර්ථිකය පරිවර්තනය කිරීමේදී ප්‍රධාන වූ බවත්, ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල රටට දැන් ලැබෙමින් පවතින බවත් ප්‍රකාශ කළ…
2023 වර්ෂයේ පවත්වන ලද ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සීමිත තරග විභාගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. එම ප්‍රතිඵල අනුව සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලත් 735 දෙනකුගේ නාම ලේඛනය මේ වන විට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ඇතුළත් කර ඇති අතර www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අපේක්ෂකයන්ට එම ප්‍රතිඵල බැලීමේ හැකියාව පවතී. 2019 වර්ෂයට පසු වසර පහක පමණ කාලයක් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සීමිත තරග විභාග පවත්වා නොමැති අතර අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ උපදෙස් සහ සෘජු මැදිහත්වීම මත දිවයිනේ සියලු පළාත්වල පවතින ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා මෙම තරග විභාගය…
උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය එළඹෙන අප්‍රේල් 24 දින ජනතා අයිතියට පත්කිරීම සඳහා සියළු කටයුතු සූදානම් කර ඇතිබව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි. වන්නිආරච්චි මහත්මිය මේ බව කියා සිටියේ උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ සංචාරයක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය එළඹෙන අප්‍රේල් 24 දින ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ඉරාන ජනාධිපති ඉබ්‍රහීම් රයිසි මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කිරීමට සියලු සැලසුම් සකස් කර තිබෙන බව සඳහන් කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මාය මෙම ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කර, එහි ප්‍රතිලාභ ජනතාවටත් රටටත් අත්කර දීමට හැකිවීම ජයග්‍රහණයක් බව ද කියා සිටියාය.…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222