Author: Kesara Athipola

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුළදී අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමන්රත්න නැමැත්තා ජීවිතක්ෂයට පත්වුණා. පොලීසිය පැවසුවේ, නීතිඥවරයෙකු ලෙස සැරසුණු පුද්ගලයෙකු විසින් අධිකරණය තුළදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. වෙඩිතැබීමට සඳහා යොදා ගත් රිවොල්වරය මේ වන විට අධිකරණය භූමියේ තිබී සොයාගෙන තිබෙනවා. නඩු කටයුත්තක් වෙනුවෙන් ගනේමුල්ල සංජීව අද පෙරවරුවේ බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙනවිත් තිබුණා. මේ වනවිට අධිකරණ පරිශ්‍රය තුළ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා ප්‍රකාශ කළේ.

තව කියවන්​න

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ විමසිලිමත් වන ලෙද දන්වා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දිවයිනේ පළාත් 5කට සහ ප්‍රදේශ කිහිපයක හෙට (19) දිනයේ උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බව සඳහන් කරනවා. උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත් සහ රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල එලෙස උණුසුම ඉහළ යා හැකි බවට දැනුම් දී තිබෙනවා. ඒ අනුව, අදාළ ප්‍රදේශවල ජනතාවට ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසටත්, වැඩි වෙලාවක් සෙවණ ඇති ස්ථාන වල හැකි පමණ විවේකීව සියන ලෙසටත් දැනුම් දී තිබෙන අතර වැඩිහිටි, රෝගී පුද්ගලයින් මෙන්ම කුඩා ළමුන් පිලිබඳ…

තව කියවන්​න

පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ ඔහුගේ පුත්‍රයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය හමුවට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී ඔවුන් දෙදෙනාව අද (18) දිනයේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නීතිවිරෝධීව එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් කොටස් කර සඟවා තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි.

තව කියවන්​න

Nutella නිර්මාතෲ Francesco Rivella මියගොස් තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 97ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉතාලි මාධ්‍ය විසින් Nutella හි “පියා” ලෙස Francesco Rivella නම් කර තිබුණා. 1952 දී ඉතාලි චොකලට් සහ රසකැවිලි සමාගමක් වන ෆෙරේරෝ හි ඔහු සේවය කිරීම ආරම්භ කළ ඔහු ඉන් වසර දොළහකට පසු Nutella ලොවට හඳුන්වා දුන්නා.

තව කියවන්​න

අද (18) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි සුළු ඉහළ යෑමක් පෙන්නුම් කරනවා. ඒ අනුව අද (18) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 291.25ක් ලෙස සටහන් වූ අතර, එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 299.25ක් ලෙසයි. මහජන බැංකුව වාර්තා කරන පරිදි ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 290.27 සිට රු. 290.02 දක්වා අඩු වී තිබෙනවා. එමෙන්ම එහි විකුණුම් අනුපාතිකය ද රු. 300.68 සිට රු. 300.43 දක්වා පහත වැටී තිබෙනවා.

තව කියවන්​න

පාන් මිල පහළ ගියද අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් වෙනස් නොවන බව බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරනවා. අද මාධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය එකඟතාව පළ කර ඇති බව වෙළෙඳ අමාත්‍යංශය පවසනවා. මේ අතර, අද සිට ක්‍රියාත්මක වන පරිදි තිරිගු පිටි කි‍ලෝවක මිල රුපියල් 10කින් පහළ දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩීබ් සමාගම් ඊයේ තීරණය කළා. වෙළඳ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ මැදිහත් වීමෙන් මිල අඩුකිරීමට අදාළ සමාගම් පියවර ගත් බවයි.

තව කියවන්​න

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, බලයට පත්වීමෙන් පසුව සිදු කළ 04වැනි විධායක නියෝගය නිකුත් කර තිබෙනවා. ඒ අමෙරිකාව තුළ සිටින සංක්‍රාන්තික ලිංගික කාන්තාවන් ‘කාන්තා ක්‍රීඩා’ සඳහා ඇතුලත් කිරීමේ අවස්ථාව තහනම් කරමින් විශේෂ විධායක නියෝගයක් බවයි වාර්ථාවන්නේ. ඒ අනුව මින් ඉදිරියට කිසිදු සංක්‍රාන්තික කාන්තාවකට හෝ ගැහැනු දරුවෙකුට ‘කාන්තා ක්‍රීඩා’වල නිරත වීමේ අයිතිය අහෝසි වී යනු ඇතී.

තව කියවන්​න

බංග්ලාදේශ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාගේ පවුලට අයත් ඩකා හි පිහිටි නිවස ගිනි තබා විනාශ කර තිබෙනවා. මෙලෙස ගිනි තබා ඇත්තේ ඇගේ පියා එනම් නිදහස් බංග්ලාදේශයේ නිර්මාතෘ ලෙස සැලකෙන ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ නිවස වන අතර හසීනාගේ අවසරයෙන් අනුස්මරණ කෞතුකාගාරයක් ලෙස සංවර්ධනය කර තිබූ මේ නිවස ගිනි තබා තිබුණේ හසිනා පවුලට එරෙහිව විරෝධතාවක නිරතව සිටි පිරිසක් විසින් බවයි සඳහන් වන්නේ.

තව කියවන්​න

සැබෑ නිදහස යනු අප ජාතියේ ස්වෛරීත්වය පමණක් නොව ගෞරවාන්විතව, යුක්ති ගරුකව සහ පීඩනයකින් තොරව සෑම දෙනාටම ජීවත් වීමේ අයිතිය තහවුරු කර දීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 77 වන් ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා. අග්‍රාමාත්‍යතුමියගේ නිදහස් දින පණිවුඩය පහතින්. සැබෑ නිදහස යනු අප ජාතියේ ස්වෛරීත්වය පමණක් නොව ගෞරවාන්විතව, යුක්ති ගරුකව සහ පීඩනයකින් තොරව සෑම දෙනාටම ජීවත් වීමේ අයිතිය තහවුරු කර දීමයි. එසේම සැබෑ නිදහස තහවුරු කිරීමේ දී වාර්ගික, ආගමික, කුල, ගෝත්‍ර, ස්ත්‍රී පුරුෂ හෝ පන්ති භේදයකින් තොරව සෑම දෙනාටම එකාමෙන් ජීවත්වීමේ පරිසරයක් තහවුරු කර දිය යුතුව ඇත. එවිට සමාජය තුළින්ම සාධාරණත්වය පිළිබිඹු වේ. “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”…

තව කියවන්​න

යුද්ධය මුවාවෙන් රට තුළ බිහි වූ ඒකාධිපති වියරුව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මරු පහරක් බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසනවා. එ හේතුවෙන් පවතින දූෂිත ක්‍රමවේදය වෙනස්කොට රටට සැබෑ නිදහසක් උදාකරලීම වෙනුවෙන් වහාම වත්මන් ව්‍යවස්ථාව අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස කාදිනල් හිමියන් ජනපති ඇතුළු වත්මන් රජයෙන් ඉල්ලා සිටි‍යා. 77 වන නිදහස් දිනය නිමිත්තෙන් අද (04) උදෑසන බොරැල්ලේ සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ දී පැවති දිව්‍ය පුජාවට එක්වෙමින් උන්වහන්සේ මෙම ඉල්ලීම සිදු කළා.

තව කියවන්​න