Author: Kesara Athipola

දැනට රෝගාතුරුව පසුවන උතුරු පලාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතාගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය. යාපනයේ පිහිටි විග්නේෂ්වරන් මහතාගේ නිවසට පසුගියදා රාත්‍රියේ පැමිණි ජනාධිපතිවරයා ඒ මහතාගේ සුව දුක් විමසමින් සුහද කතා බහක නිරත වූ අතර ඒ මහතා වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.

තව කියවන්​න

අලි මිනිස් ගැටුම වැඩි වශයෙන් පවතින ගම්මාන හා ගොවිබිම් ආරක්ෂා කිරීම සඳහා ‘තාවකාලිකව කෘෂි විදුලි වැට’ හා ‘ගම්මාන විදුලි වැට’ ලෙස නියමු ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ. වන අලි මිනිස් ගැටුම් පාලනය සඳහා මෑත කාලීනව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රේඛීය ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිතිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (20) පැවැති සාකච්ඡාවේ දී මේ බව අනාවරණය විය.

තව කියවන්​න

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි. එබැවින්, හෙට (22) දින දිවයිනේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාතාංශය නිවේදනය කරයි. එසේම පවත්නා තත්ත්වය මත අවස්ථානුකූලව තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවතින බව ද මෙයින් දැනුම් දෙමු.

තව කියවන්​න

තායිලන්තයේ අගමැතිවරයාගේ උපදෙස් මත මෙරටට පැමිණි සිටින තායිලන්ත රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශ නියෝජනය කරන දුත පිරිසක් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් ඊයේ (20) එම අමාත්‍යාංශයේ දී පැවැත්විණ. මෙම දූත පිරිස මෙරට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් වන ආයෝජන අවස්ථා හා මෙරට විදුලිබල උත්පාදන වැඩපිළිවෙල සදහා දායකත්වය ලබාදීම වෙනුවෙන් අවබෝධය ලබා ගැනීමේ අරමුණින් මෙරටට පැමිණ ඇත. විදුලිබල ක්ෂේත්‍රය සඳහා වන රජයේ ප්‍රතිපත්තිමය සැලසුම්, විදුලිබල පද්ධති ඒකාබද්ධ කිරීම, විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන, ආයෝජන අවස්ථා සහ හරිත හයිඩ්‍රජන් වැඩසටහන මෙන්ම බලශක්ති සහයෝගිතාව සම්බන්ධයෙන් මෙම හමුවේ දී සාකච්ඡාවට ගැණින. තායිලන්තයේ විදේශ කටයුතු අමාත්‍යාංශය, බලශක්ති අමාත්‍යාංශය, තායිලන්ත තානාපති කාර්‍යාලය, එරට…

තව කියවන්​න

අත්තනගලු ඔය ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීමත් සමග දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල යන ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

තව කියවන්​න

තායිලන්ත තානාපති H.E. Paitoon Mahapannaporn සහ බුද්ධශාසන, අගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරු අතර සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (20) පැවැත්විණි. තායිලන්ත රජය විසින් රාජ්‍ය නිලධාරීන්ට ලබාදුන් තාවකාලික පැවිද්ද සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර ඒ සඳහා මේ වන විටත් බොහෝ රාජ්‍ය නිලධාරීන් කැමැත්ත දන්වා ඇති බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. එසේම දෙරට අතර බුදු දහම සම්බන්ධයෙන් සබඳතා ගොඩනැංවීම, සංස්කෘතික වෙනස්කම් හුවමාරු කර ගැනීම, සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම, සංස්කෘතික සබඳතා පිළිබඳව සොයා බැලීම ආදී කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. එමෙන්ම රටවල් දෙක තුළ පවතින සංස්කෘතිය දෙරට පුරවැසියන්ට ලබා දීම, ප්‍රවර්ධනය කිරීම ශක්තිමත්…

තව කියවන්​න

කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීමත් සමග බුලත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර යන ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් වාරිමාර්ග දෙපර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

තව කියවන්​න