හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 2 ට ඉන්දියාවේ නව දිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිතයි.
සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් සදහා වන විශේෂ දේශනයක් සඳහා ඔහු මෙලෙස ඉන්දියාව බලා පිටත්ව යනු ඇති.
රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් නව දිල්ලි නුවර භාරත මණ්ඩපයේදී හෙට දින මෙම දේශනය පැවැත්වෙනු ඇති.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර් සහ ඔස්ටේ්‍රලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් යන මහත්වරුන් ද මෙහිදි දේශන පැවැත්වීමට නියමිතයි.
දකුණු ආසියාව සම්බන්ධයෙන් වන දේශනය පවත්වනු ලබන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වීම විශේෂත්වයක්.
මෙම ඉන්දීය සංචාරයේදී රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ හමුවක්ද පැවැත්වීමට නියමිතයි.
උණුසුම් පුවත්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට














