Author: Dhanushka

අද ආරම්භ වූ “හොංකොං සික්සර්ස්” ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය හිමි කර ගැනීමට හොංකොං කණ්ඩායම සමත් වුණා. ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම අතර පැවති මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 6 තුළදී සියලු දෙනා දැවී ලකුණු 79 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හොංකොං පිතිකරුවෝ පන්දුවාර 4 ක් තුළදී කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 80 ක් ලබා ගනිමින් ජය හිමි කරගත්තා. ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී ෘ කාණ්ඩයෙන් ක්‍රීඩා කරනු ලබනවා. ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන මීළඟ තරගය බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන අතර, එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 12.10 ට ආරම්භ වනු ඇති.

තව කියවන්​න

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා. ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතා අද මෙලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

2024 වසරේ දී කැනඩාවේ ඔටාවා හිදි ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පැනවීමට එරට අධිකරණයක් නියෝග කර තිබෙනවා. මෙලෙස සිර දඩුවම් නියමව ඇත්තේ ෆෙබි්‍රයෝ ඩි-සොයිසා වන කැනඩාවේ අධ්‍යාපනය ලබමින් සිටි වයස අවුරුදු 20 ක් වූ ශ්‍රී ලාංකික තරුණයෙකුටයි. ළමුන් සිව්දෙනෙකු, ඔවුන්ගේ මව සහ පවුලේ ඥාතියෙකු ඇතුළු 6 දෙනෙකු ඝාතනය කිරීම සහ එම පවුලේ පියාව ඝාතනය කිරීමට තැත් කිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාවන් වනවා. ඔහුට එරෙහිව ඇති සියළු චෝදනා ඔහු විසින් පිළිගෙන තිබෙනවා. තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා පවසා ඇත්තේ මෙම ඝාතන ඔටාවා හි සිදු වූ දරුණුතම අපරාධවලින් එකක් බවයි.

තව කියවන්​න

කෝටි දෙකක පමණ වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් එප්පාවල ප්‍රදේශයේ විදුහල්පතිවරයාගේ සේවය අත්හිටුවා තිබෙනවා. උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා. ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරියකගේ සැමියා වන අදාළ විදුහල්පතිවරයා පසුගියදා හෙරොයින් කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 118 ක් සමග අත්අඩංගුවට ගනු ලැබුවා. එම විදුහල්පතිවරයාට අයත් එප්පාවල පිහිටි හෝටලයක සඟවා තිබියදී මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගත් අතර ඒවා ඔහුගේ පුත්‍රයා විසින් ගෙනැවිත් සඟවා තිබූ ඒවා බවට විමර්ශනවලදී හෙළි වුණා. අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා එළඹෙන 12 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබාදී තිබෙනවා.

තව කියවන්​න

මෙලිසා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ජැමෙයිකාවට සහ කියුබාවට ඉන්දියාව මානුෂීය ආධාර සහ ආපදා සහන ටොන් 40 ක ද්‍රව්‍ය යවා තිබෙනවා. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, ඒ හරහා අර්බුදකාරී කාලවලදී ගෝලීය දකුණු හවුල්කරුවන් සමඟ සිටීමට නවදිල්ලියේ කැපවීම නැවත තහවුරු කර ඇති බවය. අදාළ රටවල් දෙක සඳහා ටොන් 20 බැගින් සහනාධාර රැගත් ඉන්දීය ගුවන් යානයක් ඊයේ උදෑසන නවදිල්ලියෙන් පිටත්ව ගොස් තිබුණා. මෙම ආධාර අතර ආහාර ද්‍රව්‍ය, ඖෂධ, වෛද්‍ය උපකරණ, විදුලි ජනක යන්ත්‍ර, සනීපාරක්ෂක කට්ටල සහ තවත් ආධාරක ද්‍රව්‍ය තොගයක් ඇතුළත්. ජැමෙයිකාවට, හයිටියට සහ කියුබාවට දැඩි බලපෑම් එල්ල කළ මෙලිසා සුළි කුණාටුව හමුවේ කැරිබියන් දූපත්වලට දැඩි බලපෑම් එල්ලවුණා.

තව කියවන්​න

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ පළමු අදියර හෙටින් අවසන් වනවා. ඒ අනුව සිංහල සහ දෙමළ පාසල්වල දෙවන අදියර දෙසැම්බර් මස 08 වන දින ආරම්භ වනු ඇති. මුස්ලිම් පාසල්වල දෙවන අදියර නොවැම්බර් 24 වන දින ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශ දැනුම් දෙන්නේ.

තව කියවන්​න

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස මොහොමඩ් අෂ්රෆුල් පත් කර තිබෙනවා. ඒ අනුව ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන අයර්ලන්ත සංචාරයේ සිට ඔහු පිතිකරණ පුහුණුකරු ලෙස කණ්ඩායමට එක්වනු ඇති බවයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ. මොහොමඩ් අෂ්රෆුල් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වනවා. ඔහු ටෙස්ට් තරග 61 ක්, එක්දින තරග 177ක් සහ විස්සයි විස්ස තරග 23 ක් සඳහා ක්‍රීඩා කර තිබෙනවා. බංග්ලාදේශයේ හිටපු සහාය පුහුණුකරු මොහොමඩ් සලහුදීන් එම තනතුරෙන් ඉවත්වීමත් සමඟයි මෙලෙස මොහොමඩ් අෂ්රෆුල් ඒ සඳහා නම් කර ඇත්තේ.

තව කියවන්​න

මැලේසියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තුන්වන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 118 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාලිකා කණ්ඩායම සමත් වුණා. කොළඹ කොල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කලේ පළමුව පන්දුවට පහර දීමටයි. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් පමණක් දැවී ලකුණු 166ක් රැස් කළා. කෙසේ වෙතත් ලකුණු 167 ක ඉලක්කයක් හඹා යාම සදහා පිටියට පිවිසි මැලේසියානු ජාතික කාන්තා කණ්ඩායමට පන්දුවාර 13 යි පන්දු 05 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 48ක් පමණයි…

තව කියවන්​න

ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම පුද්ගලයින් 2024/2025 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙම මස 30 වන දිනට හෝ එදිනට පෙර භාරදීම අනිවාර්ය බව දැනුම් දී තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව දැනුම් දී ඇත්තේ. නියමිත දිනට ආදායම් බදු වාර්තා භාර නොදෙන පුද්ගලයින්ට එරෙහිව 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද එම නිවේදනයේ සදහන්. මේ පිළිබදව වැඩිදුර තොරතුරු 1944 අංකයෙන් හෝ අඅඅගසරාගටදඩගකන යන වෙබ් අඩවියෙන් හෝ ආසන්නතම දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයෙන් ලබා ගත හැකියි.

තව කියවන්​න

ශ්‍රී දළදා සමිඳුන්ගේ ගිහි භාරකාරත්වය සඳහා වන දියවඩන නිලමේ ධුරය සඳහා සුදුස්සකු තෝරා පත්කර ගැනීමේ රැස්වීම හෙට පැවැත්වෙනවා. මෙම රැස්වීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සෙංකඩගල බෞද්ධ මන්දිරයේදී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. මහා සංඝරත්නය ඇතුළු 267 ක පමණ නිලධාරීන් පිරිසක් දියවඩන නිලමේ පත්කර ගැනීම වෙනුවෙන් ඡන්දය ලබා දීමට සුදුසුකම් ලබා සිටිනවා. උඩරට රාජධානිය ඉංග්‍රීසින් අතට පත්වීමේ සිට මේ දක්වා දියවඩන නිලමේ ධුරයේ පුද්ගලයින් 19 දෙනෙකු කටයුතු කර තිබෙනවා. මෙවර පත්වන දියවඩන නිලමේවරයාට විහාර දේවාලගම් ආඥා පනතට අනුව 2035 වසර දක්වා මෙම ධුරයේ කටයුතු කිරීමට අවස්ථාව ලැබෙනු ඇති.

තව කියවන්​න