- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: accioAdmin
අරගල සමයේදී අත්අඩංගුවට ගත් පිරිසක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. 2022 මැයි මස 04වන දින පාර්ලිමේන්තු පිවිසුම අසලදී සිදුවූ විරෝධතාවයකට අදාලව අත්අඩංගුවට ගෙන තිබු විරෝධතාකරුවන් 13දෙනෙකුයි මෙලෙස නිදොස් කට නිදහස් කර ඇත්තේ. පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද කඩකිරීම, අයුතු අවහිරය ඇතුළු චෝදනා 13ක් යටතේ මෙම පිරිසට එරෙහිව අධිකරණයේ නඩු පවරා තිබුනා. කෙසේවෙතත් පැමිණිලි පාර්ශ්වය ලෙස කටයුතු කළ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත්කළ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි පරස්පරවීම හා සාධාරණ සැකයෙන් තොරව ඔප්පුවීම හේතුවෙන් මෙම විත්තිකරුවන් 13දෙනා නිදොස්කොට නිදහස් කිරීමටයි කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් අද නියෝග කරනු ලැබුවේ. හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපති තනතුරෙන් ඉල්ලා අස්වෙන ලෙස බල කරමිනුයි එවකට මෙම විරෝධතාවය…
වාණිජ්‍ය කටයුතුවල නිරත රාජ්‍ය ආයතනවල ව්‍යුහය වෙනස් කර රජයේ සංස්ථා සියල්ලම සමාගම් බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කතිකාවට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කලා. එහිදී වැඩිදුරටත් අදහස පල කල ජනාධිපතිවරයා සඳහන් කලේ මෙරට තුල පවත්නා නීති පිලිබඳ ජාත්‍යන්තරයට දැනීමක් නොමැති බවයි. එබැවින් ජාත්‍යන්තරයට ගැලපෙන නීති පද්ධතියක් සකස් කල යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කලේ. එහිදී වැඩිදුරටත් අදහස් පල කල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අසේල මහතා පවසන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමේ සුදානමක් පවතින බවයි. ඒ අනුව වත්මන් සභාපතිවරයාට සහ අධ්‍යක්ෂක මණ්ඩලයට ඉවත්වන ලෙස දැනුම්දී ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ . එමෙන්ම විදුලිය සහ ඉන්දන මිල අඩු වීම හේතුවෙන් එහි වාසියද පාරිභෝගික ජනතාවට හිමිවිය යුතු බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.
කිරි සිරවීම හේතුවෙන් බලන්ගොඩ මාරතැන්න ප්‍රදේශයේ දින 05 ක් වයසැති බිළින්දෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ජිවිතක්ෂයට පත් බිලිඳාට ඒ වනවිටත් නමක් හෝ තබා නොමැති බවයි වාර්තාවන්නේ. බිලිඳාගේ පශ්චාත් මරණ පරික්ෂණය බලන්ගොඩ මුලික රෝහලේදී අධිකරණ වෛද්‍ය නිළධාරිනි විශේඥ වෛද්‍ය අයි.එම් .රත්නායක මහත්මිය විසින් සිදු කරනු ලැබුවා.
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක සිටි සංචාරකයින් දෙදෙනෙකුට නාවලපිටිය ප්‍රදේශයේදී දුම්රිය සේවකයින් පිරිසක් පහර දීමේ සිද්ධියක් වාර්තා වෙනවා. අදාළ සංචාරකයින් දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍ර රැගෙන පළමු පන්තියේ ගමන් කර ඇති අතර ඒ අනුව, නාවලපිටිය දුම්රිය ස්ථානයේ සේවකයින් විසින් මෙම පහර දීම සිදුකර ඔවුන් දුම්රියෙන් එළියට ඇද දමා තිබෙන බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
වසර කිහිපයකට පසු ඩෙංගු ත්‍රී වෛරස් ප්‍රභේදය මෙරට තුළ පැතිරෙමින් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. ඔවුන් පෙන්වා දෙන්නේ යම් අයෙකුට උණ වැළඳි දින 2 ක් පවතින්නේ නම් ඩෙංගු රෝගී පරීක්ෂාවක් සිදු කර ගැනීම මගින් එය උග්‍ර වීම වළක්වා ගත හැකි බවයි. මේ අතර පවතින වැසි සහිත කාලගුණය සමග ඩෙංගු සහ මී උණ පැතිර යාමේ වැඩි අවදානමක් ද පවතින බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ. එමෙන්ම කෙරෝනා ආසාදිතයින් දිවයිනෙන් යළිත් වාර්තා වීම හේතුවෙන් ඒ පිළිබදව අවදානයෙන් සිටින ලෙස ද වෛද්‍යවරුන් පවසනවා. මේ අතර අදට යෙදී ඇති ස්වසන රෝග දිනය හේතුවෙන් සිය අදහස් දක්වමින් ස්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය බෝධික සමරසේකර මහතා…
බදුල්ල, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශ, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය සහ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ පස්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවලට මෙම නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව නිවේදනයේ සඳහන්. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවට දැනුම් දෙන්නේ අවදානයෙන් පසුවන ලෙසයි. ජල උල්පත් බොරවීම අවහිර වීම හෝ නැතිවීම, ගොඩනැගිලිවල ගෙබිම හා බිත්තිවල ඇති වන පිපිරීම්, පොළොවේ ඇති වන ඉරි තැලීම් ගැඹුරට හෑරුණු පැලුම් සහ පොළොවේ ගිලා බැසීම් තත්තවයන් ගැන නිතර අවදානයෙන් පසුවන ලෙස ඔවුන් වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර දිවයිනේ…
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4 කට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම ඊයේ සිට සීමා කර තිබෙනවා. එය නියාමනය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් කාර්යසාධන බලකායක් ද ස්ථාපිත කර ඇති බවයි නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ. නාගරික සංවර්ධන අධිකාරි පනතේ විධිවිධාන අනුව රෙගුලාසි පැනවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු මෙම තීරණය ගෙන තිබෙනවා.
පැවති දුෂ්කර කාල සීමාවන්ට මුහුණ දෙමින් අපොස උසස් පෙළ විභාගය සදහා පෙනී සිටි දරුවන්ගේ ප්‍රතිඵල කඩිනමින් ලබා දීමට කටයුතු කරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් දැක්වීම සිදු කළා.
පාසල් ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට තීරණය කර ඇති බව සමස්ථ ලංකා පාසල් ලමුන් ප්‍රවාහන සංගමය පවසනවා. ඉන්ධන මිල පහළ දැමීමත් සමග මෙම තීරණය ගත් බවයි එම සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා පැවසුවේ. මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සදහන් කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222