Author: accioAdmin

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වැල්ලවත්ත දුම්රිය ස්ථානය දක්වා වූ කොටසේ එක් දුම්රිය මාර්ගයක ගමනාගමනය සීමා කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද , හෙට සහ අනිද්දා යන තෙදින තුළ මෙම සීමා කිරීම සිදුවන බවයි.. කොම්පඤ්ඤ වීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර පාලමක නඩත්තු කටයුත්තක් හා ජල සම්පාදන මණ්ඩලයේ නල එළීමේ කටයුතු හේතුවෙන් මෙම සීමා කිරීම සිදුකරන බව සඳහන් . ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ද සිදුවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

තව කියවන්​න

පාසල් යන ගැහැණු දරුවන් ගේ මන්දපෝෂණ දර්ශකවලින් ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානය හිමිකරගෙන ඇති බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසනවා. කාන්තා දිනයට සමගාමීව ඊයේ සිනයේ පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මෙම අදහස් පල කලේ. එහිදී වැඩිදුරටත් අදහස් පල කල චමල් සංජීව මහතා කියා සිටියේ ප්‍රතිශතයක් ලෙස 16.8%ක් වන එය දෙවැනි වන්නේ ඉන්දියාවේ ප්‍රතිශයට පමණක් බවයි.

තව කියවන්​න

ලංකා සතොස ආයතනය මගින් අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 04ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා. අද දින සිට බලාත්මක වන පරිදි මෙම මිල අඩු කිරීම සිදුවන බව සඳහන්. ඒ අනුව කිරිපිටි, වියළි මිරිස්, සුදු කැකුළු සහ සුදු සීනි යන භාණ්ඩවල මෙලෙස මිල පහළ දමා ඇති බවයි ලංකා සතොස ආයතනය සදහන් කරන්නේ.

තව කියවන්​න

ආනයනික කිරිපිටි මිල තීරණය කිරීම සඳහා සකස් කෙරුණු මිල සූත්‍රය 2019 වසරේ සිට ක්‍රියාත්මක කර නොමැති බව අනාවරණ වී තිබෙනවා. ඒ හේතුවෙන් ආනයනික සමාගම් අධික ලාභයක් ලබමින් කිරිපිටි අලෙවි කර ඇති බවයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අනාවරණය වී ඇත්තේ. භාණ්ඩාගාරයේ සහ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ නිලධාරීන් එම කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී ,මේ පිලිබඳ ප්‍රකාශ වී තිබෙනවා. මෙහිදී අදහස් දැක්වූ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ නිලධාරියකු පැවසුවේ මිල සූත්‍රයක් සෑදුවද භාණ්ඩාගාරයෙන් ඊට අනුමැතිය නොලැබුණු බවයි.

තව කියවන්​න

මෙරට කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නව පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් කලේ එළඹෙන මැයි මාසයේදී එම පනත් ඉදිරිපත් කිරීමට නියමිත බවයි. කාන්තා දින සැමරුම් ජාතික උත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල කලා. ඒ අනුව කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත මෙලෙස ඉදිරිපත් කෙරෙනු ඇති.

තව කියවන්​න

පාරිභෝගික අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා ඇතුළු අධ්‍යක්ෂකවරයෙක් ඉල්ලා අස්වී තිබෙනවා. වත්මන් සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය වසර කිහිපයක සිටම එම තනතුරු දරණ අතර ඔවුන් ඉවත් කර නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කිරීමට වෙළඳ අමාත්‍යවරයා තීරණය කර තිබුනා. ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් පසුගියදා කල දැනුම් දීමට අනුවයි මෙම ඉල්ලා අස් වීම සිදුව ඇත්තේ.

තව කියවන්​න

නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාට පලා යාම සඳහා ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වීමෙන් අනතුරුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් ගේ රජකාරී වැඩ තහනම් කර තිබෙනවා. මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත සේවය කළ පොලිස් සැරයන්වරයකුගේ සේවයා මෙලෙස අත්හිටුවා ඇති බවයි පොලිස් මුලස්ථානය සඳහන් කලේ. හරක් කටා නැමැත්තා පොලිස් කොස්තාපල්වරයෙක්ගේ උදව් උපකාර මත පලායාම ට සැලසුම් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග හා උපදෙස් මත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන සිදුකරන අතර වාරයේදී ඒ සඳහා සූදානම් කර තිබූ යතුරුපැදිය සහ ආරක්ෂක හිස් වැස්මක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරිශ්‍රයේ තිබී සොයා ගැනුණා .

තව කියවන්​න

හිලෑ අලි ඇතුන් බෝ කර ගැනීම සඳහා නව අභිජනන මධ්‍යස්ථානයක් හබරණදී විවෘත කෙරුණා. මෙවන් ස්ථානයක් ශ්‍රී ලංකාව තුල ආරම්භ වන්නේ පළමු වරටයි. එමෙන්ම අලි ඇතුන්ට දේශීය හා බටහිර වෛද්‍ය ප්‍රතිකාර සිදුකරන පුද්ගලික රෝහලක් ඉදිකිරීමට ද හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ සාමාජිකයින් මෙහිදී පියවර ගෙන තිබෙනවා. මිට අමතරව ඇත් ගොව්වන් නමින් හැඳින්වෙන ඇතුන් රැකබලා ගන්නා ශිල්පීන්, හස්ති පාලකවරුන් ලෙස පුහුණු කිරීමේ කටයුතුද මෙම ස්ථානයේදී ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

කල්පිටියෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අතුරුදන්ව තිබෙනවා. එම යාත්‍රාවේ හිමිකරු විසින් ඒ පිලිබඳ පොලිසියට පැමිණිලි කර ඇති බව සඳහන්. අදාළ යාත්‍රාවේ ධීවරයින් තිදෙනෙක් ගමන් කර ඇති අතර ඔවුන් ඊච්චන්කාඩුව ප්‍රදේශයේ පදිංචි 21, 37 සහ 38 යන වයස්වල පසුවන බවයි යාත්‍රාවේ හිමිකරු පොලිසියට දැනුම් දී ඇත්තේ. මේ සම්බන්ධයෙන් නාවික හමුදාව දැනුවත් කර සෝදිසි කටයුතු ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කලේ.

තව කියවන්​න

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ලබන 12 වැනිදා විරෝධතා ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පවසනවා. ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කලේ 12 වනදා දහවල් කෑම පැයේදි දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට මෙම විරෝදතාව පවත්වන බවයි. වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය දැක්වු ජාතික රෝහලේ වෘත්තිය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වනවිට උත්සාහ ගනිමින් සිටිනා බවයි කොළඹ පවතී මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේ. එමෙන්ම සෞඛ්‍ය සේවකයන් සිදුකරනු ලබන වෘත්තිය සමිති ක්‍රියාමර්ගයකට මැදිහත්විමට වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි උපුල් රෝහණ මහතා අවධාරණය කලේ.…

තව කියවන්​න