Author: accioAdmin

අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීම මාර්තු 15 වනදායින් අවසන් වීමට නියමිතයි. ඒ සඳහා මෙතෙක් අයදුම්පත් ඉදිරිපත් කර නොමැති පුද්ගලයන්ට මාර්ග ගත ක්‍රමයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් අයදුම්පත් යොමු කිරීමේ හැකියාව පවතින බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ. දෙවැනි අදියර යටතේ තෝරාගන්නා ප්‍රතිලාභීන් වෙත ජූලි මාසයේ සිට අදාළ ගෙවීම් සිදු කිරීමට නියමිතව තිබෙනවා. දැනට මිලියන 2කට ආසන්න පිරිසක් අසුවැසුම ප්‍රතිලාභ හිමි කර ගන්නා අතර එම සංඛ්‍යාව මිලියන 2.4 දක්වා ඉහළ නැංවීම දෙවැනි අදියරේ අපේක්ෂාවයි. ඒ සඳහා මෙවර අයවැය මගින් රුපියල් බිලියන 205ක මුදලක් වෙන් කර තිබෙනවා.

තව කියවන්​න

රට තුල පවතින අපරාධ හා මත්ද්‍රවය වැරදි පිලිබඳ පැහැදිලි වෙනසක් ලබන වසර තුල සිදු කිරීමට කටයුතු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. ඒ සඳහා සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම සහභාගී කරවා ගන්නා බවත් එහි මුලික පියවර හෙට දිනයේ සිට ආරම්භ කරන බවත් පොලිස්පතිවරයා අවධාරණය කලා.

තව කියවන්​න

සියයට 18ක් ව පවතින වට බද්ද සියයට 15 දක්වා අඩු කිරීමට සැලසුම සකස් කරමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ රට මේ වනවිට යම් දුරකට ශක්තිමත් වෙමින් පවතින බවයි.

තව කියවන්​න

මෙරට කාන්තාවන් 40%ක් පමණ කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත්වී ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. සනීපාරක්ෂක තුවා සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවීම ඊට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි එම සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ. රට තුල මතුව ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් සියලුම භාණ්ඩ සඳහා ගෙවිය යුතු මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා.

තව කියවන්​න

ඇල්පිටිය – තලාව ප්‍රදේශයේ තේ ඉඩමක තිබී මියගිය තරුණියකගේ සිරිරක් සොයාගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කරන්නේ අතුරුදන් වූ බවට වාර්තා වූ කරන්දෙණිය, තල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණියකගේ මල සිරුර මෙලෙස හමුවී ඇති බවයි. ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් ඊයේ කරන්දෙණිය තල්ගහවත්ත, ගඟපාර ප්‍රදේශයේදී ඇයව බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා. සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඇල්පිටිය පොලිස් ස්ථානය මඟින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

තව කියවන්​න

ගාසා තිරයේ වෙසෙන ජනතාවට අත්‍යවශ්‍ය මානුෂීය ආධාර රැගත් නෞකාවක් මෙම සති අන්තයේදී ගාසා තීරය බලා පිටත්වීමට නියමිතව තිබෙනවා. ස්පාඤ්ඤයට අයත් මෙම නෞකාව ගාසා තීරයට ආසන්නම යුරෝපා සංගමයේ රට වන සයිප්‍රසයෙන් පිටත් වීමට නියමිතයි. එය අලුතින් විවෘත කරන ලද නැව් මාර්ගයක් භාවිතා කරන බවයි විදෙස් වාර්තා පවසන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ගාසා තීරයේ ජනගහනයෙන් හතරෙන් එකක් සාගතයේ අභිමුව සිටින අතර ළමයින් කුසගින්නෙන් මිය යන බවයි.

තව කියවන්​න

ශ්‍රී ලංකාව තුල ජලභීතිකා රෝගය ඉහල යාමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා. නිදැල්ලේ හැසිරෙන සුනඛ ගහනය පාලනය කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් නොමැතිවීම මෙයට හේතු වී ඇති බව සඳහන්. නවතම සංඛ්‍යා ලේඛන වලට අනුව ලක්ෂ 60 කට අධික වීදි සුනඛයින් නිදැල්ලේ හැසිරෙන බවයි වාර්තා වන්නේ. එම සුනඛයින්ට වඳ සැත්කම් කිරීමේ වැඩසටහන ද මේ වන විට අඩපණ වී ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

තව කියවන්​න

සෙවනගල සීනි කම්හලේ සියලු සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. තම සේවකයින්ගේ වාර්ෂික දීමනා කප්පාදු කළ බව පවසමින් ඔවුන් මෙම වැඩවර්ජනය ඊයේ ආරම්භ කළා. මේ අතර කම්හලේ වැඩ වර්ජනය හේතුවෙන් තමන් කැපූ උක් අස්වනු ටොන් දහසක් විකුණා ගත නොහැකි බව පවසමින් සෙවණගල උක් ගොවීන් කිහිපදෙනෙකුද කම්හල ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

තව කියවන්​න

කොස්ගම මිරිස්වත්ත ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. සිමෙන්ති පැටවූ ලොරියක් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කලේ. අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් පිය පුතු දෙදෙනා මියගොස් ඇති අතර බරපතළ තුවාල ලැබූ මව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොස්ගම අලුබෝදල ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි පියකු සහ ඔහුගේ 08 හැවිරිදි පිරිමි දරුවායි . ලොරි රථයේ රියදුරාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කොස්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

තව කියවන්​න

වාලම්පුරියක් අලෙවි කිරීමට තැත්කළ හිමි නමක් අත්අඩංගුවට වාලම්පුරියක් අලෙවි කිරීමට ගිය හිමි නමක් හා පුද්ගලයකු කල්කුඩා තැපැල් කාර්යාලය ඉදිරිපට දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් සිදුකල සෝදිසි මෙහෙයුමකදියි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ. වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා ඔවුන් කල්කුඩා පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

තව කියවන්​න